ජපානයේ රග්බි උණ උග්‍රවෙයි!

578
rugby world cup

රග්බි ඉතිහාසයේ පළමු වරට ආසියානු මහද්වීපයේ රග්බි ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට තව ඇත්තේ දින 50ක් පමණයි. සත්කාරක නගර 12ක් සමඟින් ජපානය මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට සූදානමින් සිටියි. 

ඕල් බ්ලැක්ස් වෙතින් ICCයට කොලොප්පමක්

ICCයට කොලොප්පම් කිරීම ක්‍රිකට් ආයතනයකට ……….

මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා නිකුත් කරන ඇති ප්‍රවේශපත් මිලියන 1.8ක ප්‍රමාණයෙන් අද වන විට 85%ක ප්‍රමාණයක් විකුණා අවසන් බව සංවිධායකයින් සනාථ කර ඇත. ලෝකයේ ඉහළ තලයේ කණ්ඩායම් සහ ජාත්‍යන්තර අමුත්තන් 400,000කට වැඩි පිරිසකට සත්කාරකත්වය සැපයීමට ජපානය සුදානම් වීමත් සමඟම මිලියන 98.3ක විශාල ජනගහනයක් ඇති ජපානයේ තරගාවලිය පිළිබඳ දැනුවත්භාවය හතරෙන් තුනකට වඩා සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව ස්වාධීන පර්යේෂකයින් පවසා තිබෙනවා.

එසේම ලෝක රග්බි සම්මේලනයේ සභාපති ශ්‍රීමත් බිල් බියුමාන්ට් පැවසුවේ, “මෙවර ජපානය සෑම මට්ටමකින්ම සාර්ථකත්වය අත්කර ගනිමින් නව වාර්තා අත්කර ගනු ඇත. දින 50ක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක පැරණි වාර්තා බිඳ හෙළමින් රග්බි ඉතිහාසයේ පළමුවරට ආසියානු මහද්වීපයේ රග්බි ලෝක කුසලාන තරගාවලිය ඉතිහාස ගත වනු ඇති.”

මහනුවර සුක්කානම නව අතකට!

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ……..

එසේම ජපානය සත්කාරක රටක් ලෙස සමස්ත වශයෙන්ම ලබාගෙන ඇති සාර්ථකත්වය ගැන තම අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

“තරගාවලිය අතරතුර ක්‍රීඩාලෝලීන්ගේ පැමිණීමේ සංඛ්‍යාව සහ විකාශන කටයුතුවල ද විශාල වෙනසක් සිදුවනවා නොඅනුමානයි, එසේම තවත් දින 50ක් පමණක් තිබෙන මොහොතක ජපානය දැනටමත් ආගන්තුක සත්කාර කිරීමේ ප්‍රමුඛයන් බව සනාථ කර අවසන්.”

මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීම මගින් ආසියාව පුරා මිලියන 1.16ක ජනතාවකට මෙන්ම ජපානයේ පමණක් 200,000කට ජනකායකට මෙම ක්‍රීඩාව අත්විඳීමට අවස්ථාව උදාවී ඇති අතර ජපාන රග්බි පාපන්දු සංගමය සහ ආසියානු රග්බි සංගමය එකමුතුවෙන් මෙම තරගාවලියට විශාල ආකර්ෂණයක් ලබා දී ඇත.

ආසියානු මහද්වීපයේ පැවැත්වෙන පළමු රග්බි ලෝක කුසලානය තව දින 50ක් වැනි සුළු කාලයක් තුළ ආරම්භ වීමට නියමිත අතර මෙම තරගාවලිය අනෙක් වර්ෂවලට වඩා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<