කාන්තා මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට කෙන්යානු ක්‍රීඩිකා Ruth Chepngetich විසින් අද (13) සමත් වුනා.
අද චිකාගෝ හිදි පැවැත්වුණු Bank of America Chicago මැරතන් තරගයට සහභාගී වූ Chepngetich විසින් පැය 2.09.56ක කාලයක් වැය කරමින් තරගය අවසන් කිරීමට සමත් වූ අතර, එය මීට පෙර ඉතියෝපියාවේ Tigist Assefa විසින් මෙම ඉසව්ව වෙනුවෙන් පිහිටුවා තිබූ පැය 2.11.53ක ලෝක වාර්තාව ආසන්න වශයෙන් තත්පර දෙකකින් ඉදිරියට ගෙන ඒමට සමත් වීමක් ලෙස එය සටහන් වුනා.
මෙය මිශ්‍ර මැරතන් තරගයක් වූ අතර තරගයට සහභාගී වූ සමස්ත තරගකරුවන් අතුරින් ඇය තරගය නිමා කළේ දසවැනියා (පළමු කාන්තාව) ලෙස වීමත් විශේෂත්වයක්.
මෙම තරගයේ පිරිමි ඉසව්ව ජයග්‍රහණය කිරීමට කෙන්යාවේ ම John Korir විසින් සමත් වුනේ පැය 2.02.43ක කාලයක් වාර්තා කරමිනුයි.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- කාලිංග සහ අරුණ අතරේ තියුණු සටනක්
- අරුණ ඔලිම්පික් වරම් ලබයි!
- තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
Ruth Chepngetich විසින් මීට පෙර 2022 වර්ෂයේ දී මෙම තරගය ම පැය 2.14.18ක කාලයක් වාර්තා කරමින් නිමා කිරීමට සමත් වූ අතර, එය අද දිනය වන තෙක් ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් වී තිබුණා.
කෙසේ වෙතත් අද ඇය දැක්වූ දක්ෂතාවත් සමඟ කාන්තා මැරතන් ඉසව්ව පැය දෙකයි මිනිත්තු 10ට අඩුවෙන් නිමා කළ පළමු කාන්තාව බවට පත් වීමට ද Ruth Chepngetichට හැකියාව ලැබුණා.
එමෙන්ම ඇය විසින් තරගය නිම කිරීමෙන් පසුව සිය වාර්තාව අකාලයේ තම ජීවිතයට සමු දුන් කෙන්යානු මැරතන් ශූර Kelvin Kiptum වෙනුවෙන් වෙන් කරනා බව සඳහන් කළා.
“මම මේ ලෝක වාර්තාව Kelvin Kiptum වෙනුවෙන් වෙන් කරනවා”
මීට වසරකට පෙර චිකාගෝ හිදී ම Kelvin Kiptum විසින් පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන් ටික කලකට පසුව ඔහු රිය අනතුරකට භාජනය වී අකාලයේ මිය ගියා. කෙසේ වෙතත් තවමත් ඔහුගේ වාර්තාව ජීවමාන ව පවතිනවා.
දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<