අයර්ලන්ත – ශ්රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම අයර්ලන්තයට සින්න වී යාමෙන් අනතුරුව අද (25) සත්කාරක ශ්රී ලංකාව නැවතත් සාර්ථක ලෙස තරගයට අවතීර්ණ වුනා.
මේ අනුව දෙවැනි දිනයේ නිමාව සටහන් වෙද්දී ඔවුන් කඩුලු 10ම අතැතිව අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 411ක් පිටුපසින් සිටිනවා.
ඊයේ දිනය වෙනුවෙන් තරගය අත්හිටුවන විට කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත් අයර්ලන්තය වාර්තාගත පිතිකරණයක යෙදෙමින් කඩුලු 4කට ලකුණු 319ක් ලබා සිටියා. ඒ වෙද්දී Lorcan Tucker ලකුණු 78ක් ද, Curtis Camper ලකුණු 27ක් ද ලබාගෙන පිටියේ රැඳී සිටියා.
අයර්ලන්තයට සොඳුරු සිහිනයක් බඳු වූ ඊයේ දිනයේ ඔවුන්ට තිබූ එකම කණගාටුවට කරුණ වූයේ නායක Andrew Balbirnie ශතකය පෙනි පෙනී ලකුණු 95කට දැවී යාම පමණයි. ඊයේ දිනයේ ඉතා හොඳ ප්රහාරක වේගයකින් පන්දුවට පහර දෙමින් ශතකයට ආසන්න වෙමින් සිටි Tuckerව අද උදෑසන ලකුණු 80කින් නතර කර ගැනීමට විශ්ව ප්රනාන්දුට හැකි වුනා. ඒ Tuckerගේ ඉදිරි පාදයේ ආරක්ෂිත පහර මග හරිමින් පන්දුව කඩුල්ලේ ගැටීමට සලස්වමින්.
තමා සමඟ විශිෂ්ට ලකුණු සබඳතා දෙකකට දායක වූ සගයින් දෙදෙනාටම නොහැකි වූ ශතකය වෙත ආසන්න වීමට අද Paul Stirlingට හැකි වුනා. ඒ පන්දු 181ක් පුරාවට ශ්රී ලංකාවේ සුප්රකට දඟපන්දු අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ලකුණු 103ක් රැස්කරමිනුයි. Stirlingගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 4කින් හැඩ වුනා. මෙම ශතකයත් සමඟින් ඔහු තරග රටා තුනේම ශතක රැස් කළ පිතිකරුවන් ලැයිස්තුවටත් ඇතුළත් වුනා.
ශතකය ලබා ගැනීමෙන් පසුව Stirling අසිත ප්රනාන්දු යොමු කළ “කෙටි පන්දු ඇමට” හසු වූ අතර ඔහු එල්ල කළ පුල් පහර හතරේ සීමාව අසල සිටි ධනංජය ද සිල්වා දක්ෂ අයුරින් රැක ගත්තා. මේ නිසා අයර්ලන්තය දිවා ආහාරය සඳහා ක්රීඩාගාරයට පිය නගන්නේ කඩුලු 6කට ලකුණු 399ක් ලබා සිටිය දීයි. මේ වන විට අයර්ලන්තය පන්දුවට පහර දුන් අයුරු සැලකීමේ දී ඔවුන් ලකුණු 500 සීමාවත් පහසුවෙන් පසුකර යන බව පෙනෙන්නට තිබුණා.
- Stirling සහ Balbirnieගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්රී ලංකාව හෙම්බත් වෙයි
- මැක්ස්වෙල් – ප්ලෙසිස් දරුණු ප්රති ප්රහාරයෙන් රාජස්ථාන් කඳවුර දෙදරයි!
- ශ්රී ලංකාව වසර 42ක ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්රහණයට
- තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය
- අයර්ලන්තයට එරෙහි ශ්රී ලංකා සංචිතය නම් කරයි
ඊයේ දිනයේ වැපිරූ බීජවලින් අස්වැන්න නෙලා ගැනීමට අයර්ලන්තයට ඉඩ ප්රස්ථා ලැබුණු අද දිනයේ දෙවැනි ශතකය වාර්තා වන්නේ Curtis Camperගේ පිත්තෙනුයි. ඔහු අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් පන්දු 229ක දී ලකුණු 111ක් රැස් කළා. ඔහුගේ මැරතන් ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහර 2කින් හැඩ වුනා. ඔහුගේ ඉනිමත් නිමා වන්නේ ධනංජය ද සිල්වා ස්ලිප් හි සිට ගුවනට පැන රැකගත් අතිවිශිෂ්ට උඩපන්දුවක් නිසයි.
