ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (10) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් විය. දින තුනක් පුරා පැවති තරග අවසානයේ සමස්ත බාලක ශූරතාව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගත් අතර සමස්ත බාලිකා ශූරතාව නාවල ජනාධිපති විදුහල් ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදි.
දෙවන දිනයේ දී තවත් තරගාවලි වාර්තා රැසක් අලුත් වේ
ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (09) දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
තරගාවලියේ හොඳම කනිෂ්ඨ මලල ක්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එච්. අබේසේකර ප්‍රසාද ලකුණු 820ක් රැස් කර ගනිමින් සම්මාන දිනාගත් අතර තරගාවලියේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ සදිනි කවීෂා (884) සම්මාන දිනා ගත්තාය.
තරගාවලියේ උද්වේගකරම ඉසව්ව වූ සහය දිවීමේ බාලක අංශයේ ශූරයින් ලෙස මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සම්මාන දිනූ අතර බාලිකා ශූරියන් ලෙස හලාවත කාර්මෙල් බාලිකා විදුහල සම්මාන දිනා ගන්නා ලදි.
තරගාවලියේ තෙවන හා අවසන් දිනය වූ අදත්, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා උද්වේගකර ලෙස තරගවලට සහභාගී වූ අතර පෙර දිනවල මෙන්ම අදත් නව තරග වාර්තා කිහිපයක්ම බිහි වීම කැපී පෙනුනි.
දිනයේ පළමු තරග වාර්තාව පිහිටුවීමට වයස අවුරුදු 15න් පහළ බාලක මීටර් 100 අවසන් තරගය තත්පර 12.5කින් අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගත්තේ එච්. එස්. මල්වාන්න විසිනි. අංක 229 යටතේ තරග කළ ඔහු ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරන ලදි.
පළමු දිනය අවසානයේ නව තරගාවලි වාර්තා 3ක්
ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (08) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
වයස අවුරුදු 13න් පහළ මීටර 100 බාලිකා අවසන් තරගය තත්පර 14.8කින් නිමාකර නව තරගාවලි වාර්තාවක් ද සමඟින් එම ඉසව්ව ජය ගැනීමට නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ රුවන්සා වීරක්කොඩි සමත් විය.
ඉතා උද්වේගකර ඉසව්වක් වූ වයස අවුරුදු 14න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් බිහි විය. මීටර 1.45ක උසක් වාර්තා කරමින් ඉසව්වේ පළමු ස්ථානය දිනාගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උදිල් විද්සරිත් එම වාර්තාවට හිමිකම් කීය.
වයස අවුරුදු 15න් පහළ බාලක දුර පැනීම ඉසව්ව මීටර 5.30ක දුරක් වාර්තා කරමින් ජය ගත් බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එච්. අබේසේකර ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඉතා උණුසුම් ඉසව්වක් වූ වයස අවුරුදු 15න් පහළ 100X4 සහය දිවීමේ ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට කොළඹ සාන්ත ජෝසප් විදුහල් සහය දිවීමේ කණ්ඩයම සමත් විය.
මීටර 400 ධාවන ඉසව්වෙන් නව තරගාවලි වාර්තා කිහිපයක් බිහි වීම විශේෂ කරුණක් විය. 15න් පහළ බාලිකා කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනූ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කේ. එස්. එදිරිසිංහ මිනිත්තු 1 තත්පර 7ක කාලයකින් එම ඉසව්ව නිමා කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
වයස 15න් පහළ බාලක කාණ්ඩයේ අවසන් තරගය තත්පර 58.8කින් අවසන් කළ ගොඩගම ආනන්ද ශාස්ත්රාලයේ අයි. කේ. බී. අබේවර්ධන තවත් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.
14න් පහළ බාලක කාණ්ඩයේ ඉසව්ව තත්පර 62කින් නිමා කළ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඩී. ඒ. ජයසුන්දර මෙම කාණ්ඩයේ නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.
තවද වයස අවුරුදු 12න් පහළ කාණ්ඩයේ 100X4 සහය දිවීමේ බාලක ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩකයෝ සමත් විය. තත්පර 58.5කින් එම ඉසව්ව අවසන් කළ ඔවුන් එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නා විට මාතර රාහුල විදුහල හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගනු ලැබීය.
විශිෂ්ටයින්ගේ ශූරතාවය MAS කණ්ඩායමට
වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය (MAF) විසින් 34 වැනි වරටත් සංවිධානය කරන ලද “2017 වෙළඳසේවා මලල ක්‍රීඩා ශූරතාවලිය”, ඔක්තෝබර් 20 සිට 22 දක්වා දියගම මහින්ද…
තත්පර 52.0 ක කාලයක් වැය කරමින් කුරුණෑගල සර් ජෝන් මධ්‍ය විද්‍යාලය වයස අවුරුදු 14න් පහළ 100X4 සහය දිවීමේ ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් සමඟින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. කොළඹ සාන්ත පීතර විදුහල හා මාතර රාහුල විදුහල පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි.
