ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට ඇමරිකානු සුපිරි පොප් තරුවක් වන Katy Perry සහභාගී වන බව ඊයේ නිවේදනය කළා. ඒ අනුව අන්තර්ජාතික කාන්තා දිනයේ දී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට Katy Perryගේ සංගීතය ද රස විඳීමට හැකියාව ලැබෙනු ඇත.
Aussie Aussie Aussie Oi Oi Oi! Let’s break some records – join me in Melbourne on March 8, 2020 for the ICC @T20WorldCup Women’s Final. We’ll Roar in support of these awesome women on International Women’s Day! ?? Ticket link in Stories
175.1k Likes, 1,104 Comments – KATY PERRY (@katyperry) on Instagram: “Aussie Aussie Aussie…
“Aussie Aussie Aussie Oi Oi Oi!” යැයි Instagram සටහනක් දැමූ Perry එහි මෙසේ සඳහන් කර තිබුණා. “වාර්තා කිහිපයක් කඩන්නට ඔබ සූදානම් ද? 2020 මාර්තු 8 වැනිදා මෙල්බර්න් නුවර දී කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය බලන්න ඔබත් එන්න. මේ විශිෂ්ට කාන්තාවන්ට අපි කාන්තා දිනයේ දී අපේ සහයෝගය දක්වමු.”
ලොව විශාලතම කාන්තා ක්‍රිකට් තරගය වනු ඇති බවට අපේක්ෂා කරන “2020 කාන්තා විස්සයි විස්ස අවසන් මහා තරගය”, ආරම්භයේ දී මෙන්ම අවසානයේ දී ද Perry ගීත ගායනා කිරීමට නියමිතයි.
කාන්තා ක්‍රීඩා තරගයක වාර්තාගත ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවේ වාර්තාව මේ තරගයේ දී බිඳ දැමීමට හැකි වනු ඇතැයි ICCය අපේක්ෂා කරනවා. 1999 වසරේ FIFA කාන්තා පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී වාර්තා වූ ප්‍රේක්ෂකයින් 90,185ක වාර්තාව මෙතෙක් කාන්තා ක්‍රීඩා තරගයක වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලෙස සැලකෙනවා. එම තරගය පැවැත්වුණේ ඇමරිකාවේ කැලිෆෝර්නියා හිදී යි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<