Home Sinhala මැතිව්ස් පන්දුවෙන්, Haris පිත්තෙන් B-Love Kandy දිනවයි!

මැතිව්ස් පන්දුවෙන්, Haris පිත්තෙන් B-Love Kandy දිනවයි!

Lanka Premier League 2023

2687

2023 LPL තරගාවලියේ 15 වැනි තරගයෙන් වත්මන් LPL ශූරයින් වන Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 08ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම අද (12) සමත් වුනා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය B-Love Kandy නායක වනිඳු හසරංග විසින් දිනා ගැනීමට සමත් වූ අතර, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

Mohammad Harisගෙන් විශිෂ්ට ඉනිමක්

ඒ අනුව Kandy ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් Mohammad Haris සහ Fakhar Zaman විසින් පිටියට පිවිසුණු අතර ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 51ක් තෙක් ඇදී ගියා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස Zaman නුවන් තුශාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසුණු දිනේශ් චන්දිමාල් එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේ හමුවේ දැවී ගියා.

ඉන් පසුව පිටියට පිවිසුණු සහන් ආරච්ච්ගේ ද ලකුණු 2ක් පමණක් ලබා ගැනීමෙන් පසුව ඩිල්ශාන් මදුශංක හමුවේ සිය ඉනිම නිමා කළ අතර ඔහු පිටියෙන් ඉවත්ව යන විට Kandy ඉනිමේ ලකුණු තත්වය සටහන් වී තිබුණේ ලකුණු 63ක් ලෙසයි.

එතැන් පටන් ඇන්ජලෝ මැතිව්ස් සහ Haris විසින් Kandy ඉනිමට යම් ස්ථාරත්වයක් ලබා දීමට සමත් වුනා. මෙහි දී Mohammad Haris විසින් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 51කින් ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වුනා.

වනිඳු සහ මැතිව්ස් ඉනිමට සාර්ථක නිමාවක් ගෙන එයි

ඉනිමේ 15 වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුවෙන් Harisගේ ඉනිම නතර කිරීමට නැවත ක්‍රියාත්මක වූ දුනිත් විසින් සමත් වුනා. නමුත් ඉන් පසුව පිටියට පිවිසි වනිඳු පන්දු 14කින් ලකුණු 19ක් සහ මැතිව්ස් පන්දු 18කින් ලකුණු 22ක් ලබා ගනිමින් Kandy ඉනිමට සාර්ථක නිමාවක් ලබා දීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට B-Love Kandy කණ්ඩායම විසින් කඩුලු 8ක් දැවී ලකුණු 178ක් සිය ලකුණු පුවරුවේ සටහන් කර ගැනීමට සමත් වුනා.

මෙහි දී Jaffna Kings වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ නුවන් තුශාර ලකුණු 31කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර දුනිත් සහ ඩිල්ශාන් මදුශංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මැතිව්ස්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

B-Love Kandy කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 179ක ඉලක්කය හඹා යාමේ අරමුණින් යුතුව පිටියට පිවිසුණු Jaffna Kings මුල් පෙල පිතිකරුවන් දමනය කිරීමේ වගකීම නායක වනිඳු විසින් ඇන්ජලෝ මැතිව්ස් හට පවරා තිබුණා.

නිරන්තර ආබාධවලට ලක් වීම නිසා පන්දු යැවීමෙන් තරමක් දුරට ඈත් ව සිටි මැතිව්ස් විසින් මෙවර තරගාවලියේ දී නැවතත් පන්දුව අතට ගැනීමට තීරණය කර තිබූ අතර, මෙතෙක් තරගාවලියේ තමන් විසින් සිදු කළ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව අද මැතිව්ස් සටහන් කලේ Jaffna ඉනිමේ පළමු කඩුලු තුන ම ලකුණු 10ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට සමත් වෙමිනුයි.

නිශාන් මදුශ්ක, Rahmanullah Gurbaz සහ චරිත් අසලංක යන පිතිකරුවන් තිදෙනා ම ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 16ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මැතිව්ස් විසින් සමත් වුනා.

Malik, Miller සහ තිසර ඉනිම ගොඩ ගනී

මෙවර තරගාවලියේ දී Jaffna Kings වෙත සිදු කළ සුවිශේෂී ම ආයෝජනයක් ලෙස සැලකිය හැකි Chris Lynn අද සිය මංගල LPL තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද අතර ඔහු විසින් පන්දු 26කින් ලකුණු 27ක් ලබා ගනිමින් බිඳ වැටී තිබූ Jaffna ඉනිමට යම් පමණකට පණ දීමට සමත් වුනා. මෙම කෙටි ඉනිමේ දී Lynn විසින් මීටර් 110ක දැවැන්ත හයේ පරක් එල්ල කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් Jaffna ලකුණු පුවරුවේ ලකුණු 51ක් සටහන් වන විට Lynnගේ ඉනිම ද නිමා වූ අතර එතැන් පටන් Shoaib Malik සහ David Miller පිටියේ එක් වුනා.

මෙහි දී Miller පන්දු 16කින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ දැවී යාමෙන් පසුව තිසර පෙරේරා පිටියට පිවිසුණා.

මෙතෙක් තරගාවලියේ Jaffna වෙනුවෙන් නායක තිසරට පිත්තෙන් එතරම් සාර්ථක වීමට නොහැකි වූ නමුත් අද දිනයේ ඔහු පන්දු 20කින් ලකුණු 36ක් ලබා ගනිමින් තරගය දෙපිළට ම විවෘත කරවීමට සමත් වුනා.