Camperගේ දැවී යාමෙන් පසු ප්රභාත් ජයසූරිය ප්රමුඛ ශ්රී ලංකාව පන්දු යවන්නන් ග්රහණය දැඩි කළ අතර පසුපෙළ පිතිකරුවන්ට ලකුණු පුවරුවට වැඩි දායකත්වයක් දැක්වීමට හැකි වුනේ නැහැ. ලකුණු 18ක් ඇතුළත ඔවුන්ගේ අවසන් කඩුලු 4ම බිඳ දැමීමට ශ්රී ලංකාවට හැකි වුනා. මේ අනුව කණ්ඩායම් දෙක තේ පානයට ක්රීඩාංගණයෙන් ඉවත් වන්නේ අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 492කට සීමා කිරීමෙන් අනතුරුවයි. වෙහෙසකර නමුත් සාර්ථක පන්දු යැවීමක් අවසන් කළ ප්රභාත් ජයසූරිය තවත් ඉනිමක කඩුලු 5ක් බිඳ හෙලීමක් අද සටහන් කළා.
මේ අනුව ටෙස්ට් තරගයක ඉතාමත් අවිනිශ්චිත මොහොතක් වන දිනයේ තෙවැනි සහ අවසන් සැසියේ දී පිතිකරණය ආරම්භ කරන්නට ශ්රී ලංකාවට සිදු වුනා. ලකුණු පුවරුවේ පීඩනයත් හොඳින්ම තිබූ මේ මොහොතේ ශ්රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු කිහිපයක් එකවර බිඳ වැටුණා නම් එය අයර්ලන්තයට ජය කණුව දක්වා පාර කැපීමක් වන්නට ද ඉඩ තිබුණා.
නමුත් ඉනිම ඇරඹූ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක එම සැක සංකා ඉක්මනින්ම දුරු කර දැමුවේ දිනය නිමා වන තුරුම නොසැලී කඩුල්ලේ රැඳී සිටිමිනුයි. ඒ අතරේ තමන්ව දවා ගැනීමට කිසිදු අවස්ථාවක් ප්රතිවාදීන්ට ලබා නොදීමට තරම් ඔවුන් දෙදෙනා පරිස්සම් වුනා. නිශාන් මදුශ්ක එල්ල කළ අලංකාර කට් පහරකින් පන්දුව හතරේ සීමාවට ගලා යාමත් සමඟ ශ්රී ලංකාවේ ලකුණු 50 සම්පූර්ණ වූ අතර ඒ වන විට ගෙවී ගොස් තිබුණේ පන්දුවාර 11ක් පමණයි.
මේ වෙද්දී ගාලු ක්රීඩාංගණය අවට අඳුරු වලාකුළු පොදි ගැසී තිබුණේ ළඟ එන වර්ෂාවක පෙරනිමිති පහළ කරමින්. මේ නිසා තණතිල්ලට විශාල හානියක් වන්නට ප්රථම තරගය මදක් වේලාසනින් අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කළා.
