වසර 42ක් තරග 311ක් තරම් ඈතට දිවයන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සියවැනි ජයග්‍රහණය වාර්තා කරන්නට අද (28) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවස්ථාව උදා වුනා. ඒ ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 10ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමත් සමඟයි.
අද තීරණාත්මක 5 වැනි දිනයට තරගය ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වෙනුවෙන් දිනය තුල දී කඩුලු 8ක් දවා ගැනීමට අභියෝග කරමින්. සාම්ප්‍රදායික ගාලු තණතිල්ලේ එය කජු කන්නා සේ පහසු වුවද මෙම තරගය සඳහා සකස් කර තිබූ තණතිල්ල ඒ තරම් පන්දු යවන්නන්ට සහය නොදක්වන බව පසුගිය දින හතරේ දී ම දැක ගන්නට ලැබුණා.
දිනය ඇරඹෙද්දී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 212ක් අවශ්‍ය කර තිබූ අයිරිෂ් පිතිකරුවන් කඩුලු 2කට ලකුණු 54ක් ලබා සිටියා. අද උදෑසන පළමු පැයේ දී ශ්‍රී ලංකාව අසිත ප්‍රනාන්දු යොදාගෙන අයර්ලන්තයට අභියෝග කිරීමට උත්සාහ කළ අතර කඩුලු නොලැබුනත්, එම සැලැස්ම සෑහෙන දුරකට සාර්ථක වුනා. ඒ අසිත යැවූ කෙටිපන්දු හමුවේ ප්‍රතිවාදීන්ට සෑහෙන දෙගිඩියාවකින් අද දිනය අරඹන්නට සිදු වූ නිසයි.
මේ අතරේ Andy Balbirnie අසිතගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදී පිටියෙන් ඉවත් වූ අතර එය එතරම්ම බරපතල හානියක් ගෙන දුන්නේ නැහැ. පසුව ඔහුට නැවතත් පිතිකරණයේ යෙදීමට ඉඩ ලැබුණා. දිනයේ පළමු කඩුල්ල ලෙස Paul Stirlingව පිටියෙන් ඉවත් කිරීමට සමත් වන්නේ ප්‍රභාත් ජයසූරියයි. දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන්ම ශ්‍රී ලංකාව බලා පැමිණ මුල් ඉනිමේ ශතකයක් වාර්තා කළ ඔහුව ලකුණකට නිහඬ කිරීම දැවැන්ත ජයග්‍රහණයක් වුනා.
මෙම තීරණාත්මක කඩුල්ල ප්‍රභාත් ජයසූරියගේ ටෙස්ට් දිවියේ 50 වැනි කඩුල්ල ලෙස ද සනිටුහන් වුනා. ඔහු කඩුලු 50 වෙත අඩුම තරග ගණනකින් ළඟා වූ ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස ද වාර්තා පොත් අතරට එක් වෙනවා. පිට පිටම පන්දුවාර 7ක් ක්‍රියාත්මක කළ අසිත ප්‍රනාන්දු එහි දී සාර්ථක වුනේ Lorcan Tuckerගේ කඩුල්ල බිඳ දමමින්. එහි දී ඔහු යැවූ කෙටි පන්දුව Tuckerගේ ශරීරයේ වැදී අවාසනාවන්ත ලෙස කඩුල්ල මතට ඇද වැටුණා.
ඉන්පසු රමේෂ් මෙන්ඩිස්ගේ කතාව ආරම්භ වන අතර දින කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරුගේ ප්‍රකාශයක් නිසා කතාබහට ලක්වූ ඔහු ඒවාට පන්දුවෙන්ම පිළිතුරු ලබා දෙමින් අයර්ලන්ත මැදපෙළ සහමුලින්ම වනසා දැමුවා. එහි දී මුලින්ම රමේෂ්ට ගොදුරු වූ මුල් ඉනිමේ ශතකලාභී Curtis Camper ස්වීප් පහරක් එල්ල කරමින් ලෙග් ස්ලිප් හි පන්දු රැකි කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් ලබා දුන්නා.
- ද්විත්ව ශතක සාදය අවසානයේ ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවේ කඩුලු 2ක්!
- අයිරිෂ් අඩි පාරේ සිංහයෝ ඉව අල්ලති!
