කොළඹ හින්දු විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත 2025 හින්දු සටනට නොකඩවා තෙවැනි වරටත් ප්‍රධාන අනුග්‍රහය ලබා දීමට ජනශක්ති සමූහය (JXG) ඉදිරිපත් වී තිබෙනවා.
දේශීය පාසල් ක්‍රිකට් උණුසුමේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් 2025 වසර සඳහා මහා ක්‍රිකට් තරග සංග්‍රාමය ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත ව ඇති අතර, මෙම සටන එහි ආරම්භක සටනක් ලෙස එළඹෙන 07 සහ 08 යන දින වල දී යාපනය හින්දු විද්‍යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වයට, දේශීය සංස්කෘතියට තම දායකත්වය ලබා දීමේ අරමුණ මෙම අනුග්‍රාහකත්වය ලබා දීම මගින් සාක්ෂාත් කර ගැනීමට මග පාදා දෙන බව සමූහය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ Ramesh Schaffter මහතා සඳහන් කරන අතර, එය ඉදිරියටත් මේ අයුරින් ම සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබුණා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<