තමන් කෝවිඩ්-19 වයිරසය ආසාදිත වූ අයෙකු බව තහවුරු වීමත් සමඟ දැඩි කම්පනයකට සහ භීතියට පත් වූ බව නවසීලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Tim Seifert ඉතාමත් හැඟුම්බරව සඳහන් කර සිටියේ New Zealand Herald පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.
මෙවර IPL තරග වාරයේ දී Kolkata Knight Riders නියෝජනය කරමින් තම පළමු IPL තරගාවලි අත්දැකීම විඳගැනීමේ අවස්ථාව උදාකරගත් Seifert හට අනෙකුත් නවසීලන්ත ක්‍රීඩකයින් සමඟ නැවත ඔවුන්ගේ මව්බිම කරා පැමිණීමේ වරම අහිමි වී ගියේ ඔවුන් නික්ම යාමට පැය 24කට පෙරාතුව පැමිණි PCR වාර්තාවන්ට අනුව ඔහු ආසාදිතයෙකු බවට සනාථ වූ නිසාවෙනි. මේ වන විට ඔහු නවසීලන්තය බලා ගොස් සිටින්නේ දින 14ක අනිවාර්‍ය නිරෝධායන කාලසීමාවකට යටත්වයි.
Guys tim seifert is in tears plz don’t cry we are always with you.#don‘tcry #loveyou #EngvsNz #CancelIpl pic.twitter.com/bXw0wZ3xQG
— Yash Jain 🇳🇿 (@Kiwiyash_) May 25, 2021
“අපි නවසීලන්තයට ආපහු එන්න දවසක් වගේ තිබිලා කරපු PCR පරීක්ෂණවල ප්‍රතිඵල ආවාම දැන ගන්න ලැබුණා මට කෝවිඩ් වයිරසය ආසාදනය වෙලා කියලා. මාව ඉක්මනින්ම අනෙක් ක්‍රීඩකයින්ගෙන් වෙන් කරලා නිරෝධායනයට යොමු කරා. මගේ සහෝදර ක්‍රීඩකයෝ ආයිත් එයාලගේ පවුලේ උදවියත් එක්ක එකතු වෙන්න යද්දී මට විතරක් මෙහෙ තනි වෙන්න සිද්ධ වුනා.”
“අවසානෙට IPL තරගාවලියට ආපු විදෙස් ක්‍රීඩකයින්ගෙන් ඉන්දියාවේ ඉතිරි වුනේ මම විතරයි. මට හිතාගන්න බැරි වුනා මම මොකද්ද කරන්න ඕන කියලා ඒ වෙලාවේ දි. මට දකින්න, ඇහෙන්න ලැබුණ දේවල් එක්ක මම නොසෑහෙන්න බයෙන් කාලය ගත කළේ. මට දැනුණා මටත් එහෙම දෙයක් වෙන්න පුළුවන් නේද කියන හැඟීම.”
තවත් ක්‍රිකට් පුවත්:
- ඕස්ට්‍රේලියානුවෝ බංග්ලාදේශයේ සංචාරයකට
- පාකිස්තානු ක්‍රීඩකයා මිලියන 4.5ක දඩයක් ගෙවයි
- “අපි තාමත් උපරිමයෙන් දක්ෂතා දක්වලා නැහැ” – බංග්ලාදේශ නායක
නැවත වතාවක් ඉන්දියාවේ තරග සංචාරය කිරීමේ අවස්ථාවක් උදා වුවහොත් කුමන ආකාරයේ තීරණයකට එළඹෙන්නේ දැයි ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් Seifert අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.
“මම IPL තරගාවලියට යන්න කලින්ම මාත් එක්ක ළඟින් ඇසුරු කරන එංගලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් මේ තීරණය ගැන අහලා බැලුවා. ඔවුන් හැමදෙනාම වගේ ඉන්දියාවේ සංචාරය කරලා අත්දැකීම් තියෙන අය. ඒ හැම කෙනෙක්ම වගේ කිව්වේ එයාලා ඉන්දියාවේ ගත කරපු කාලසීමාව ගැන සෑහීමකට පත්වෙනවා කියලා.”
“ඉතින් මම දෙපාරක් හිතුවේ නැහැ IPL තරගාවලියත් එක්ක එකතු වෙන්න. අවංකවම කියනවා නම් මම ඉන්දියාවේ ගත කළේ කෙටි කාලසීමාවක් උනත් මේ කෝවිඩ් ගැටලුව එන්න කලින් අපි හැමෝම පුහුණුවීම් සහ තරග කළේ ඉතාමත් විනෝදෙන් වගේම සැහැල්ලු මනසකින්.”
ඉන් අනතුරුව හිටපු නවසීලන්ත නායකයින් දෙදෙනෙක් වන Brendon McCullum සහ Stephan Fleming යන අයට ද KKR සහ CSK කණ්ඩායම් කළමණාකාරීත්වයන්ට ද විශේෂයෙන්ම ස්තූතිවන්ත වන බව සඳහන් කර සිටි Seifert පවසා සිටියේ ඔවුන්ගේ සහය නොවන්නට මෙම අසීරූ කාලසීමාව පසු කිරීමට තරම් මානසිකත්වයක් ඔහුට නොතිබුණු බවයි.
මේ දක්වා නවසීලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස තරග 35කට තම දායකත්වය ලබා දී ඇති Seifert මෙම සාකච්ඡාව අතරතුර දී වඩාත් හුවාදැක්වීමට උත්සාහ කර සිටියේ ධනාත්මක මානසික මට්ටමක් සකසා ගැනීමට හැකි නම් කෝවිඩ්-19 අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඕනෑම අයෙකු සතුවන බවයි.
“ටික කාලයක් ගත වෙනකොට මට මුලදී දැනුණු ආතතිය තරමක් තුනී වෙලා ගියා මොකද මම හැමදෙයක් දිහාම සුභවාදීව බලන්න හුරු වුනා. මම තව මාස දෙකකින් විවාහ ගිවිස ගැනීමෙන් අපේක්ෂාවෙන් ඉන්න නිසා මගේ පෙම්වතිය Morgs උනත් දැන් සතුටෙන් ඉන්නේ මට බලාපොරොත්තු වුනාටත් කලින්ම නැවත නවසීලන්තයට පුළුවන් වීම ගැන.”
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<