මේ අනුව පොද වැසි මැද ක්රීඩාංගණයට පිය නගන විට නායක දිමුත් ලකුණු 41කුත්, මදුශ්ක ලකුණු 39කුත් ලබාගෙන සිටියා. ශ්රී ලංකා ඉනිම දැක්වුනේ පන්දුවාර 18.1ක් අවසානයේ ලකුණු 81ක් ලෙසයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
James McCollum | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 10 | 28 | 2 | 0 | 35.71 |
Peter Moor | lbw b Asitha Fernando | 5 | 7 | 1 | 0 | 71.43 |
Andy Balbirnie | c Dhananjaya de Silva b Ramesh Mendis | 95 | 163 | 14 | 0 | 58.28 |
Harry Tector | c Dinesh Chandimal b Prabath Jayasuriya | 18 | 44 | 3 | 0 | 40.91 |
Paul Stirling | c Dhananjaya de Silva b Asitha Fernando | 103 | 181 | 9 | 4 | 56.91 |
Lorcan Tucker | b Vishwa Fernando | 80 | 106 | 10 | 0 | 75.47 |
Curtis Campher | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 111 | 229 | 15 | 2 | 48.47 |
Andy McBrine | c & b | 35 | 59 | 3 | 1 | 59.32 |
Graham Hume | lbw b Prabath Jayasuriya | 6 | 23 | 1 | 0 | 26.09 |
Matthew Humphreys | c & b | 7 | 23 | 0 | 0 | 30.43 |
Ben White | not out | 0 | 11 | 0 | 0 | 0.00 |
Extras | 22 (b 9 , lb 11 , nb 1, w 1, pen 0) |
Total | 492/10 (145.3 Overs, RR: 3.38) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 24 | 1 | 92 | 2 | 3.83 | |
Asitha Fernando | 22 | 4 | 78 | 2 | 3.55 | |
Prabath Jayasuriya | 58.3 | 13 | 174 | 5 | 2.98 | |
Ramesh Mendis | 27 | 4 | 108 | 1 | 4.00 | |
Dhananjaya de Silva | 14 | 5 | 20 | 0 | 1.43 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | lbw b Andy McBrine | 205 | 339 | 22 | 1 | 60.47 |
Dimuth Karunaratne | c Matthew Humphreys b Curtis Campher | 115 | 133 | 15 | 0 | 86.47 |
Kusal Mendis | c Matthew Humphreys b Graham Hume | 245 | 291 | 18 | 11 | 84.19 |
Angelo Mathews | not out | 100 | 114 | 6 | 4 | 87.72 |
Dinesh Chandimal | not out | 13 | 14 | 2 | 0 | 92.86 |
Dhananjaya de Silva | not out | 12 | 17 | 2 | 0 | 70.59 |
Extras | 14 (b 2 , lb 8 , nb 2, w 2, pen 0) |
Total | 704/3 (151 Overs, RR: 4.66) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Graham Hume | 22 | 3 | 87 | 1 | 3.95 | |
Andy McBrine | 57 | 8 | 191 | 1 | 3.35 | |
Curtis Campher | 20 | 1 | 101 | 1 | 5.05 | |
Matthew Humphreys | 10 | 0 | 67 | 0 | 6.70 | |
Ben White | 34 | 1 | 203 | 0 | 5.97 | |
Harry Tector | 8 | 0 | 45 | 0 | 5.62 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
James McCollum | b Ramesh Mendis | 10 | 16 | 2 | 0 | 62.50 |
Peter Moor | c Angelo Mathews b Prabath Jayasuriya | 19 | 39 | 1 | 2 | 48.72 |
Andy Balbirnie | c Angelo Mathews b Ramesh Mendis | 46 | 101 | 5 | 0 | 45.54 |
Harry Tector | b Asitha Fernando | 85 | 189 | 8 | 3 | 44.97 |
Paul Stirling | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 5 | 0 | 0 | 20.00 |
Lorcan Tucker | b Asitha Fernando | 13 | 23 | 2 | 0 | 56.52 |
Curtis Campher | c Kusal Mendis b Ramesh Mendis | 12 | 33 | 2 | 0 | 36.36 |
Andy McBrine | c Dhananjaya de Silva b Ramesh Mendis | 10 | 19 | 2 | 0 | 52.63 |
Graham Hume | c Sadeera Samarawickrama b Ramesh Mendis | 0 | 8 | 0 | 0 | 0.00 |
Matthew Humphreys | not out | 4 | 31 | 1 | 0 | 12.90 |
Ben White | b Asitha Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 202/10 (77.3 Overs, RR: 2.61) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 6 | 1 | 15 | 0 | 2.50 | |
Prabath Jayasuriya | 32 | 9 | 88 | 2 | 2.75 | |
Ramesh Mendis | 27 | 6 | 64 | 5 | 2.37 | |
Asitha Fernando | 11.3 | 3 | 30 | 3 | 2.65 | |
Dhananjaya de Silva | 1 | 0 | 3 | 0 | 3.00 |
මේ අනුව හෙට දිනය පුරාවට මේ අයුරින්ම දක්ෂ පිතිකරණයක යෙදුනොත් ශ්රී ලංකාවට සංචාරකයින්ගේ පළමු ඉනිමට කිට්ටු කිරීමට අවකාශ උදා වනු ඇති. එහි දී දිනයේ පළමු පැය කඩුලු ලබා නොදී ආරක්ෂා වීම ඉතාමත් වැදගත් වනවා. තරගයේ තීරණාත්මක තෙවැනි දිනයේ සියලු තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<