කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර තරගාවලියේ දෙවන දිනය වන අද (29) දිනයේ දී නව තරග වාර්තා 3ක් බිහි වීම විශේෂත්වයකි.
සාන්ත ජෝසප් සහ හෑගල්ල ක්‍රීඩකයින්ගෙන් පළමු දිනයේ වාර්තා
දින තුනක් පුරා පැවැත්වීමට නියමිත 2019 කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා….
වයස අවුරුදු 13න් පහළ දුර පැනීම තරග ඉසව්වේ නව තරග වාර්තාවක් බිහි කිරීමට හොරණ තක්ශිලා මහා විද්‍යාලයේ බුසඳ දෙව්වින් සමත් වූ අතර එහි දී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 5.50කි. එම තරග ඉසව්වේ දෙවන හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ටී. සන්දිල් හා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ රන්දික සම්පත් සතු විය. ඔවුන් එහි දී මීටර් 5.42ක හා මීටර් 5.22ක දක්ෂතාවක් දක්වා තිබුණි.
වයස අවුරුදු 14න් පහළ උස පැනීම තරගය සඳහා සහභාගි වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඊ. බී. බී. සේනාරත්න විසින් එම ඉසව්වේ නව වාර්තාවක් බිහිකිරීමට සමත් විය. ඔහු එහි දී මීටර් 1.80ක දක්ෂතාවක් දක්වා තිබුණි.
එම තරග ඉසව්වේ දෙවන ස්ථානය හා තුන්වැනි ස්ථානය මීටර් 1.78ක් වාර්තා කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්නිල වික්‍රමාරච්චි හා කඳාන Seventh Day Adventist උසස් පාසලේ මෙශාර්ක් මිලෝශ් විසින් දිනා ගත්හ.
නිමාලිට අනතුරක්; SAG සිහින බොඳ වෙයි ද?
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා…
තරගයේ අද බිහි වූ අනෙක් තරග වාර්තාවට හිමිකම් කීමට කොළඹ ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් වයස අවුරුදු 15න් පහළ මීටර් 200 බාලිකා තරග ඉසව්වට සහභාගි වූ සේනකා ගුණරත්න සමත් විය. ඒ තත්පර 25.7ක කාලයක් වාර්තා කරමිනි.
එහි දෙවන ස්ථානය තත්පර 25.9ක කාලයක් වාර්තා කළ කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දුල්මි වීරක්කොඩි සතු විය. තුන්වැනි ස්ථානය හිමි වූයේ තත්පර 26.0ක් වාර්තා කළ නයිනමඩම් හි ජෙනින්ග්ස් ජාත්‍යන්තර පාසලේ ධනනි රශ්මා කොඩිතුවක්කු හටය.
>> දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
තරගාවලියේ අවසන් දිනය හෙට (30) ක්‍රියාත්මක වීමට නියමිතය.
දෙවැනි දිනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<