එංගලන්ත ප්‍රවේගකාරී පිතිකරු Jonny Bairstow හට මෙවර සම්පූර්ණ IPL තරගාවලියම අහිමි වනු ඇති බව ඔහු නියෝජනය කරන Punjab Kings කණ්ඩායම ඊයේ (25) නිල වශයෙන් ප්‍රකාශ කළා.
ලබන බ්‍රහස්පතින්දා (31) පටන් ආරම්භ වීමට නියමිත 16 වැනි IPL තරගාවලියේ Punjab Kings සතු ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයින්ගෙන් එක් අයකු ලෙස සැලකිය හැකි Bairstowගේ පාදයක ඇති වූ ආබාධයක් වෙනුවෙන් ශල්‍යකර්මයක් සිදු කර ඇති නමුත්, තවමත් ඔහු ඉන් සම්පූර්ණ සුවය ලබා නොමැති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ දී ඔහුට මෙම ආබාධ තත්වය ඇති වූ අතර ඒ නිසා නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරයින් වූ එංගලන්ත කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමිව ගියා.
කෙසේ වෙතත් මෙවර සම්පූර්ණ කාලසීමාව වෙනුවෙන් ම Bairstowගේ අඩුව පිරවීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන Matthew Short ව සිය කණ්ඩායමට එක් කර ගන්නා බවත් Punjab Kings ඊයේ දිනයේ දී දැනුම් දුන්නා.
🚨 IMPORTANT UPDATE 🚨
We regret to inform you that Jonny Bairstow will not be a part of the IPL this season because of his injury. We wish him the best and look forward to seeing him next season.
We are pleased to welcome Matthew Short as his replacement.
#PunjabKings pic.twitter.com/NnUMjCe8jV
— Punjab Kings (@PunjabKingsIPL) March 25, 2023
“Jonny Bairstowගේ ආබාධ තත්වය නිසා මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව අප කනගාටුවෙන් දැනුම් දෙමු. අපි ඔහුට සුබ පතන අතර මීළඟ තරග වාරයේ දී ඔහුව දැකීමට බලාපොරොත්තු වෙමු. ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස Matthew Short ව අපි ගෞරවයෙන් පිළිගනිමු.”
- “ඔහු ලෝක සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්”
- KKR නායකයාට මෙවර IPL අහිමි වන ලකුණු
- කවුරුත් නොදන්න, කාටත් නොකියන Bumrahගේ ඇත්තම තත්වය!
- අලුත් වූ IPL නීතිය
- මෙවර IPL දිනන සැලසුම් සංගක්කාර විසින් හෙළිකරයි
නිමා වූ ඕස්ට්‍රේලියානු Big Bash ක්‍රිකට් තරගාවලියේ Adelaide Strikers කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද (ලකුණු 458) වෙමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට Matthew Short විසින් සමත් වුනා.
එමෙන්ම Punjab Kings නියෝජනය කරන විදෙස් පිතිකරුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි ව තිබූ Bairstow වෙනුවට දැනට සංචිතයේ සිටින භානුක රාජපක්ෂගෙන් ද වැඩි දායකත්වයක් ලබා ගැනීමට Punjab කණ්ඩායමට මේ සමඟින් අවස්ථාව හිමි වනු ඇති.
2023 IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Times of India ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<