කොරෝනා සටනට කුසල් ජනිත් එක්වෙයි

142

ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට මුහුණ දී සිටින දරුණු වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා අසරණ වී සිටී. එලෙස අසරණව සිටින ජනතාවට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු පරිත්‍යාග රැසක් සිදු කරන ආකාරය පසුගිය කාලය තුල දක්නට ලැබිණි. 

පුජාරාගේ එංගලන්ත ගමන නවතියි

ගෝලීය වසංගතයක් වන COVID-19 හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග මේ වන විට අවලංගු වී ඇත. එහි ප්‍රතිඵලයක්……………

කොරෝනාවට එරෙහි සටනට තම දායකත්වය ද එක් කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කුසල් ජනිත් පෙරේරා ද පසුගිය දා එක්විය. ඒ මෙම අසීරු අවස්ථාවේ අසරණව සිටින ජනතාවට උපකාර කරමින්. 

ඒ අනුව ගනේමුල්ල ප්‍රදේශයේ අසරණ පවුල් 100කට අධික සංඛ්‍යාවකට වියළි ආහාර හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ඔහු එක්විය. “කුසල් ජනිත් පදනම” විසින් මෙම පරිත්‍යාග සංවිධානය කර තිබූ අතර ගනේමුල්ල පොලීසිය මාර්ගයෙන් කුසල් පෙරේරා හා ඔහුගේ මිතුරන් විසින් එම ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා දෙන ලදි. 

ශ්‍රී ලංකාව තුල අසරණ ජනතාවට සහයෝගය දැක්වීමට මෙරට වර්තමාන හා හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටීම වටිනා කාර්‍යයකි. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, චමින්ද වාස්, රොශාන් මහානාම, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයන් හා වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් මෙලෙස පරිත්‍යාග රැසක් සඳහා එක්ව සිටියහ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<