Lankan Premier League තරගාවලියේ “Jaffna Stallions” කණ්ඩායමේ නාමය ලෝව වටා සිටින ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමේ තවත් පියවරක් ලෙස කණ්ඩායමට නව ලාංඡනයක් අද (21) එළිදැක්වීමට කටයුතු කරන ලදි.
නව ලාංඡනය එළිදැක්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Jaffna Stallions කණ්ඩායම ප්‍රකාශ කර තිබුණේ, මීට දින කිහිපයකට පෙර කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස එක්වූ Rahul Sood මහතා නව ලාංඡනය නිර්මාණය කළ කාර්ය මණ්ඩලය සමඟ එය නිර්මාණය කිරීමේ දී ඉතා සමීපව කටයුතු කළ බවයි.
Stallions unveil new logo !! pic.twitter.com/9WpxvqErFG
— Jaffna Stallions (@jaffnalpl) November 21, 2020
එමෙන්ම Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියෙකු වන Anandan Arnold මහතා සිය කණ්ඩායමේ නව සම හිමිකරු පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ Rahul Soodගේ ක්‍රීඩාවේ ඉදිරිය පිළිබඳව ඇති දැක්ම සහ අන්තර්ජාතික වෙළඳ නාමයක් ලෙස එය ගොඩනැගීමට ඇති හැකියාව මිල කළ නොහැකි බවයි.
“එහෙත් අප සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව සහ යාපනය නගරය නියෝජනය කරන්න ලැබුණ එක ගැන ආඩම්බර වෙනවා. අපට බලා සිටිය නොහැකියි ලොව පුරා සිටින රසිකයන් ආඩම්බරයෙන් යුතුව Jaffna Stallions කණ්ඩායම නියෝජනය කරන තුරු” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
තවත් ක්‍රිකට් පුවත්:
- සුප්‍රකට ව්‍යවසායකයෙකුට Jaffna Stallions හි සම අයිතිය
- LPL උණුසුමත් රැගෙන Jaffna Stallions හම්බන්තොටට
- LPL එකට රටින් ආපු තවත් අයෙකුට කොරෝනා
- LPL හිමිකරුවන්ට හිසරදයක් වන අවසන් මොහොතේ තීරණ: LPL insights
එමෙන්ම Jaffna Stallions සමඟ අත්වැල් බැඳ ගැනීම පිළිබඳව කැනේඩියානු පුවත් පත් සමාගමකට අදහස් දක්වමින් Rahul Sood මහතා ප්‍රකාශ කර තිබුණේ, ක්‍රිකට් ක්‍රීඩාවේ රසිකයන් කොපමණ සංඛ්‍යාවක් එහි සිටිනවා ද යන්න අදහා ගත නොහැකි බවයි.
“ශ්‍රී ලංකාව Lanka Premier League කියලා තමන්ගේම ක්‍රිකට් ලීගයක් ආරම්භ කිරීමට යනවා දැක්කම මට ඒක අදහා ගන්නා බැරි වුනා. ඒක නිකන් ජීවිත කාලෙටම ලැබුණ අවස්ථාවක් වගේ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිටුවක් පෙරළමින් Lankan Premier League ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර Jaffna Stallions සහභාගි වන මුල්ම තරගය 27 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<