ලහිරු කුමාරට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

303
Lahiru Kumara tests positive

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

“ඊයේ (21) පැවති PCR පරීක්ෂණයකින් පසුව ඔහුව ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්තා” යැයි මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුණා. ඔහුට කොරෝනා වයිරස ආසාදනය වී තිබෙන බව දැන ගත් වහාම, ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබෙන සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත්වලට ඔහුව භාජනය කරන්නට කටයුතු කර තිබෙනවා. නියමිත සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාපටිපාටීන්ට අනුගත වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගෙන යන බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලිය සඳහා ඇතුළත් ටෙස්ට් තරග 2, එක්දින තරග 3 සහ විස්සයි විස්ස තරග 2 සඳහා නම් කර සංචිත සියල්ලේම ස්ථානයක් හිමිව තිබුණු කුමාරගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා සුරංග ලක්මාල් කැඳවීමට නියමිත බව ThePapare.com වෙත වාර්තා වෙනවා. 

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 3 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය හෙට (23) කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<