ජාත්‍යන්තර ක්‍රිකට් නීති සම්පාදනය කරන සුප්‍රකට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club) නව ලෝක ක්‍රිකට් සභාපතිවරයා (World Cricket Chairman) ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා පත්කර තිබෙනවා.
ඒ වසර හයක් තිස්සේ එම ධූරයේ කටයුතු කළ Mike Gatting එම තනතුරෙන් ඉවත් වන අතර නව සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ කුමාර සංගක්කාරයි.
මෙම ක්‍රිකට් සමාජය ක්‍රිකට් නීති පිළිබඳ තීරණය කරන්නා ලෙස කටයුතු කරන අතර එහි සාමාජිකයින් ලෙස Sourav Ganguly, Justin Langer, Graeme Smith, Eoin Morgan සහ Heather Knight කටයුතු කරනවා.
- ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට දින තීන්දුයි
- 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු සංචිත නම් කර අවසන්
- ලෝක කුසලානයට එන ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙන ක්‍රීඩකයින්
- ලෝක කුසලාන ත්‍යාග මුදල් ප්‍රමාණ නිවේදනය කරයි
ඔහු මීට පෙර එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා (President) ලෙස 2019 සිට 2021 දක්වා කාලසීමාවේ කටයුතු කළ අතර එම ක්‍රීඩා සමාජයේ සහභාපති ධූරය සඳහා පත් වූ පළමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා වූයේ ද ඔහු වීම විශේෂත්වයක්.
ඒ අනුව කුමාර සංගක්කාර නව තනතුරේ කටයුතු කිරීමට නියමිත අතර නව ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස එංගලන්ත ජාතික Mark Nicholas පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<