ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (02) විසඳුමකින් තොරව කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් විය.
සංචාරක ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු දිනයේ දී සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 313ක් ලබා ගත් හ. ලකුණු 154ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ දිනය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 60ක් ලබා සිටිය හ.
මහීෂ් තීක්ෂණ සහ තරිඳු කෞෂාල් දක්ෂ පන්දු යැවීමක
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාප…
තරගයේ දෙවැනි දිනයේ පෙරවරුවේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සඳුන් වීරක්කොඩි සහ නායක හෂාන් දුමිඳු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 141ක් ලබා ගනිමින් අයර්ලන්ත ක්‍රීඩකයෝ ආරම්භයේ දී ම අසීරුතාවට පත් කළහ. හැරී ටෙක්ටර් විසින් යවනු ලැබූ පන්දුවකට කඩුල්ල බිඳ දමා ගනිමින් සඳුන් වීරක්කොඩි දැවී යන විට පන්දු 86කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේ ය.
එම පන්දු වාරයේ දී ම හසිත බෝයගොඩගේ (0) කඩුල්ල ද දවා ගැනීමට ටෙක්ටර් සමත් විය. අනතුරුව ඔසඳ ප්‍රනාන්දු සහ හෂාන් දුමිඳු අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් ගොඩ නැගුණි. ඔසද ප්‍රනාන්දු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේ ය.
ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූ හෂාන් දුමිඳු පන්දු 121කට හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු විය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම 209ක්ව තිබුණි. අනතුරුව කඩුල්ලේ දී ලකුණු 56ක සබඳතාවක් එක් කිරීමට නුවනිඳු ප්‍රනාන්දු සහ දුශාන් විමුක්ති සමත් වූහ. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 47කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 35ක් ලබා ගනිමින් ඉනිම අත්හිටු වූයේ අශේන් බණ්ඩාර අවස්ථාව ලබා දෙමිනි.
පොඩි කුසල් ගැන ටෙස්ට් නායක චන්දිමාල් කියන කතාව
කුසල් මෙන්ඩිස්ගේ වයස තවමත් අවුරුදු 23ක්. ඔහු පසුගිය දා නිමා වූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා…
අශේන් බණ්ඩාර සහ දුශාන් විමුක්ති අතර හය වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 23කි. එවර හෂාන් දුමිඳු ඉනිම අත්හිටු විය. ඒ වෙද්දී හෂාන් දුමිඳු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියේ ය.
ඉන් අනතුරුව පිටියට පිවිසි හෂේන් රාමනායක ලකුණු 10කට දැවී යෑමත් සමඟම ශ්‍රී ලංකා ඉනිම අත්හිටු වීමට නායකයා තීරණය කළේය. ඒ වෙද්දී අනෙක් අන්තයේ පන්දු 34කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටි අශේන් බණ්ඩාර නොදැවී සිටියේ ය.
පන්දු යැවීමේ දී හැරී ටෙක්ටර් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතරව ජොනතන් ග්‍රාත් ද ලකුණු 72කට කඩුලු දෙකක් දවා ගත්තේ ය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 6ක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට කලන පෙරේරා සමත් විය.
එසේ වූව ද ජේම්ස් මැකලම් එක් අන්තයකින් සාර්ථක වෙමින් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය.
Photos: Sri Lanka A Team vs Ireland A Team | Warm-up Match | Day 2
කඩුලු ලබා ගැනීමේ දී කලණ පෙරේරා, අක්තාබ් කාදර්, ආකාශ් සේනාරත්න සහ ශාන් විමුක්ති කඩුල්ල බැගින් ලබා ගත් හ.
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 159 (53.3) ජේම්ස් මැකලම් 24, හැරි ටෙක්ටර් 26, ලෝකන් ටකර් 47, ආරොන් ගිලෙස්පි 23, හෂේන් රාමනායක 2/11, තරිඳු කෞෂාල් 3/28, මහීෂ් තීක්ෂණ 3/09
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 313 (68.1) සඳුන් වීරක්කොඩි 93, හෂාන් දුමිඳු 74, ඔසද ප්‍රනාන්දු 34, නුවනිඳු ප්‍රනාන්දු 35, දුශාන් විමුක්ති 27, අශේන් බණ්ඩාර 31, ජොනතන් ග්‍රාත් 2/72, හැරි ටෙක්ටර් 2/58
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 60 (24) ජේම්ස් මැකලම් 31
දෙරට අතර පැවැත්වෙන පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 5 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය.
තරගාවලියේ උණුසුම් පුවත් සහ වාර්තා දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















