කයිල් සහ විරේන්ගේ බලාපොරොත්තු සුන් වෙයි

Paris Olympics 2024

4

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී තවත් ශ්‍රී ලාංකික නියෝජනයන් දෙකක් අද (30) දිනයේ දී තරග බිමට පිවිසුණා. 

මෙහි දී විරේන් නෙත්තසිංහ තම දෙවැනි මූලික වටයේ තරගයට ස්පාඤ්ඤයේ Pablo Abian සමඟ ක්‍රීඩා කළ අතර එහි දී ඔහුට තරග වට 2-0ක පරාජයක් උරුම වුනා. 

මෙහි පළමු තරග වටයේ දී Abian විසින් ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනේ 21-09ක් ලෙසයි. කෙසේ වෙතත් දෙවැනි තරග වටයේ දී විරේන් විසින් තම ප්‍රතිවාදියාට හොඳ තරගයක් ලබා දීමට සමත් වුවත් අවාසනාවන්ත ලෙස එම තරග වටයත් ඔහුට පරාජය වීමට සිදු වුනා.  

මෙම තරග වටයේ ලකුණු තත්වය 21-19ක් ලෙස සටහන් වුනා. කෙසේ වෙතත් මෙම පරාජයත් සමඟ විරේන් නෙත්තසිංහගේ ඔලිම්පික් බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නිමා වී යනවා

මේ අතර පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගයකට ශ්‍රී ලංකාවේ කයිල් අබේසිංහ අද දිනයේ දී සහභාගී වූ අතර, ඔහුට එම මූලික වටයේ තරගයෙන් හිමි වුනේ 08 වැනි ස්ථානයයි. 

මෙහි දී කයිල් විසින් සිය තරග නිමි කාලය ලෙස තත්පර 51.42ක් සටහන් කළා.  

මෙම ඉසව්වට තරගකරුවන් 79 දෙනෙකු සහභාගී වූ අතර, කයිල් හට ඒ අතුරින් 54 වැනි ස්ථානයයි හිමි වුනේ. 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<