- දිමුත් වේගවත්ම ශතකයට යද්දී මදුෂ්ක – මෙන්ඩිස් ශතක සබඳතාවයකට
- අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මේ අනුව ශ්‍රී ලංකාව ප්‍රතිවාදී ඉනිම ලකුණු 121ට කඩුලු 5ක් බවට පත් කරමින් දිවා ආහාරයට ගමන් කරන්නේ ජයග්‍රහණය ගැන සුබ සිහින දකිමිනුයි. දෙවැනි සැසියේ දී රමේෂ් නැවතත් ඔහුගේ මෙහෙයුම ආරම්භ කරන්නේ අයර්ලන්ත නායකයාව දවා ගනිමින්.
පළමු ඉනිමේ දී ශතකය ලකුණු 5කින් අහිමි වූ ඔහුට දෙවැනි ඉනිමේ දී ලකුණු 4කින් අර්ධ ශතකය අහිමි වුනා. නැවතත් ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් Andy Mcbrine පිටියෙන් ඉවත් කරන්නේ ධනංජය ද සිල්වා රැකගත් විශිෂ්ට උඩපන්දුවේ ආධාරයෙන්.
පසුපෙළ පිතිකරු Graham Hume ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමත් සමඟ රමේෂ් මෙන්ඩිස් අද තම ටෙස්ට් දිවියේ සිව්වැනි කඩුලු 5 බැගින් දවා ගැනීම සනිටුහන් කළේ බොහෝ විවේචන වලට පිළිතුරු සපයමින්. කෙසේ නමුත් එක් අන්තයකට වී හුදෙකලා ඉනිමක් ගොඩ නගමින් සිටි Harry Tector නොදැවී ලකුණු 85ක් ලබා සිටි නිසා තරගය තේ පානයෙන් පසුවත් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කළා.
නමුත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු පිට පිටම පන්දු දෙකක දී Tector සහ අවසන් පිතිකරු Benjamin Whiteගේ කඩුලු දෙකම බිඳ හෙළන්නේ ශ්‍රී ලංකාවට වේලාසනින්ම තරගාවලි ජයග්‍රහණයේ ප්‍රීතීය භුක්ති විඳීමට ඉඩ ප්රස්ථා විවර කරමින්. රමේෂ් මෙන්ම තරග දිනවන පන්දු යැවීමක යෙදුණු අසිත ප්‍රනාන්දු වේගපන්දු යවන්නෙකු ලෙස තම යුතුකම ඉටු කරමින් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තා.
මේ නිසාම අයර්ලන්ත දෙවැනි ඉනිම නැවතුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පිටුපසිනුයි. දිනයේ එකම කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළ Harry Tector පන්දු 189කට මුහුණ දෙමින් ලකුණු 85ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟයි. මෙය ඉතිහාසගත වුනේ ශ්‍රී ලංකාව ලබා ගත් සියවැනි ටෙස්ට් තරග ජය ලෙසයි. තරගයේ වීරයා සම්මානය තරගය පුරාවට කඩුලු 7ක් බිඳ හෙලූ ප්‍රභාත් ජයසූරියට හිමි වුනා.
