Bumrahට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි!

Champions Trophy 2025

1
Jasprit Bumrah

සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට එළඹෙන ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී යනු ඇති බව ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

පසුගිය ජනවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟ සිඩ්නි හිදි පැවැත්වුණු ටෙස්ට් තරගය අතරතුර කොන්දේ ආබාධයකට ලක් වූ Bumrah හට පසුව එංගලන්තය සමඟ පැවැත්වුණු සීමිත පන්දුවාර තරගාවලිය ද අහිමි වුනා.

ඔහුගේ ආබාධ තත්වය පිළිබඳ තහවුරු කර ගැනීමට අවසන් වරට පැවැත්වූ ස්කෑන් පරීක්ෂණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් වාර්තා වී නැතත්, බොහෝ දුරට ඔහුට නැවත පන්දු යැවීම ආරම්භ කිරීමට සති කිහිපයක් බලා හිඳීමට සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර ශුරයින්ගේ කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම්වලට තම සංචිත නම් කිරීම සඳහා 11 වැනි දා දක්වා අවස්ථාව ලබා දී තිබුණා

ඒ අනුව Bumrahට ආබාධ නිසා අහිමි වී යන දෙවැනි ICC තරගාවලිය මෙය වනු ඇති අතර, මීට පෙර ඔහුට 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව ද අහිමි වුනා.

Bumrah වෙනුවට Harshit Rana ශූරයින්ගේ කුසලානය සඳහා ඉන්දීය සංචිතයට එක් වනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<