ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය Jasprit Bumrahට හිමි වෙයි

43
Jasprit Bumrah wins icc men's cricketer award for 2024

2024 වසර සඳහා හිමි වන ICC සම්මාන අතරේ වඩාත් ඉහළ ඇගයීම ලෙස සැලකෙන Sir Garfield Sobers සම්මානය ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට හිමි වී තිබෙනවා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන මෙම සම්මානයට අමතරව Bumrah විසින් මෙම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද ලබා ගැනීමට සමත් වුනා.

ඔහුට අමතරව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා Travis Head, Joe Root සහ Harry Brook නිර්දේශ ලැබූ අතර, එහි දී Bumrah ඔවුන් සියල්ල ඉතා පහසුවෙන් ම අබිබවා යෑමට සමත් වුනා.

මේ වන විට ඔහු ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳෙන අතර, ගෙවුණු වසරේ දී ඉන්දියාවට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීම වෙනුවෙන් ද ඔහු කැපී පෙනෙන කාර්ය භාර්යයක් ඉටු කිරීමට සමත් වුනා.

ගෙවුණු වසර තුළ ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභියා ද වූ Bumrah කඩුලු 71ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව මෙම සම්මානය හිමි කර ගත් පස් වැනි ඉන්දියානුවා ලෙස Jasprit Bumrahගේ නම ඉතිහාස ගත වනු ඇති.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<