තරගාවලියේ වීරයා සම්මානය හිමිවුනේ ඉනිම් 2ක දී ලකුණු 385ක් ලබා ගත් කුසල් මෙන්ඩිස්ටයි. මේ අනුව කෝඩුකාර අයර්ලන්ත කණ්ඩායමේ මංගල සංචාරය ඉනිමක පරාජයන් දෙකක් සමඟින් අවසන් වුවද දෙවැනි තරගයේ දී පෙන්වූ දස්කම් ඔවුන්ට සැනසිලිදායක හැඟීමක් ගෙන දෙනු ඇති. තවත් ක්‍රීඩා පුවත් වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
James McCollum | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 10 | 28 | 2 | 0 | 35.71 |
Peter Moor | lbw b Asitha Fernando | 5 | 7 | 1 | 0 | 71.43 |
Andy Balbirnie | c Dhananjaya de Silva b Ramesh Mendis | 95 | 163 | 14 | 0 | 58.28 |
Harry Tector | c Dinesh Chandimal b Prabath Jayasuriya | 18 | 44 | 3 | 0 | 40.91 |
Paul Stirling | c Dhananjaya de Silva b Asitha Fernando | 103 | 181 | 9 | 4 | 56.91 |
Lorcan Tucker | b Vishwa Fernando | 80 | 106 | 10 | 0 | 75.47 |
Curtis Campher | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 111 | 229 | 15 | 2 | 48.47 |
Andy McBrine | c & b | 35 | 59 | 3 | 1 | 59.32 |
Graham Hume | lbw b Prabath Jayasuriya | 6 | 23 | 1 | 0 | 26.09 |
Matthew Humphreys | c & b | 7 | 23 | 0 | 0 | 30.43 |
Ben White | not out | 0 | 11 | 0 | 0 | 0.00 |
Extras | 22 (b 9 , lb 11 , nb 1, w 1, pen 0) |
Total | 492/10 (145.3 Overs, RR: 3.38) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 24 | 1 | 92 | 2 | 3.83 | |
Asitha Fernando | 22 | 4 | 78 | 2 | 3.55 | |
Prabath Jayasuriya | 58.3 | 13 | 174 | 5 | 2.98 | |
Ramesh Mendis | 27 | 4 | 108 | 1 | 4.00 | |
Dhananjaya de Silva | 14 | 5 | 20 | 0 | 1.43 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | lbw b Andy McBrine | 205 | 339 | 22 | 1 | 60.47 |
Dimuth Karunaratne | c Matthew Humphreys b Curtis Campher | 115 | 133 | 15 | 0 | 86.47 |
Kusal Mendis | c Matthew Humphreys b Graham Hume | 245 | 291 | 18 | 11 | 84.19 |
Angelo Mathews | not out | 100 | 114 | 6 | 4 | 87.72 |
Dinesh Chandimal | not out | 13 | 14 | 2 | 0 | 92.86 |
Dhananjaya de Silva | not out | 12 | 17 | 2 | 0 | 70.59 |
Extras | 14 (b 2 , lb 8 , nb 2, w 2, pen 0) |
Total | 704/3 (151 Overs, RR: 4.66) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Graham Hume | 22 | 3 | 87 | 1 | 3.95 | |
Andy McBrine | 57 | 8 | 191 | 1 | 3.35 | |
Curtis Campher | 20 | 1 | 101 | 1 | 5.05 | |
Matthew Humphreys | 10 | 0 | 67 | 0 | 6.70 | |
Ben White | 34 | 1 | 203 | 0 | 5.97 | |
Harry Tector | 8 | 0 | 45 | 0 | 5.62 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
James McCollum | b Ramesh Mendis | 10 | 16 | 2 | 0 | 62.50 |
Peter Moor | c Angelo Mathews b Prabath Jayasuriya | 19 | 39 | 1 | 2 | 48.72 |
Andy Balbirnie | c Angelo Mathews b Ramesh Mendis | 46 | 101 | 5 | 0 | 45.54 |
Harry Tector | b Asitha Fernando | 85 | 189 | 8 | 3 | 44.97 |
Paul Stirling | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 5 | 0 | 0 | 20.00 |
Lorcan Tucker | b Asitha Fernando | 13 | 23 | 2 | 0 | 56.52 |
Curtis Campher | c Kusal Mendis b Ramesh Mendis | 12 | 33 | 2 | 0 | 36.36 |
Andy McBrine | c Dhananjaya de Silva b Ramesh Mendis | 10 | 19 | 2 | 0 | 52.63 |
Graham Hume | c Sadeera Samarawickrama b Ramesh Mendis | 0 | 8 | 0 | 0 | 0.00 |
Matthew Humphreys | not out | 4 | 31 | 1 | 0 | 12.90 |
Ben White | b Asitha Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 202/10 (77.3 Overs, RR: 2.61) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 6 | 1 | 15 | 0 | 2.50 | |
Prabath Jayasuriya | 32 | 9 | 88 | 2 | 2.75 | |
Ramesh Mendis | 27 | 6 | 64 | 5 | 2.37 | |
Asitha Fernando | 11.3 | 3 | 30 | 3 | 2.65 | |
Dhananjaya de Silva | 1 | 0 | 3 | 0 | 3.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<