2021 LPL තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය කිරීම අනිවාර්යය වූ 7 වැනි තරගයේ දී, Dambulla Giants කඩුලු 6ක පරාජයකට ඇද දැමූ Kandy Warriors දෙවැනි වටය සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා තබා ගැනීමට අද (16) රාත්‍රියේ සමත් වුනා.
ඒ අනුව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගන්නේ කුමන කණ්ඩායම ද යන්න, පළමු වටයේ අවසන් තරගය ලෙසින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත Colombo Stars සහ Kandy Warriors අතර තරගයේ තීරණය මත පදනම් වනු ඇත.
අද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
Dambulla Giants XI: Phil Salt, Niroshan Dickwella (wk), Janith Liyanage, Najibullah Zadran, Dasun Shanaka (c), Ramesh Mendis, Chamika Karunaratne, Tharindu Ratnayake, Sachitha Jayathilake, Imran Tahir, Marchant de Lange
Kandy Warriors XI: Kennar Lewis, Charith Asalanka, Kamindu Mendis, Angelo Perera (c), Ravi Bopara, Minod Bhanuka (wk), Ahmed Shehzad, Nimesh Vimukthi, Asela Gunaratne, Shiraz Ahmed, Binura Fernando
තරගාවලිය පුරාවට සාර්ථක වුනු Giants ආරම්භක පිතිකරුවන් වූ Salt සහ දික්වැල්ලගේ කඩුලු පළමුව දවා ගත් බිනුර 18 වැනි පන්දුවාරයේ දී Giants සචිත ජයතිලකගේ කඩුල්ල ද දවා ගනිමින් සිය පන්දුවාර 4 ලකුණු 22කට සීමා කරමින් හොඳම දක්ෂතාවය දැක්වූ පන්දු යවන්නා බවට පත්වුනා. ඔහුට අමතරව Al-Amin Hossain ලකුණු 32කට කඩුලු 3ක් සහ Shiraz Ahmed එක් කඩුල්ලක් දවා ගත්තා.
ආබාධයකට ලක්වුණු නායක දසුන්ගේ නික්ම යෑමත් සමඟ නැවත Najibullahගේ සහ චාමිකගේ කඩුලු දවා ගත් Al-Amin Hossain 11 වැනි පන්දුවාරය වන විට Giants ලකුණු පුවරුව ලකුණු 56කට කඩුලු 5ක් ලෙස අසරණ කර දැමුවා.
කෙසේ නමුත් සචිත සමඟ එක්වුණු රමේෂ් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක දී ලකුණු 49ක අගනා සම්බන්ධතාවයක් ගොඩනංවමින් Giants ලකුණු සටහන තරගකාරී මට්ටමක් දක්වා රැගෙන ගියා.
11 වැනි පන්දුවාරයේ දී පිටියට පිවිසි රමේෂ් අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට දැවී යන තෙක්ම කඩුල්ලේ රැඳෙමින් Warriors ලකුණු පුවරුව ලකුණු 130ක් දක්වා ඉහළ දමා ගැනීමට අවශ්‍ය වුනු පසුපෙළ සවිය ලබා දුන්නා.
පන්දු 28කට මුහුණ දුන් රමේෂ් ලකුණු 41ක් රැස්කර ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඉනිමට ඇතුළත් කරගෙනයි. ඔහු සමඟ පන්දුවට පහර දුන් සචිත පන්දු 40කට මුහුණ දෙමින් ලකුණු 34ක් ලබාගෙන ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු අතර පසුගිය තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් ජනිත් මේ තරගයේ දී ලකුණු නොලබාම දැවී ගියා.
පන්දු රැකීමේ දී ද Warriors ක්‍රීඩකයින් ඉහළ විශ්වාසයකින් යුතුව කටයුතු කළ අතර එහි දී Lewis සහ නායක ඇන්ජලෝ පෙරේරා රැක ගත් උඩ පන්දු කැපී පෙනුණා.
Giants දැවී ගිය කඩුලු 9න් 7ක්ම වේගපන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණු අතර දසුන් ශානක ආබාධයක් හේතුවෙන් ලකුණු 4ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත්ව ගියා. කඩුලු 9ක් බිඳ වැටී තිබිය දීත් ඔහු නැවතත් පන්දුවට පහර දීමට නොපැමිණීම Giants කණ්ඩායමට විශාල පාඩුවක් වුනා.
