Jay Shah සියලු දෑ අත් හැර ICC මුල් පුටුවට යයි!

1
jay shah

වත්මන් BCCI ලේකම් Jay Shah නව ICC සභාපති ලෙස තෝරා ගෙන තිබෙනවා.

වත්මන් ICC සභාපති වන Greg Barclayගේ ධුර කාලය නිමා වීමෙන් පසුව එළඹෙන දෙසැම්බර් 01 දා සිට Shah මෙම වගකීම බාර ගැනීමට නියමිතයි.

Greg විසින් 2020 වසරේ සිට ධුර කාල ද්විත්වයක් මෙම තනතුරේ කටයුතු කළ අතර, තමන් තෙවැනි වරටත් මෙම ධුරයේ කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව මීට පෙර දැනුම් දුන්නා.

ඒ අනුව මීළඟ සභාපතිවරයා වෙනුවෙන් නාම යෝජනා බාරදීම සඳහා අගෝස්තු 27 දින තෙක් දින නියම වී තිබුණු අතර, මෙහි දී නාම යෝජනා ලෙස ඉදිරිපත් වුනේ Jay Shahගේ නම පමණයි.

මේ අනුව Shah නව ICC සභාපති ලෙස නිතරගයෙන් ම තේරී පත් වී තිබෙනවා.

2009 වසරේ දී ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සම්බන්ධ වූ Shah 2019 වසරේ දී BCCI ලේකම් ලෙස තේරී පත් වූ අතර, 2022 වසරේ දී ඔහු නැවතත් එම තනතුරට තේරී පත් වුනා. එමෙන්ම ඔහු වත්මන් ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති ලෙස ද කටයුතු කළ අතර, ඊට අමතරව ICC මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුවේ සාමාජිකයකු ද වනවා.

කෙසේ වෙතත් මෙම තනතුර බාර ගැනීමේ දී ඔහුට එම සියලු වගකීම්වලට සමුදීමට සිදුවනු ඇති.

තවමත් 35 හැවිරිදි වියේ පසු වන Jay Shah මෙම තනතුර හිමි වූ ලාබාලතමයා ලෙස ද ඉතිහාසගත වනු ඇති.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<