කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන 60 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය අද (24) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලය තර්ස්ටන් පළමු ඉනිමට වඩා ලකුණු 84ක් පසුපසින් සිටිනවා. කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලයීය නායක නවීන් කනිෂ්ක පළමුව පන්දු රැකීමට තීරණය කළා.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,
- තර්ස්ටන් විද්‍යාලය – තනුජා රාජපක්ෂ, තනුග පලිහවඩන, ශානික්‍ය දේශප්‍රිය (නායක/කඩුලු රකින්නා), තේනුක දේවප්‍රිය, විහාස් තෙව්මික, නවිඳු දුලාන්, අසීම් මොහොමඩ්, උෂාන් ඉමේෂ්, විශ්ව දනංජය, ගගන පෙරේරා, තලීෂ නානායක්කාර
- ඉසිපතන විද්‍යාලය – නවීන් කනිෂ්ක (නායක), තරුෂ නෙත්සර (කඩුලු රකින්නා), තරුෂ්ක අශෙල්, යෙසිත් කළුපහන, යුනෙත් සෙනෙවිරත්න, තේමියගුණරත්න, කෙවින් සැමුවෙල්, දුශාන් මාලිංග, සිතුක ගුණවර්ධන, දසිත් සේනාල්, සහන් විරාජ්
ඉසිපතන ආරාධනයෙන් පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයේ ආරම්භක පිතිකරු තනුජ 4 පහර 3ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 56ක් ලබාගෙන මංගල තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. ලකුණු 11කට කඩුලු 2ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී නායක ශානික්‍ය සහ තනුජ එක්ව ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් යම් ස්ථාවරත්වයක් ගොඩනැංවූවා.
- සියැසින් දකින්නට වරම් හිමි වන තර්ස්ටන් – ඉසිපතන 60 වැනි සංග්‍රාමය
- WATCH – තර්ස්ටන් – ඉසිපතන 60 වැනි සංග්‍රාමයේ වැඩි වාසිය කාටද? | 60th Battle of the Brothers – Match Preview
- WATCH – 93 වැනි සුලෝහිත සංග්‍රාමයට ඩයලොග් සවි බලය | 93rd Battle of the Maroons 2023 – Sponsorship Exchange
- WATCH – මෙවරත් මාර්තු උන්මාදයේ ආරම්භය සහෝදරයින්ගේ සටනින් | 60th Battle of the Brothers – Press Conference
- WATCH – නාලන්දාවට ඉතිහාසගත ජයක් රැගෙන ආ මහා තරගයේ දක්ෂතම පන්දු යවන්නා – Vinuja Ranpul | Powerplay
තර්ස්ටන් ප්‍රධාන පිතිකරුවන් වුනු තේනුක සහ විහාස් හට විශාල ලකුණු සටහන් නිර්මාණය කරගැනීමට හැකියාවක් නොලැබුනු නිසාවෙන් තර්ස්ටන් ලකුණු සටහන එක් අවස්ථාවක 106/7ක් ලෙස සටහන් වුනා. අනතුරුව 8 වැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවයක් ගොඩනැංවූ උෂාන් සහ නවිඳු තර්ස්ටන් පසුපෙළ ලකුණු සටහන සවිමත් කළා. එහි දී උෂාන් 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 51ක දී ලකුණු 57ක් ලබා ගැනීම තර්ස්ටන් කණ්ඩායමට විශාල සහනයක් වුනා.
ප්‍රධාන ක්‍රීඩකයින් අසාර්ථක වුවත් මංගල මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගැනීම නිසාවෙන් තර්ස්ටන් කණ්ඩායමට ඔවුන්ගේ පළමු ඉනිම යම් ස්ථාවර සහ අභියෝගයක් ගොඩනැංවිය හැකි මට්ටමකට රැගෙන එන්නට හැකි වුනා.
පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සහන් දැක්වූ දක්ෂතාවය ඉසිපතනයට විශාල සවියක් වුනු අතර ඔහු සිය මංගල මහා තරගයේ දී ම කඩුලු 5ක් දවා ගත්තා. මෙහි දී සහන්ට අමතරව ඉසිපතන වේගපන්දු යවන්නන් වන නායක නවීන් සහ සැමුවෙල් ඇතුළු වේගපන්දු යවන්නන් කඩුලු 9ක් දවා ගත්තා. අවසානයේ දී තර්ස්ටන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 186ක් පමණයි.
පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉසිපතන කණ්ඩායම පළමු දිනය අවසන් වන විට, කඩුලු 2ක් දැවී ලකුණු 102ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවරයක් ගොඩනංවාගෙන තිබෙනවා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින තරුෂ්ක අශෙල් නොදැවී ලකුණු 47*ක් ලබාගෙන සිටින අතර යෙසිත් කළුපහන ලකුණු 26යි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thanuga Palihawadana | lbw b Sahan Viraj | 4 | 14 | 0 | 0 | 28.57 |
Thanuja Rajapaksha | c Sithuka Gunawardane b Naveen Kanishka | 56 | 75 | 3 | 4 | 74.67 |
Thenuka Dewappriya | c Sithuka Gunawardane b Kevin Samuel | 0 | 3 | 0 | 0 | 0.00 |
Shanikiya Deshapriya | c Tharusha Nethsara b Naveen Kanishka | 27 | 26 | 6 | 0 | 103.85 |
Vihas Thewmika | c Tharusha Nethsara b Sahan Viraj | 10 | 39 | 1 | 0 | 25.64 |
Navindu Dulan | c Themiya Gunarathne b Sahan Viraj | 22 | 94 | 1 | 0 | 23.40 |
Azeem Mohomed | c Sithuka Gunawardane b Sahan Viraj | 0 | 1 | 0 | 0 | 0.00 |
Ushan Imesh | c Tharushka Ashel b Naveen Kanishka | 57 | 51 | 7 | 1 | 111.76 |
Vishwa Dhananjaya | c Naveen Kanishka b Dasith Senal | 0 | 6 | 0 | 0 | 0.00 |
Gagana Perera | c Dushan Malinga b Sahan Viraj | 0 | 8 | 0 | 0 | 0.00 |
Talisha Nanayakkara | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0) |
Total | 186/10 (52.5 Overs, RR: 3.52) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sahan Viraj | 11.5 | 4 | 44 | 5 | 3.83 | |
Kevin Samuel | 9 | 1 | 43 | 1 | 4.78 | |
Sithuka Gunawardhana | 8 | 2 | 22 | 0 | 2.75 | |
Yesith Kalupahana | 1 | 0 | 8 | 0 | 8.00 | |
Naveen Kanishka | 14 | 0 | 32 | 3 | 2.29 | |
Dasith Senal | 9 | 0 | 32 | 1 | 3.56 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tharusha Nethsara | c Navindu Dulan b Vihas Thewmika | 12 | 28 | 1 | 0 | 42.86 |
Naveen Kanishka | c Shanikiya Deshapriya b Vihas Thewmika | 10 | 28 | 1 | 0 | 35.71 |
Tharushka Ashel | c Thenuka Dewappriya b Vihas Thewmika | 72 | 149 | 8 | 0 | 48.32 |
Yesith Kalupahana | st Shanikiya Deshapriya b Ushan Imesh | 51 | 97 | 2 | 2 | 52.58 |
Sithuka Gunawardane | c Azeem Mohomed b Vihas Thewmika | 6 | 18 | 0 | 0 | 33.33 |
Yuneth Senevirathne | lbw b Vihas Thewmika | 13 | 21 | 2 | 0 | 61.90 |
Themiya Gunarathne | c Ushan Imesh b Vihas Thewmika | 5 | 14 | 1 | 0 | 35.71 |
Dushan Malinga | c Shanikiya Deshapriya b Vishwa Dhananjaya | 10 | 56 | 1 | 0 | 17.86 |
Kevin Samuel | lbw b Vihas Thewmika | 21 | 52 | 3 | 0 | 40.38 |
Dasith Senal | c Ushan Imesh b Azeem Mohomed | 1 | 17 | 0 | 0 | 5.88 |
Extras | 10 (b 3 , lb 1 , nb 6, w 0, pen 0) |
Total | 211/10 (78.5 Overs, RR: 2.68) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Gagana Perera | 9 | 3 | 17 | 0 | 1.89 | |
Vishwa Dhananjaya | 15 | 3 | 58 | 1 | 3.87 | |
Vihas Thewmika | 31.5 | 6 | 67 | 7 | 2.13 | |
Talisha Nanayakkara | 2 | 0 | 7 | 0 | 3.50 | |
Thanuga Palihawadana | 12 | 3 | 31 | 0 | 2.58 | |
Azeem Mohomed | 3 | 0 | 8 | 1 | 2.67 | |
Ushan Imesh | 6 | 0 | 20 | 1 | 3.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thanuja Rajapaksha | c Themiya Gunarathne b Sithuka Gunawardane | 36 | 57 | 5 | 0 | 63.16 |
Thanuga Palihawadana | c Tharusha Nethsara b Sahan Viraj | 27 | 82 | 3 | 0 | 32.93 |
Shanikiya Deshapriya | not out | 53 | 42 | 9 | 0 | 126.19 |
Thenuka Dewappriya | not out | 12 | 40 | 1 | 0 | 30.00 |
Extras | 12 (b 0 , lb 2 , nb 1, w 4, pen 5) |
Total | 140/2 (36.4 Overs, RR: 3.82) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sahan Viraj | 9.4 | 0 | 52 | 1 | 5.53 | |
Kevin Samuel | 1 | 0 | 8 | 0 | 8.00 | |
Tharushka Ashel | 9 | 0 | 22 | 0 | 2.44 | |
Sithuka Gunawardhana | 8 | 1 | 18 | 1 | 2.25 | |
Dasith Senal | 2 | 0 | 8 | 0 | 4.00 | |
Naveen Kanishka | 5 | 1 | 18 | 0 | 3.60 | |
Themiya Gunarathne | 2 | 0 | 7 | 0 | 3.50 |
දෙවැනි දිනයට පැවැත්වෙන මේ තරගය හෙට (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර හෙටත් උදෑසන 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog ViU App හරහා සජීව ලෙස නැරඹීමට හැකියාව තිබෙනවා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු තතු විත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<