2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන දඹුල්ල Viiking සහ කොළඹ Kings කණ්ඩායම් දෙකේ ප්‍රධාන පුහුණුකරුවන් වෙනස් කිරීමට සිදුව ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.
දඹුල්ල Viiking කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබා දෙන හිමිකරුවන් විසින් ඔවුන්ගේ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස, හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Owias Shah නම් කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කර ගැනීමේ දී (player draft) දඹුල්ල Hawkes හෙවත් මේ වන විට දඹුල්ල Viiking ලෙස හඳුන්වනු ලබන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුව සිටි Jon Lewis මහතාට එම ධුරයෙන් ඉවත් වීමට සිදුව ඇත.
තවත් ක්‍රිකට් පුවත්
- IPL අලුත් කණ්ඩායම ගැන Dravid කතා කරයි
- ලෝක ටෙස්ට් ශූරතාවයේ ආකෘතිය වෙනස් වෙයි ද?
- “ලෝක කුසාලන සත්කාරකත්වය ලැබීම ආඩම්බරයට කාරණයක්” – BCCI සභාපති
- ක්‍රිකට් ලොව වීරයා හැබැහින් දුටු Yuvrajගේ සැබෑ වුනු සිහිනය
පසුගිය දා ජනප්‍රිය ඉන්දීය බොලිවුඩ් නළු Sachin Joshi විසින් LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගත් අතර ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමේ නම ද “දඹුල්ල Viiking” ලෙස වෙනස් වීමට ලක්විය.
දඹුල්ල Viiking වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සිටින අතර දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සචිඳු කොළඹගේ, කවිඳු නදීෂාන්, ඩිල්ෂාන් මදුශංක සහ අශේන් බණ්ඩාර ඒ අතර ඉදිරියෙන්ම සිටින දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ය.
එසේම 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ජය ගැනීම සඳහා පුහුණුකරුවෙකු ලෙස මඟ පෙන්වූ Dav Whatmore මහතා ද පුද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර LPL තරගාවලියේ කොළඹ Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නැත. ඒ නිසාවෙන් Whatmoreගෙන් හිස්වන පුහුණුකරු තනතුරට හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kabir Ali නම් කර ඇත.
හෂාන් තිලකරත්න (මහනුවර Tuskers), තිලිණ කණ්ඩම්බි (යාපනය Stallions) සහ Moin Khan (ගාල්ල Gladiators) පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.
නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් සහ අවසන් මහා තරගය ඇතුළත්ව ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<