- සීකුගේ හයේ වැස්සෙන් Colombo Stars ජය ගනී
- ජනිත්ගේ අර්ධ ශතකය අපතේ යවමින් Gladiatorsට තියුණු ජයක්
- Jaffna Kings දඟපන්දු යවන්නන් හමුවේ Dambulla Giants ඇඹරෙයි
ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය Warriors වෙනුවෙන් Bopara එල්ල කළ හයේ පහරත් සමඟ පන්දු 4ක් ඉතිරිව තිබිය දී Warriors ජයග්‍රහණය තහවුරු වුනා. Giants පන්දු යැවීම වෙනුවෙන් සුපුරුදු පරිදි ඔවුන්ගේ දඟපන්දු යවන්නන් වුනු Thahir සහ රමේෂ් ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 4 බැගින් පන්දුවාර 8ක් ලකුණු 36කට සීමා කරමින් Warriorsට දැඩි තර්ජනයක් ගෙන දුන්නත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.
4 පහර 3ක් සහ 6 පහර 2ක් සමඟ සිය අත්දැකීම් මැනවින් ප්‍රයෝජනයට ගත් Bopara පන්දු 50ක දී නොදැවී ලකුණු 59*ක් ලබා ගනිමින් Warriors ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත්තා.
ඊට අමතරව නායක ඇන්ජලෝ සමඟ එක්වූ Bopara හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ද සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43ක දී රැස් කරන ලද ලකුණු 60ක නොබිඳුණු සබඳතාවය Warriors ජයග්‍රහණය පහසු කළා. ඒ වෙනුවෙන් ඇන්ජලෝ පන්දු 22ක දී ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | b | 12 | 9 | 0 | 0 | 133.33 |
Phil Salt | b | 3 | 9 | 0 | 0 | 33.33 |
Janith Liyanage | c & b | 0 | 4 | 0 | 0 | 0.00 |
Dasun Shanaka | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Najibullah Zadran | c & b | 14 | 17 | 0 | 0 | 82.35 |
Sachitha Jayathilake | c & b | 34 | 40 | 0 | 0 | 85.00 |
Chamika Karunaratne | c & b | 0 | 3 | 0 | 0 | 0.00 |
Ramesh Mendis | b | 41 | 28 | 0 | 0 | 146.43 |
Marchant De Lange | c & b | 1 | 2 | 0 | 0 | 50.00 |
Tharindu Rathnayake | run out () | 1 | 1 | 0 | 0 | 100.00 |
Imran Tahir | not out | 5 | 2 | 0 | 0 | 250.00 |
Extras | 15 (b 0 , lb 1 , nb 0, w 14, pen 0) |
Total | 130/9 (20 Overs, RR: 6.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nimesh Vimukthi | 4 | 0 | 22 | 1 | 5.50 | |
Binura Fernando | 4 | 0 | 22 | 2 | 5.50 | |
Kamindu Mendis | 4 | 0 | 27 | 0 | 6.75 | |
Shiraz Ahmed | 4 | 0 | 26 | 1 | 6.50 | |
Al-Amin Hossain | 4 | 0 | 32 | 3 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kennar Lewis | c & b | 27 | 26 | 0 | 0 | 103.85 |
Charith Asalanka | lbw b | 4 | 2 | 0 | 0 | 200.00 |
Nishan Madushka Fernando | not out | 59 | 50 | 0 | 0 | 118.00 |
Minod Bhanuka | c & b | 8 | 10 | 0 | 0 | 80.00 |
Kamindu Mendis | lbw b | 2 | 6 | 0 | 0 | 33.33 |
Angelo Perera | not out | 29 | 22 | 0 | 0 | 131.82 |
Extras | 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0) |
Total | 135/4 (19.2 Overs, RR: 6.98) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Imran Tahir | 4 | 0 | 17 | 2 | 4.25 | |
Tharindu Rathnayake | 4 | 0 | 28 | 0 | 7.00 | |
Sachitha Jayathilake | 4 | 0 | 30 | 0 | 7.50 | |
Marchant De Lange | 3.2 | 0 | 38 | 0 | 11.88 | |
Ramesh Mendis | 4 | 0 | 19 | 2 | 4.75 |
තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න, ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<