“මාව අන්දන්න ලේසි නෑ” – නව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා

532

නව ක්‍රීඩා අමාත්‍යතුමාගේ දිවුරුම් දීමෙන් පසු පවත්වන ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව ඊයේ (04) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. මේ සඳහා නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ නිලධාරි පිරිසක් එක්වී සිටියහ.

පොදුරදමඩුලු ජය ගත් දක්ෂයෝ ඇගයේ

පසුගිය දා නිමාවට පත්වූ විසිඑක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක…

මෙහි දී අමත්‍යංශයේ අනාගත වැඩපිළිවෙළ හා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල සාර්ථකත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් සහ ක්‍රීඩා සංගම් වල දැනට පවතින තත්ත්වය පිළිබඳ හැදින්වීමක් සිදු විය.

මෙහි දී අදහස් දැක්වූ නව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමා ක්‍රීඩා ක්ෂේත්‍රයට නවකයෙකු බවත් ඉදිරි වැඩපිළිවෙළ සඳහා මාධ්‍ය සහෘදයන්ගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවත් ය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ක්‍රීඩා අමාත්‍යවරයා;

“මින්පසු කිසිම හේතුවක් මත පදක්කම් හෝ ජයග්‍රහණ සඳහා ප්‍රවණතාවක් නොමැති කිසිදු ක්‍රීඩකයෙකු සංචාර සඳහා යවන්නේ නෑ, නිලධාරීන් වෙනුවෙන් ද මං සීමාවන් පනවනවා. සෑම සංගමයකම විගණනය කටයුතු මාස තුනකට වතාවක්  පරික්ෂා කරනවා, ක්‍රිකට් සංගම් නිලවරණය මැයි 31 වැනිදාට පෙර කෙසේ හෝ පවත්වනවා.”

අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවය වෙළඳසේවා දිනා ගනී

අවසන් තරගයේ දී වෙළඳසේවා දැල්පන්දු සංගමය, යාපනය දැල්පන්දු සංගමය ‘A’ කණ්ඩායම ලකුණු ….

මාධ්‍ය වෙත ගැටලු යොමුකිරීම සඳහා දුන් අවස්ථාවේ දී ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇති දූෂණ සම්බන්ධව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ නිවැරදි නීති රාමුවක් තුලින් දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වන බවයි.

දැල්පන්දු ක්‍රීඩිකාවකගේ තරග පාවාදීම් චෝදනා වාර්තාවක් සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේ දී යම් උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර එහි දී පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ස්වාධීනව සියලු නීති විරෝධි කටයුතු වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් වෙනුවෙන් හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන බවයි.

නව අමාත්‍යංශයේ කටයුතු කිරීමේ දී තමා පක්ෂපාති රාමුවෙන් බැහැරව, තත්වය, නිලතල නොතකා යුක්තිය ඉටු කිරීමේ අරමුණින් කටයුතු කරන බවත් අවසන් වශයෙන් පැවසීය.

“මාව අන්දන්න කාටවත් ලේසි නෑ. මම සියලු අදහස්වලට ගරු කරමින් මාධ්‍ය මග පෙන්වීමට සහයෝගය දෙමින් ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා, ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් මධ්‍යයේ දායකත්වය පිළිබදව මා සතුටට පත්වෙනවා” යනුවෙන් අවසානයේ ඔහු පැවසීය.

>> පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<