සංගා පරාජයට හේතු කියයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

303

හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූවත් පසුපෙළ පිතිකරුවන්ගේ සහ තණතීරුවේ මන්දගාමී ස්වරූපය නිසා Lucknow Super Giants හමුවේ පරාජය වීමට Rajasthan Royals ක්‍රීඩකයින්ට සිදු වුනා.

කණ්ඩායමේ පුහුණුකරු කුමාර සංගක්කාර ඒ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, තණතීරුවේ ස්වභාවය සහ ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ දස්කම් නිසා තරගය පරාජය වීමට සිදු වූ බවයි.

“අපේ ආරම්භක පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා දුන්නත් ඉතා ඉක්මනින් කඩුලු තුනක් බිඳ වැටීම තරගය වෙනස් කළා. නමුත් අපි ඒ වෙලාවෙත් තරගයේ හිටියා වගේම තව පිතිකරුවන් ගොඩක් සිටියා. නමුත් අපෙන් ඒක අවසන් මොහොතේ මඟ හැරුණු අතර ඒ නිසා අවසන් පන්දුවාර කිහිපයේ විශාල පහරවල් අපිට අවශ්‍ය වුනා.

ඒක පිතිකරණයට අපහසු කඩුල්ලක් වුනත් මම හිතනවා අපේ පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්තා කියලා. පන්දුව පරණ වෙන්න වෙන්න ඒ කඩුල්ලේ ක්‍රීඩා කරන එක ලේසි වුනේ නැහැ. ඒ වගේම ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවීම සිදු කළා. එය පන්දුවාර දෙක තුනක් ඉලක්ක කරලා වෙනස් කරන්න පුළුවන් තරගයක්  වුවත් අපි ඒක කරන්න ගිය හැමවෙලේම අපෙන් කඩුලු විසි වුනා.

අවසන් පන්දුවාරයේ විශාල පහරවල් තුනක් හෝ හතරක් එල්ල කරන එක ලේසි නැහැ. ඒ තණතීරුවේ ඔවුන් ඉතාමත් හොඳ විදියට පන්දු යැව්වා.”

ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය Rajasthan ක්‍රීඩකයින් 12 වැනි පන්දුවාරය දක්වා තරගය පාලනය කිරීමට සමත් වූ අතර 12 සහ 13 වැනි පන්දුවාරයේ ඉක්මනින් කඩුලු බිඳ වැටීම නිසා තරගය ඔවුන්ගෙන් ගිලිහි ගියා.

ඒ අනුව පෙරළිකාරී දස්කම් දක්වමින් තරගය ලකුණු 10කින් ජයග්‍රහණය කිරීමට හැකි වුනේ Lucknow Super Giants කණ්ඩායමටයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<