පිරිමි ලෝක කුසලානයේ පළමු කාන්තා නියෝජනය ජෝයි නෙවිල්

275

රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු කාන්තා විනිසුරුවරිය වශයෙන් අයර්ලන්ත ජාතික Joy Neville (ජෝයි නෙවිල්) තේරී පත්වී තිබෙනවා.

හිටපු අයර්ලන්ත කාන්තා රග්බි නායිකාවක වන නෙවිල් එළඹෙන සැප්තැම්බරයේ ප්‍රංශයේ දී ආරම්භ වීමට නියමිත 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී රූපවාහිනී සහායක විනිසුරුවරියක වශයෙන් කටයුතු කරනු ඇති.

2017 කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය විනිසුරුකරණයේ යෙදුණු නෙවිල් 2020 දී පිරිමි රග්බි ටෙස්ට් තරගයක රූපවාහිනී විනිසුරුවරිය වූ පළමු තැනැත්තිය වුනා.

2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවරුන් 12 දෙනෙක්, සහාය විනිසුරුවන් 7 දෙනෙක්, රූපවාහිනී විනිසුරුවරුන්/වරිය 7 දෙනෙක් ඇතුළු 26 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් තේරී පත්වී තිබෙනවා. ඉන් අත්දැකීම් බහුලතම පුද්ගලයා වන්නේ එංගලන්ත විනිසුරු Wayne Barnes (වේන් බාන්ස්). මීළඟ ලෝක කුසලාන තරගාවලිය ඔහු නොකඩවා සහභාගී වන 5 වැනි ලෝක කුසලාන තරගාවලියයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<