ජපානයේ Nigata හි පැවැත්වෙන World Athletics Continental Tour Bronze Label තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගී වූ කාලිංග කුමාරගේට සිව්වැනි ස්ථානය හිමි වුනා.
ඊයේ (28) පැවැත්වුණු මූලික වටයේ තරගයේ දී කාලිංග විසින් තත්පර 45.93ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉසව්වේ පළමු ස්ථානය තත්පර 45.40ක කාලයකින් තරගය නිමා කළ ජපානයේ Sato Kentaro හට හිමි වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙම තරගාවලියට මීට පෙර අරුණ දර්ශන සහ රුමේශ් තරංග දෙදෙනා ද සහභාගී වීමට නියමිත ව සිටි නමුත් පසුව ඔවුන් සිය සහභාගීත්වය ඉවත් කරගැනීමට තීරණය කළා.
මෙම තරගාවලිය පිළිබඳ ව සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<