ඒ 1968 වසරේ ගිම්හාන සමයයි. ලොව පුරා පන්දහසට අධික ක්‍රීඩකයන් සංඛ්‍යාවක් මෙක්සිකෝවට ළඟා වන්නේ එවර ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමටයි. තරගාවලියේ කැපී පෙනෙන ඉසව්වක් වූ මැරතන් තරගය ආරම්භ වීමට සියල්ල සූදානමින් තිබිනි.
අවමානයේ අළු මතින් නැගී සිටි ඇමරිකානුවා
ඒ 2017 වසරේ ගිම්හාන සමයයි. එම වසරේ අගෝස්තු මස 05 වැනිදා ලන්ඩන් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයට …
තරගය ආරම්භ විය. තරගකරුවන් එකිනෙකාට අභියෝගයක් දෙමින් ඉදිරියට ඇදිනි. ජයග්‍රහණය පිළිබඳව ඉතා විශාල බලාපොරොත්තුවක් තිබූ ටැන්සානියාවේ ජෝන් අක්වාරි තම සුපුරුදු රිද්මයෙන් ඉදිරියට ඇදෙන්නට විය.
තරගයේ දහඅට වන කිලෝමීටරය අවසානයේ දී අක්වාරි කෙමින් කෙමින් තරගය තමන් වෙතට ගන්නට උත්සාහ කරමින් සිටියේය. දහනව වන කිලෝමීටරය ආරම්භයේ දී ඔහු අවාසනාවන්ත ලෙස තම පය පැකලී බිම ඇද වැටුනි.
එම අනතුරින් ඔහුගේ පාදයකට ඉතා දරුණු ලෙස හානි වී තිබූ අතර ඒ අවසරයෙන් ක්‍රීඩකයන් සියල්ල ඔහුව පසු කර ඉදිරියට ගොස් අවසන් ය. ඔහු තරගයෙන් ඉවත් වී ප්‍රතිකාර සඳහා පිටත් වේවි යැයි සියල්ලන් සිතුවේය.
නමුත් සිදුවූයේ පුදුම දෙයකි. දණහිස රෙදි කැබැල්ලකින් බැඳගත් ඔහු, නැවතත් දිවීම ආරම්භ කරන්නට විය. දිවීමට පවා ඇවිදීමටවත් අපහසු තත්වයකින් සිටි ඔහු කෙමින් කෙමින් ඉදිරියට ඇදෙන්නට විය. සියලු තරගකරුවන් ඔහුව පසු කර ගිහින් අවසන්ය. ඔහුට ජයග්‍රහණය පේනතෙක් මානයකවත් නැති තරම්ය.
තරගයේ තිස්වන කිලෝමීටරය ආරම්භ වන විට බොහෝ තරගකරුවන් තරගය අතහැර අවසන්ය. නමුත් අක්වාරි කොර ගසමින් තවමත් ධාවනයේ යෙදෙයි. දැඩි වේදනාව නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිතුනත් ඔහු නතර වන්නේ නැත.
තරගය ආරම්භ වී පැය දෙකයි මිනිත්තු විස්සක් අවසන් වූ තැන පළමුවැන්නා තරගය නිම කළේය. නමුත් ඒ වන විට අක්වාරි සිටියේ ජයග්‍රහණ සීමාව පේන දුරකවත් නොවේ. ඔහු වේදනාව දරා ගනිමින්, තමන්ට හැකි පමණ වේගයෙන් ධාවනයේ යෙදෙයි.
තරගයේ සිටි තරගකරුවන්ගෙන් 56 දෙනෙකුම තරගය නිමාකළ අතර ක්‍රීඩාංගණයේ සිටි නරඹන්නන් දහසක් දෙනා ද එයින් පිටව යන්නට විය. මාධ්‍යවේදීන්ද පදක්කම් පැළඳවීමේ උත්සවය පැවැත්වෙන ස්ථානයට පිටවත්ව ගොස්ය. තරගය ආරම්භ වී පැය තුනකුත් ගෙවී ගොස්, හිරු බැස යාම ද ආරම්භ වී තිබිනි. නමුත් අක්වාරි තවමත් ධාවනයේ යෙදෙන්නේ තමන් ආරම්භ කළ දෙය මගින් නොනවත්වා කෙසේ හෝ අවසන් කිරීමට යි.
තවමත් ක්‍රීඩකයෙකු ධාවනයේ යෙදෙන බව දැනගත් මාධ්‍ය කණ්ඩායම්, නැවතත් ක්‍රීඩා පිටියට පැමිණියහ. ඒ වන විට ක්‍රීඩාංගණයේ ඉතිරිව සිටියේ ඉතා කුඩා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පමණි. දැන් සියල්ලන් දෑස් දල්වා බලා සිටින්නේ අක්වාරි තරගය නිමා කරන තුරුය.
ඔලිම්පික් නාමයේ ගෑවුණු කළු පැල්ලම – මියුනික් සංහාරය
එදා වර්ෂ 1972ක් වූ සැප්තැම්බර් මස 04 වනදා යි. 20 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ආරම්භ වී දින දහයක් …
තරගය ආරම්භ වී පැය තුනයි මිනිත්තු විස්සක් ගෙවී ගොස් අවසන් වන විට අක්වාරි කෙමෙන් කෙමෙන් ජයග්‍රහණ සීමාව කරා ළඟා වෙමින් සිටියේය. කොර ගසමින්, ඉතා වේදනාවෙන් අවසන් මීටර කිහිපය ඉදිරියට ඇදෙමින් ඔහු තරගය නිමා කරන්නේ රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ දිරි ගැන්වීම් මධ්‍යයේ ය.
තරගය අවසන් කිරීමෙන් පසුව මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ‘තරගයෙන් ඉවත් නොවුනේ ඇයිද?’ යයි ඇසූ ප්‍රශ්නයට අක්වාරි හිනා මුසු මුහුණින් පිළිතුරු දුන්නේ මෙසේය.
“කිලෝමීටර දහස් ගණනක් දුර මගේ රටේ මිනිස්සු මාව එව්වේ තරගය ආරම්භ කරනවා බලන්න නෙවෙයි, තරගය අවසන් කරනවා බලන්නයි. මම දිව්වේ මගේ රටේ වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන්.”
තරගයෙන් පසුව ටැන්සානියානු ජනතාව ඔහුව මහත් හරසරින් පිළිගනු ලැබීය. ජාත්‍යන්තර මට්ටමේ කැපී පෙනෙන පදක්කම් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වූවත් 1983 වසරේ එරට ජාතික වීරයෙකු ලෙස ඔහු ගෞරව සම්මාන ලබන්නේ ඔහු තුළ තිබූ පසුනොබසිනා උත්සාහය නිසාවෙනි.
ඕනෑම අයෙකුට යම් කටයුත්තක් ආරම්භ කිරීමට හැක. නමුත් එය ආරම්භ කිරීමෙන් පසු එන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් අවසානයක් කරා යෑමට හැකිවන්නේ ඉතා සුළු පිරිසකට පමණි. ‘තමන් මත විශ්වාසය තබමින්, අභියෝග ජයගෙන අවසානයක් කරා යන ආකාරය’ මෙම ක්‍රීඩකයා විසින් ලොවට දෙන ආදර්ශය යි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<