දින 10 ක උද්වේගකර සටනකින් අනතුරුව ThePapare ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා ලෙස ජූඩ් සුමන් අභිශේක ලැබුවා.
ජූඩ් එහි දී SMS මනාප 170,627ක් හිමි කරගෙන තිබුණා. දෙවන ස්ථානය ඩක්සන් පුල්සාස් සතු වූ අතර ඔහුට හිමි වූ මනාප සංඛ්‍යාව 127,793ක්. මෙම සටනේ මුල් දින කිහිපයේ ඉදිරියෙන් සිටි කවිඳු ඉශාන් තුන්වන ස්ථානය හිමි කරගෙන තිබුණේ මනාප 122,589ක් සමඟින්.
ThePapare ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා තෝරාගැනීමේ තරගය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 21 වැනිදා යි. එහි දී අන්තර්ජාලය ඔස්සේ පැවති ඡන්ද විමසුම දින 5ක් පුරා ක්‍රියාත්මක වුනා. ඒ සඳහා ක්‍රීඩා සමාජ 17ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 81 දෙනෙකු නම් කර තිබුණා. එහි දී සුපර් ලීග් තරගාවලිය, ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ට පාපන්දු කණ්ඩායම මෙන්ම වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩකයන් එක්ව තිබීම විශේෂත්වයක්.
- මුෂ්ෆික් සහ සුපුන්ගේ ගෝල ද්විත්වයෙන් ජය සබරගමුවට සහ දකුණට
- උතුරු සහ නැගෙනහිර පළාත් ක්‍රීඩකයින් දිනයේ ජයග්‍රහණ ලබයි
- විනය කැඩූ පාපන්දු ක්‍රීඩකයින්ට දඬුවම්
අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මත විමසුමෙන් අනතුරුව එහි වැඩිම මනාප හිමි කරගත් ක්‍රීඩකයන් 20 දෙනා දෙවන වටය සඳහා තෝරාගනු ලැබුවා. දෙවන වටය SMS මනාප මත පදනම් වූ අතර එය ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි මස 8 වැනිදා දක්වා පැවැත්වුනා.
ThePapare ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා සටනේ සිව්වන සහ පස්වන ස්ථාන පිළිවෙලින් වසීම් රසීක්ට සහ මාවින් හැමිල්ටන් හට හිමිව තිබුණා.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<