2021 LPL තරගාවලියේ 16 වැනි තරගය ඊයේ (14) රාත්‍රියේ දී Dambulla Giants සහ Galle Gladiators කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ Gladiators ලකුණු 9ක ජයක් ලබා ගනිමින්.
එම ජයග්‍රහණයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට Gladiators සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් Giants නායක දසුන් ශානක පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළා. අයහපත් කාලගුණ තත්වයෙන් එල්ල වුනු බලපෑම නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.
Giants කණ්ඩායම Sohaib Maqsood, නුවන් ප්‍රදීප් සහ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවට ජනිත් ලියනගේ, සචිත ජයතිලක සහ Najibullah Zadran කණ්ඩායමට කැඳවා තිබුණු අතර Gladiators කණ්ඩායම නුවන් තුෂාර වෙනුවට පුලින තරංග කණ්ඩායමට කැඳවා තිබුණා.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
GG: Kusal Mendis, Danushka Gunathilaka, Mohammad Hafeez, Bhanuka Rajapaksa (c), Samit Patel, Isuru Udana, Mohammed Shamaaz (wk), Dhananjaya Lakshan, Noor Ahmad, Mohammad Amir, Pulina Tharanga
DG: Philip Salt, Niroshan Dickwella (wk), Janith Liyanage, Najibullah Zadran, Dasun Shanaka (c), Ramesh Mendis, Chamika Karunaratne, Tharindu Ratnayake, Sachitha Jayathilake, Imran Tahir, Joshua Little
Gladiators ඔවුන්ගේ පළමු පන්දුවාර 8කුත් පන්දු 3ක් තුල කඩුලු 3ක් දැවී ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වුනත්, පසුව ඔවුන්ගේ පසුපෙළ කඩුලු ඉතාමත් ඉක්මනින් බිඳ වැටීම නිසා ඔවුන් මුලින් පැමිණි ඉලක්කය වෙත යාමට ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.
එසේම මෙන්ඩිස්, නායක භානුක සහ ගුණතිලක ඔවුන්ට ලබා දුන් වේගවත් ආරම්භය නිසා Powerplay පන්දුවාර 4 අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 41ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.
මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 17ක දී ලකුණු 35ක් ලබා ගන්නා විට, රත්නායක සහ Thahir ඇතුළු Giants පන්දු යවන්නන් අවසන් මොහොතේ දී ඉතාමත් හොඳින් Gladiators පසුපෙළ පාලනය කිරීමට සමත් වුනා.
අවසානයේ දී ඔවුන් නියමිත පන්දුවාර 14 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබා ගත් අතර මෙන්ඩිස් ලබා ගත් ලකුණු 35ට අමතරව භානුක ලකුණු 32ක් සහ ගුණතිලක ලකුණු 22ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වුනා.
- Rohit Sharmaට දකුණු අප්‍රිකානු සංචාරය මග හැරේ
- Jaffna Kings දඟපන්දු යවන්නන් හමුවේ Dambulla Giants ඇඹරෙයි
- ශෙනාල් සහ ළහිරු සාන්ත පීතර ගෞරවය රැක ගනී
- මට Peshawar Zalmiගේ අනුකම්පාව ඕනේ නැහැ – Kamran Akmal
Giants කණ්ඩායමට ඔවුන්ගේ සුපුරුදු ආරම්භය නොලැබී යාම නිසාවෙන් Powerplay අවස්ථාව තුල දී ඔවුන්ට කඩුල්ලක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 29ක් පමණයි. දික්වැල්ල තමා මුහුණ දුන් පළමු පන්දු තුන තුල ලකුණු නොලබා දැවී යාම ඔවුන්ට විශාල පාඩුවක් වුනු අතර Mohammad Amir එම තීරණාත්මක කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.
ඉන් අනතුරුව පිටියට පැමිණි ජනිත් ලියනගේ සමඟ එක්වුණු Phil Salt දෙවැනි කඩුල්ල සඳහා පන්දු 63ක් තුල වේගවත් ලකුණු 90ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම නැවතත් නඟා සිටවීම Gladiators කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන රැගෙන එන්නට සමත් වුනා.
එහි දී ජනිත් මෙවර LPL තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගය තුල දී ම පන්දු 37ක දී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනු අතර ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඇතුලත් වුනා. මේ තරගාවලිය පුරාවට ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ Salt ලකුණු 41කට සීමා කිරීමට උදාන සමත් වුනා.
Giants ඉනිමේ තීරණාත්මක කඩුලු දෙක වූ දසුන් ශානකගේ සහ Saltගේ කඩුලු දෙක දවා ගැනීමට Patel සමත් වුනු නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය පවා හිමිවුණු අතර අවසානයේ දී Giants කණ්ඩායමට ඔවුන්ගේ බලාපොරොත්තු වුනු ඉලක්කය වෙත යාමට නොහැකි වුනා.
ඒ අනුව Jaffna Kings, Dambulla Giants සහ Galle Gladiators කණ්ඩායම් තුන මෙවර LPL තරගාවලියේ මීළඟ වටය සඳහා මේ වන විට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. Colombo Stars සහ Kandy Warriors කණ්ඩායම් තීරණාත්මක අවසන් ස්ථානය ලබා ගැනීම සඳහා සටන් කිරීමට නියමිතයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | b Imran Tahir | 22 | 12 | 4 | 0 | 183.33 |
Kusal Mendis | c & b | 35 | 17 | 4 | 1 | 205.88 |
Bhanuka Rajapakse | c & b | 33 | 20 | 1 | 3 | 165.00 |
Samit Patel | c & b | 8 | 9 | 0 | 0 | 88.89 |
Mohammad Hafeez | c & b | 11 | 6 | 1 | 1 | 183.33 |
Dhananjaya Lakshan | run out () | 3 | 3 | 0 | 0 | 100.00 |
Mohammad Shamaaz | not out | 6 | 9 | 0 | 0 | 66.67 |
Isuru Udana | c & b | 13 | 8 | 2 | 0 | 162.50 |
Extras | 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0) |
Total | 134/7 (14 Overs, RR: 9.57) |
Fall of Wickets | 1-68 (6.1) Kusal Mendis, 2-2 (30) Danushka Gunathilaka, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Josh Little | 3 | 0 | 29 | 2 | 9.67 | |
Ramesh Mendis | 3 | 0 | 41 | 0 | 13.67 | |
Imran Tahir | 3 | 0 | 20 | 3 | 6.67 | |
Tharindu Rathnayake | 3 | 0 | 17 | 1 | 5.67 | |
Sachitha Jayathilake | 1 | 0 | 14 | 0 | 14.00 | |
Chamika Karunaratne | 1 | 0 | 13 | 0 | 13.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | b | 0 | 3 | 0 | 0 | 0.00 |
Phil Salt | c & b | 41 | 29 | 3 | 1 | 141.38 |
Janith Liyanage | c & b | 51 | 37 | 0 | 0 | 137.84 |
Dasun Shanaka | c & b | 1 | 2 | 0 | 0 | 50.00 |
Najibullah Zadran | c & b | 16 | 9 | 0 | 0 | 177.78 |
Chamika Karunaratne | not out | 8 | 3 | 0 | 0 | 266.67 |
Sachitha Jayathilake | not out | 5 | 2 | 0 | 0 | 250.00 |
Extras | 3 (b 0 , lb 0 , nb 1, w 2, pen 0) |
Total | 125/5 (14 Overs, RR: 8.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohammad Amir | 3 | 1 | 24 | 1 | 8.00 | |
Samit Patel | 3 | 0 | 24 | 2 | 8.00 | |
Isuru Udana | 3 | 0 | 30 | 2 | 10.00 | |
Pulina Tharanga | 2 | 0 | 19 | 0 | 9.50 | |
Noor Ahmad | 3 | 0 | 28 | 0 | 9.33 |
තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<