ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් මෙන්ම ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ජෙරම් ජයරත්න මහතා එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරනු ඇත.
ඒ් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පුද්ගලික හේතුවක් නිසා සිය කළමනාකාර ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන නිසාවෙනි.
තවත් ක්‍රිකට් පුවත්
- Rootගේ 200 යන පාර වැහෙද්දී ඇඹුල්දෙණිය හොඳම දස්කම් අතරට
- ඕස්ට්‍රේලියානු බළධාරීන්ට තරු පෙන්වූ Shasriගේ Zoom ඇමතුම
- වයසට ගිහින් වාර්තා පොත් අලුත් කරන Anderson
කෙස් නමුත් මෙම පත් කිරීම ස්ථාවර පත් කිරීමක් නොවන බවත්, කණ්ඩායමට සුදුසු නිලධාරියෙකු තෝරාපත් කර ගන්නා තුරු කණ්ඩායමේ තාවකාලික කළමනාකරුවෙකු ලෙස ඔහුව පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
ජෙරම් ජයරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාවකාලික පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර දීර්ඝ කාලයක් පුහුණු අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<