Home Sinhala ගාල්ල අවසන් පන්දුවේ දී ජය ගනී

ගාල්ල අවසන් පන්දුවේ දී ජය ගනී

LPL 2024

35
LPL 2024

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (02) පස්වරුවේ නිමා වූ Galle Marvels සහ Jaffna Kings අතර තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Galle Marvels ක්‍රීඩකයෝ සමත් වූවා.

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Jaffna Kings ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle Marvels ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

ජයග්‍රහණය දෙපිලට ම දෝලනය වෙමින් ගිය තරගයේ තීරණය, අවසන් පන්දුව දක්වා ම ඇදී ගිය අතර එහි දී ගාලු ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරන්නේ අවසන් පන්දුවට අවශ්‍ය තිබූ ලකුණු 3ක් වෙනුවෙන් එල්ල කරන ලද හතරේ පහරක් ද සමඟයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 20ක් ව තිබිය දී අහිමි වූව ද ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ අංක 1 ස්ථානයෙන් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳාවක් ගොඩ නගමින් තම කණ්ඩායම වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගත්තා.

පැතුම් නිස්සංක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. ඊට කඩුල්ලකට පසුව අවිශ්ක ප්‍රනාන්දු ද පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටිය දී දැවී ගියා.

ඔවුන් දෙදෙනාගෙන් පසුව Jaffna Kings කණ්ඩායමට වැඩිම ලකුණු ප්‍රමාණයක් එක් කරන්නේ නායක චරිත් අසලංක විසිනුයි. ඔහු පන්දු 15කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී  Zahoor Khan ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Dwaine Pretorius සහ ඉසුරු උදාන එක් ව කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle Marvels ක්‍රීඩකයෝ තරගය වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගත්තා. ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල සහ Alex Hales එක් ව පළමු කඩුල්ලට එක් කළ සබඳතාව ලකුණු 66ක්. එ සඳහා ඔවුන් වැය කළේ පන්දු 43ක් පමණයි.

නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.

එසේ නමුත් එතැන් සිට ක්‍රියාත්මක වූ Alex Hales සහ Tim Seifert (10) එක් ව 2 වැනි කඩුල්ලට ද ලකුණු 44ක සබඳතාවක් එක් කළා.

ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් Alex Hales පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටිය දී දැවී යන අතර ඒ වෙද්දී ගාලු ලකුණු පුවරුව 127ක් ව තිබුණා.

ඉන් අනතුරු ව භානුක රාජපක්ෂ පන්දු 13ක දී හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ද සහ ජනිත් ලියනගේ පන්දු 13ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා සිටිය දී දැවී යන්නේ ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියදීයි.

ජනිත් ලියනගේ ගේ දැවී යෑමත් සමඟ තරගය වඩාත් උණුසුම් වෙන්නේ ජයග්‍රහණය සඳහා ගාලු ක්‍රීඩකයන්ට තවත් පන්දු 3ක දී ලකුණු 5ක අවශ්‍යතාවක් මතු වෙද්දීයි. නවක පිතිකරු ලෙසින් පිටියට පිවිසි සහන් ආරච්චිගේ තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ලකුණක් ලබා ගන්නා ලද අතර අනෙක් අන්තයේ සිටි Dwaine Pretorius ට ද ඊළඟ පන්දුවේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණක් පමණයි.

ඒ අනුව තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් ගාලු ක්‍රීඩකයන්ට අවශ්‍ය වෙනවා. එහි දී අසිත ප්‍රනාන්දු විසින් යැවුණ එම පන්දුවේ දී හතරේ පහරකින් තම අවශ්‍යතාව සපුරා ගැනීමට සහන් ආරච්චිගේ සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී Fabian Allen සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් දවා ගන්නා ලද අතර ධනංජය ද සිල්වා ද කඩුල්ලක් දවා ගැනීමට සමත් වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna Kings – කඩුලු 7ක් දැවී 177 (20.0) පැතුම් නිස්සංක 51, අවිශ්ක ප්‍රනාන්දු 59, චරිත් අසලංක 33, ධනංජය ද සිල්වා 18, Dwaine Pretorius 2/23, ඉසුරු උදාන 2/60, Zahoor Khan 3/34

 

Galle Marvels – කඩුලු 5ක් දැවී 179 (20.0) නිරෝෂන් දික්වැල්ල 47, Alex Hales 65, ජනිත් ලියනගේ 24, අසිත ප්‍රනාන්දු 2/40, Fabian Allen 2/33

 

Galle Marvels කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • තරගයේ වීරයා – Alex Hales (Galle Marvels)

2024 Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Galle Marvels
179/5 (20)

Jaffna Kings
177/7 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Alex Hales b Dwaine Pretorius 51 33 6 2 154.55
Kusal Mendis c Isuru Udana b Zahoor Khan 4 7 0 0 57.14
Avishka Fernando c Maheesh Theekshana b Dwaine Pretorius 59 48 7 1 122.92
Rilee Rossouw lbw b Zahoor Khan 1 7 0 0 14.29
Charith Asalanka c Bhanuka Rajapaksa b Zahoor Khan 33 15 3 2 220.00
Dhananjaya de Silva c Janith Liyanage  b Isuru Udana 18 8 2 1 225.00
Fabian Allen lbw b Isuru Udana 0 1 0 0 0.00
Vijayakanth Viyaskanth not out 1 1 0 0 100.00
Pramod Madushan not out 4 1 1 0 400.00


Extras 6 (b 0 , lb 0 , nb 1, w 5, pen 0)
Total 177/7 (20 Overs, RR: 8.85)
Bowling O M R W Econ
Dwaine Pretorius 4 0 23 2 5.75
Isuru Udana 4 0 60 2 15.00
Zahoor Khan 4 0 34 3 8.50
Maheesh Theekshana 4 0 24 0 6.00
Malsha Tharupathi 3 0 23 0 7.67
Janith Liyanage  1 0 13 0 13.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c & b Dhananjaya de Silva 47 27 8 1 174.07
Alex Hales b Fabian Allen 65 47 7 2 138.30
Tim Seifert b Fabian Allen 10 13 1 0 76.92
Bhanuka Rajapaksa c Vijayakanth Viyaskanth b Asitha Fernando  13 13 0 1 100.00
Janith Liyanage  c Pathum Nissanka b Asitha Fernando  25 13 3 1 192.31
Dwaine Pretorius not out 9 5 0 1 180.00
Sahan Arachchige not out 5 2 1 0 250.00


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 179/5 (20 Overs, RR: 8.95)
Bowling O M R W Econ
Jason Behrendorff 4 0 37 0 9.25
Asitha Fernando  4 0 40 2 10.00
Pramod Madushan 2 0 25 0 12.50
Dhananjaya de Silva 4 0 16 1 4.00
Vijayakanth Viyaskanth 2 0 26 0 13.00
Fabian Allen 4 0 33 2 8.25