නමුත් තිසරගේ වේගවත් ඉනිම Jaffna ඉනිමේ 18 වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුවෙන් නිමාව දුටු අතර එය Jaffna ඉනිමට මරු පහරක් ද වුනා.

එතෙක් වෙලා තරගයේ ජයග්‍රහණය ගැන Jaffna විසින් තැබූ බලාපොරොත්තු ඉන් පසුව කෙමෙන් වියැකී යාමට පටන් ගත් අතර පිටියේ එක් අන්තයක තනි වී සිටි Malik හට තනිවම ජයග්‍රහණයක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට හැකියාව ලැබුණේ නැහැ.

මෙහි දී Malik විසින් පන්දු 37කින් ලකුණු 55ක් ලබා ගනිමින් ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ Jaffna Kings කණ්ඩායම විසින් මෙවර තරගාවලියේ ලද සිව් වැනි පරාජය උරුම කර ගන්නා අතරේදීයී.

B-Love Kandy වෙනුවෙන් මැතිව්ස්ට අමතරව පන්දු යැවීමෙන් සාර්ථක වූ නුවන් ප්‍රදීප් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • B-Love Kandy – 178/8 (20) Mohammad Haris 81, ඇන්ජලෝ මැතිව්ස් 22, නුවන් තුශාර 3/31, ඩිල්ශාන් මදුශංක 2/31
  • Jaffna Kings – 170/6 (20) Shoaib Malik 55, තිසර පෙරේරා 36, ඇන්ජලෝ මැතිව්ස් 3/10, නුවන් ප්‍රදීප් 2/48

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 81ක් ලබා ගත් B-Love Kandy කණ්ඩායමේ Mohammad Haris හටයි.

මෙම ජයග්‍රහණයත් සමගින් B-Love Kandy කණ්ඩායම මෙවර LPL තරගාවලියේ Play-Off තරග වටය වෙත සුදුසුකම් ලබාගැනීමට ද සමත් වුනා.

ඒ අනුව මේ වන විට Kandy සහ Dambulla Aura කණ්ඩායම් Play-Off වෙත සුදුසුකම් ලබා අවසානයි. ඒ හැරුණු කොට තවත් Play-Off ස්ථාන දෙකක් ඉතිරි වී ඇති අතර ඒ වෙනුවෙන් Jaffna Kings, Colombo Strikers සහ Galle Titans කණ්ඩායම් අතරේ තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ තවත් තරගයක් මේ වන විට Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගයේ සියලු විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Jaffna Kings
170/6 (20)

B-Love Kandy
178/8 (20)

Batsmen R B 4s 6s SR
Mohammad Haris b Dunith Wellalage 81 51 10 2 158.82
Fakhar Zaman b Nuwan Thushara 22 17 1 1 129.41
Dinesh Chandimal b Dunith Wellalage 1 3 0 0 33.33
Sahan Arachchige b Dilshan Madushanka 2 5 0 0 40.00
Angelo Mathews c David Miller b Nuwan Thushara 22 18 1 1 122.22
Wanindu Hasaranga c Thisara Perera b Nuwan Thushara 19 14 1 1 135.71
Asif Ali run out (Chris Lynn) 6 6 0 0 100.00
Isuru Udana c Thisara Perera b Dilshan Madushanka 9 6 0 1 150.00
Dushmantha Chameera not out 0 0 0 0 0.00
Mujeeb ur Rahman not out 1 1 0 0 100.00


Extras 15 (b 0 , lb 0 , nb 1, w 14, pen 0)
Total 178/8 (20 Overs, RR: 8.9)
Bowling O M R W Econ
Thisara Perera 1 0 5 0 5.00
Shoaib Malik 3 0 34 0 11.33
Maheesh Theekshana 4 0 34 0 8.50
Nuwan Thushara 4 0 31 3 7.75
Dunith Wellalage 4 0 43 2 10.75
Dilshan Madushanka 4 0 31 2 7.75


Batsmen R B 4s 6s SR
Nishan Madushka c Asif Ali b Angelo Mathews 8 9 1 0 88.89
Rahmanullah Gurbaz c Dinesh Chandimal b Angelo Mathews 1 2 0 0 50.00
Chris Lynn c Mohammad Haris b Nuwan Pradeep  27 26 4 1 103.85
Charith Asalanka c Dinesh Chandimal b Angelo Mathews 2 7 0 0 28.57
Shoaib Malik not out 55 37 4 1 148.65
David Miller b Isuru Udana 24 16 4 0 150.00
Thisara Perera c Dinesh Chandimal b Nuwan Pradeep  36 20 2 2 180.00
Dunith Wellalage not out 6 5 0 0 120.00


Extras 11 (b 4 , lb 0 , nb 2, w 5, pen 0)
Total 170/6 (20 Overs, RR: 8.5)
Bowling O M R W Econ
Angelo Mathews 3 0 10 3 3.33
Mujeeb ur Rahman 3 0 23 0 7.67
Wanindu Hasaranga 2 0 22 0 11.00
Dushmantha Chameera 4 0 33 0 8.25
Nuwan Pradeep  4 0 48 2 12.00
Isuru Udana 4 0 30 1 7.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<