දිනයේ උද්වේගකරම හා උණුසුම්ම ඉසව්ව වූ වයස අවුරුදු 15න් පහළ 400×4 ඉසව්වෙන් නව තරග වාර්තාවක් සමඟින් පළමු ස්ථානය දිනා ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සමත් විය. මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් තරගය නිමා කිරීමට වැය කළේ මිනිත්තු 4යි තත්පර 15ක් පමණි.
තෙවැනි දිනයේ ලකුණු සටහන :
Sir John Tarbet Athletic Championships – 2017 | |||||
at Diyagama Mahinda Rajapaksa Stadium | |||||
on 8th, 9th and 10th November 2017 | |||||
FINAL RESULTS – Records | |||||
New Meet Record 22 | |||||
U 15 Boys | 100M | 11.1 | H.S. Malwanna | Mahinda College – Galle | * NMR |
U 15 Boys | 200M | 22.6 | H.S. Malwanna | Mahinda College – Galle | * NMR |
U 15 Boys | 400M | 51.1 | I.K.B. Abewardana | Ananda Sastralaya National Sch. – Matugama | * NMR |
U 15 Boys | 800M | 2:04.9 | G.D.L. Avishka Gurusinghe | Senanayake Col – Madampe | * NMR |
U 15 Boys | Long Jump | 6.52 | W.H.H.M. Abeysekara | Siddartha M.M.V. – Balapitiya | * NMR |
U 15 Boys | Diacuss Throw | 53.23 | Suseenthirakumar Mithunraj | Hartley Col – Point pedro | * NMR |
47.61 | J.V.S. Nimantha Eduranga | Rathnaloka M.V. – Rakwana | * BPR | ||
U 15 Boys | 4x100M | 46.3 | St. Joshep’s Col. – Col. 10 | * NMR | |
U 15 Boys | 4x400M | 3:44.3 | Marisstella Col. – Negombo | * NMR | |
U 14 Boys | 400M | 55.1 | D.A.R.S. Jayasundara | Sir John Kotalawala M.V.-Kurunegala | * NMR |
U 14 Boys | High Jump | 1.75 | Udil Vidsarith | Darmapala Vidyalaya – Pannipitiya | * NMR |
U 14 Boys | 80M Hurdles | 11.5 | W.G. Nadiw Dulnith | Rahula College – Matara | * NMR |
11.7 | KS Siriwardana | Sivali CC – Ratnapura | * EMR | ||
U 14 Boys | 4x100M | 47.8 | Sir John Kothalawala MV – Kurunegala | * NMR | |
48.3 | St. Peter’s College – Col. 04 | * BPR | |||
48.4 | Rahula College – Matara | * BPR | |||
48.6 | St. Joshep Col. – Anuradhapura | * BPR | |||
U 12 Boys | 4x100M | 54.7 | Trinity College – Kandy | * BPR | |
55.1 | Rahula College – Matara | * BPR | |||
U 15 Girls | 400M | 59.1 | K.S. Edirisinghe | Janadipathi Balika Vid – Nawala | * NMR |
U 15 Girls | Long jump | 5.47 | S.H. Sadini Kaveesha | Vijitha C.C. – Dickwella | * NMR |
U 15 Girls | Discuss Throw | 35.46M | W.K. Heshani Maheshika | St. Sebastian’s B.M.V. – Kandana | *NMR |
U 14 Girls | 200M | 26.4 | W.V.R.G. Wijethunga | Ananda Balika Vid. – Colombo 10 | * NMR |
U 14 Girls | 80M Hurdles | 12.7 Sec | S.D. Kahangama | Sumana Balika Vidyalaya – Rathnapura | *NMR |
13.1 | BHCD Wijayakumara | Kularathna CC – Godakawela | * BPR | ||
13.5 | Maithri Peiris | Ladies College – Colombo 07 | * BPR | ||
13.6 | L.G.A. Sathsarani | Sumana Balika Vidyalaya – Rathnapura | * EMR | ||
U 13 Girls | 100M | 13.00 | P.A.D. Ruwansa Weerakkodi | Janadipathi Balika Vid – Nawala | *NMR |
U 13 Girls | Long Jump | 4.88 M | P.A.D. Ruwansa Weerakkodi | Janadipathi Balika Vid – Nawala | *NMR |
U 13 Girls | 80M Hurdles | 13.9 | K.G. Tharushi Hansika | Vijitha Central College – Dickwella | * NMR |
U 13 Girls | 200M | 26.7 | P.A.D. Ruwansa Weerakkodi | Janadipathi Balika Vid – Nawala | * NMR |
28.1 | Dhanani R. Kodithuwakku | Jenings Int. School – Nainamadama | * BPR | ||
28.2 | Shanella Seneviratne | Lyceum International School – Nugegoda | * BPR | ||
28.6 | W.A. Adarsha Malki | St. Anne’s Balika M.V. – Wattala | * BPR | ||
28.7 | P. Dinithi Mekala | Kahawaththa C.C. | * BPR | ||
28.8 | M.S.S. Vihanga | Vijaya N.S. – Matale | * EMR | ||
Equal Meet Record 02 | |||||
U 14 Boys | 100M | 11.7 | D.A.R.S. Jayasundara | Sir John Kotalawala M.V.-Kurunegala | * EMR |
U 13 Boys | 200M | 25.6 | W.K.G. Wickramasinghe | Swarna Jayanthi M.V. – Kegalle | * EMR |
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට