2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී තිබෙනවා.
එළඹෙන නොවැම්බර් මස 17 සිට දෙසැම්බර් මස 08 වැනි දා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දේශය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.
මෙහි දී සංගක්කාරට අමතරව එක් එක් කණ්ඩායම්වල නායකත්ව වගකීම් Sachin Tendulkar (ඉන්දියාව), Shane Watson (ඕස්ට්‍රේලියාව), Eoin Morgan (එංගලන්තය), Brian Lara (බටහිර ඉන්දීය කොදෙව්), Jacques Kallis (දකුණු අප්‍රිකාව) යන ප්‍රවීණ ක්‍රීඩකයින් වෙත පැවරී තිබෙනවා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, එම තරගය නොවැම්බර් මස 17 වැනි දා පැවැත්වෙනු ඇති. ඉන් පසුව නොවැම්බර් 19 එංගලන්තය, නොවැම්බර් 25 බටහිර ඉන්දීය කොදෙව්, නොවැම්බර් 30 එංගලන්තය සහ දෙසැම්බර් 02 ඕස්ට්‍රේලියාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<