ඊයේ (04) නිමාවට පත්වුන සුප්රකට ලන්ඩන් මැරතන් තරගයේ දී, එහි වත්මන් ශූරයා මෙන්ම මැරතන් ඉසව්වේ ලෝක ශූර Eliud Kipchoge පරාජය කරමින් පිරිමි කාණ්ඩයේ ප්රථම ස්ථානය දිනා ගැනීමට ඉතියෝපියානු ක්රීඩක Shura Kitata සමත් විය.
කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර තරගාවලිය විශේෂ ක්රීඩක කාණ්ඩයකට පමණක් සීමා කර පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබූ අතර තරගය පැය 2:05:41ක කාලයකින් අවසන් කළ ඉතියෝපියානු ක්රීඩක Shura Kitata මුල් ස්ථානයත්, කෙන්යානු ක්රීඩක Vincent Kipchumba දෙවැනි ස්ථානයත් (2:05:42), ඉතියෝපියානු ක්රීඩක Sisay Lemma තෙවැනි ස්ථානයත් (2:05:45) දිනා ගැනීමට සමත් විය.
පසුගිය වසරේ ලන්ඩන් මැරතන් තරගය ලෝක වාර්තාවක් පිහිටුවමින් ජය ගත් මැරතන් ඉසව්වේ ලෝක ශූර Eliud Kipchoge මෙවර තරගාවලිය ද පහසුවෙන් ජය ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවූවත්, ඔහුට මෙවර තරගාවලියේ අට වැන්නා තෙක් පසුබසිමින් තරගය නිමා කිරීමට සිදු විය.
2018 වසරේ පැවති ලන්ඩන් මැරතන් තරගය දෙවැන්නා ලෙස අවසන් කිරීමෙන් පසු මෙවර තරගය ජය ගැනීමටට සමත් වූ ඉතියෝපියානු ක්රීඩක Shura Kitata සිය ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ Kenenisa Bekele විසින් තමන් හට මෙම තරගය තරග වදින ආකාරය පිළිබඳව උපදෙස් ලබා දුන් බවත්, මෙම ජයග්රහණය පිළිබඳව තමන් වඩාත් සතුටට පත්වන බවයි.
තවත් ක්රීඩා පුවත්:
- ඉතියෝපියානු ශූරියට ලන්ඩන් මැරතන් තරගය අහිමි වෙයි
- වසරේ අවසන් මැරතන් තරගයට ලෝක ශූරයන් එංගලන්තයට
- ජාතික යොවුන් ක්රීඩා උළෙලට 12,000 අධික සහභාගීත්වයක්!
- නෙදර්ලන්ත ශූරයෙකු පරාජය කරමින් යුපුන් තවත් පදක්කමකට
මෙම පරාජය Eliud Kipchoge 2013 වසරින් පසුව ලද මුල්ම පරාජය වන අතර තමන්ගේ පසුබෑම පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්රකාශ කර සිටියේ තමන් ඉතාමත් කලකිරීමට පත්වන බවත්, අවසාන කිලෝමීටර් කිහිපයේ දී ඔහු යම් ආබාධ තත්වයකින් පෙළුන බවයි.
“මම ඇත්තෙන්ම කනගාටුවට පත්වනවා, තරගය අතරතුර දී මගේ දකුණු කන දැඩි වේදනා දෙන්නට වුනා, අවසාන කිලෝමීටර් 15 දී පමණ මම පාදයේ ආබාධයකින් ද පෙළෙන්නට වුනා, එහි ඉතාම සීතලයි නමුත් මම එම කාලගුණයට වරද පටවන්නේ නෑ, මම ඉක්මනින්ම නැවත පැමිණෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්රකාශ කර සිටියා.
මෙම තරගාවලියේ කාන්තා අංශයේ මැරතන් ඉසව්ව එහි වත්මන් ලෝක ශූරිය වන කෙන්යානු ජාතික Brigid Kosgei පැය 2:18.58ක කාලයකින් අවසන් කරමින් ජයග්රහණය කිරීමට සමත් වූ අතර එම තරගයේ පිළිවෙළින් ඇමරිකානු ජාතික Sara Hall සහ කෙන්යානු ජාතික Ruth Chepngetich දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත් විය.
>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<