ලොව ප්‍රකට විස්සයි විස්ස ලීගයක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2022 අදියර නිමාවට පත්වුණේ Gujarat Titans ක්‍රීඩකයින් සිය මංගල තරගාවලියේ දී ම ශූරයින් බවට අභිෂේක ලබමිනුයි.
Gujarat Titans නායක Hardik Pandyaගේ කැපී පෙනෙන පන්දු යැවීම (3/17) නිසාවෙන් ප්‍රතිවාදී Rajasthan Royals ඉනිම ලකුණු 130කට සීමා වූ අතර ඔවුන් එම ඉලක්කය පන්දුවාර 18.1ක දී හඹා ගියා.
අවසන් මහා තරගය පරාජයට වූවත් Rajasthan Royals ආරම්භක පිතිකරු Jos Buttler විසින් තරගාවලියේ ලබා දුන් පුද්ගලික දක්ෂතා සම්මාන රැසක් සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් කැපී පෙනෙන ත්‍යාග මුදලක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මෙවර තරග වාරයේ දී ශතක 4ක් සමඟ ලකුණු 863ක් ලබා ගත් Buttler තරගාවලිය පුරාවට ඉන්දීය රුපියල් ලක්ෂ 60ක් පමණ දිනා ගැනීමට සමත්ව තිබුණා.
තරගාවලිය පුරාවට හයේ පහරවල් 45ක් ලබා ගත් ඔහු ඉන්දීය රුපියල් 1,000,000ක මුදලක් දිනා ගත් අතර හතරේ පහරවල් 83ක් එල්ල කරමින් එම මුදලම නැවත දිනා ගැනීමට ඔහුට හැකි වුනා.
- IPL අවසන් මහා තරගය වාර්තා පොත් අතරට
- පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
- නාවිකයින්ට එරෙහිව මිලාන්ගෙන් සුපිරි පන්දු යැවීමක්
- Bartlett ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට තවත් පරාජයක්
- Gujarat Titans මංගල IPL තරගාවලියේ දී ම ශූරතාවයට
එමෙන්ම Gamechanger of the season සහ Power player of the season යන සම්මාන දිනා ගනිමින් තවත් ඉන්දීය රුපියල් 2,000,000 සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින් තවත් ඉන්දීය රුපියල් 2,000,000ක් ඔහුට හිමි වුනා.
තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කළ Lockie Ferguson (157.3 kmph) හට ඉන්දීය රුපියල් 1,000,000ක් හිමි වූ අතර තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා බවට පත්වෙමින් එම මුදලම දිනා ගැනීමට Umran Malikට හැකි වුනා.
Yuzvendra Chahal තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ඉන්දීය රුපියල් 1,000,000ක් හිමිකර ගනිද්දී, තරගාවලියේ රැක ගත් හොඳම උඩපන්දුවට හිමි ඉන්දීය රුපියල් 1,000,000 මුදල හිමි වුණේ Evin Lewis හටයි.
එම සම්මානවලට අමතරව අනුශූරයන් වූ Rajasthan Royals කණ්ඩායමට ඉන්දීය කෝටි 12.5ක් සහ ශූරයන් වූ Gujarat Titans කණ්ඩායමට කෝටි 20ක මුදලක් හිමි වූ අතර Punch striker of the seasonට හිමි කාර් රථය Gujarat නායක Hardik Pandyaට හිමි වුනා.
තරගාවලියේ ත්‍යාග සහ මුදල් බෙදී ගිය ආකාරය
- ශූරයන් – Gujarat Titans (ඉන්දීය කෝටි 20)
- අනුශූරයන් – Rajasthan Royals (ඉන්දීය කෝටි 5)
- වැඩිම ලකුණු ලාභියා – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
- වැඩිම කඩුලු ලාභියා – Yuzvendra Chahal (ඉන්දීය රුපියල් 1,000,000)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
- Gamechanger of the season – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
- Power player of the season – Jos Buttler (ඉන්දීය රුපියල් 1,000,000)
- වේගවත්ම පන්දුව – Lockie Ferguson (ඉන්දීය රුපියල් 1,000,000)
- තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා – Umran Malik (ඉන්දීය රුපියල් 1,000,000)
- Punch striker of the season – Hardik Pandya (කාර් රථයක්)
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<