ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිණිය ලෙස අත්දැකීම් බහුල පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිත්වයෙන් Hyacinth Wijesinghe ඉවත් වීමෙන් පසුව නව පුහුණුකාර තනතුර සඳහා තිලකා ජිනදාස මහත්මියගේ සහ හිටපු ජාතික ක්‍රීඩිකා සෝමිතා ද අල්විස් මහත්මියගේ නම් යෝජනා වී තිබුණා.
ඔවුන් දෙදෙනා සී. රත්නමුදලිගේ, යසා රාමචන්ද්‍ර සහ සමන් කුමාර ගුණවර්ධන යන අයවලුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මඩුල්ලක් හමුවේ පැවති සම්මුඛ සාකච්ඡාවකින් පසුව තිලකා ජිනදාස මහත්මියව නව පුහුණුකාරිණිය ලෙස තෝරා ගෙන තිබෙනවා.
- 2023 දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් තීන්දුයි
- වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරීන් පත් කෙරේ
- රනිත්මා සහ බුවනෙක ජාතික බැඩ්මින්ටන් කිරුළු දිනයි
- 2023 ජාතික ක්‍රීඩා දින දර්ශනය නිකුත් කරයි
දැල්පන්දු පිටියේ ඉතා ජනප්‍රිය නාමයක් වන තිලකා ජිනදාස 2011 සහ 2018 වසරවල ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම්වල පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ අතර 2019 වසරේ පැවති දැල්පන්දු ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය වූයේ ද ඇයයි.
එම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15වැනි ස්ථානය දිනා ගත් අතර ඔවුන් විසින් සිංගප්පූරු ක්‍රීඩිකාවන් දෙවතාවක් එම තරගාවලිය තුළ පරාජය කළා.
2022 වසරේ දැල්පන්දු ශූරතාවය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සහභාගී වීමේ සූදානමින් පසු වෙනවා.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<