2025 IPL ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රියේ නිමා වූ අතර, වෙන්දේසිය අවසන් වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනෙකු කණ්ඩායම් 5ක් අතරේ බෙදී ගොස් තිබීම විශේෂත්වයක්.
වනිඳු සහ මහීෂ්ට අමතරව
වෙන්දේසියේ පළමු දිනය තුළ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යුගලය Rajasthan Royals කණ්ඩායම විසින් ඉහළ වටිනාකම් සමඟ මිලට ගැනීමට ඉදිරිපත් වුනා.
මේ අතර ඊයේ (25) දිනය තුළ Sunrisers Hyderabad කණ්ඩායම විසින් මෙතෙක් IPL වරම් ලබා නොසිටි කමිඳු මෙන්ඩිස් සහ එශාන් මාලිංග තම කණ්ඩායම සමඟ එක් කර ගැනීම විශේෂත්වයක්. මෙහි දී එශාන් මාලිංග වෙනුවෙන් Sunrisers Hyderabad කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතරේ තරමක සටනක් ද නිර්මාණය වූ අතර, අවසානයේ ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.20ක මුදලකට Sunrisers සමඟ එක් වුනා.
මේ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර මෙවර Delhi Capitals කණ්ඩායම සමඟ එක් වන අතර, නුවන් තුෂාර Royal Challengers Bengaluru කණ්ඩායම සමඟ එක් වීමත් විශේෂත්වයක්.
මීට අමතරව සුපුරුදු පරිදි මෙවර IPL තරගාවලියේ ඉහළම වටිනාකමක් ලද ශ්‍රී ලාංකිකයා ලෙස මතීෂ පතිරණ තවදුරටත් Chennai Super Kings කණ්ඩායම සමඟ රැඳී සිටිනු ඇති.
දෙවැනි දිනයේ ඉහළම ඉල්ලුම වේගපන්දු යවන්නට
ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනය තුළ වැඩිම වටිනාකමක් ලද ක්‍රීඩකයා වීමට Bhuwaneshwar Kumar සමත් වුනේ කෝටි 10.75ක මුදලකට RCB කණ්ඩායම සමඟ එක් වෙමිනුයි.
ඊට අමතරව මෙතෙක් කල් CSK සමඟ රැඳී සිටි Deepak Chahar මෙවර කෝටි 9.25ක මුදලක් සමඟ Mumbai Indians වෙත එක් වුනා. එමෙන්ම Akash Deep LSG සමඟත්, Mukesh Kumar DC සමඟත් එක් වුනා.
IPL තරුව ඉවතට විසි වෙයි
IPL ඉතිහාසයේ වඩාත් සාර්ථක ම විදෙස් පිතිකරුවා ලෙස සැලකුම් ලබන ඕස්ට්‍රේලියාවේ David Warner මෙවර කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විශේෂත්වයක්. මේ වන විට 38 හැවිරිදි වියේ පසු වන Warner නිමා වූ IPL තරගාවලියේ දී එතරම් සාර්ථක නොවීම එයට හේතුව ලෙස වටහාගත හැකි.
මේ අතර එංගලන්තයේ JJhonny Bairstow, නවසීලන්තයේ Daryl Mitchell මෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් ලෙස Shardul Takur සහ Prithvi Shaw ද මෙවර වෙන්දේසියේ දී කිසිඳු කණ්ඩායමකින් මිලදී නොගැනීම විශේෂත්වයක්.
අවුරුදු 13 දී IPL පිටියට
මේ අතර මෙවර IPL වෙන්දේසියේ වඩාත් කතාබහට ලක් වන සිදුවීමක් ලෙස 13 හැවිරිදි Vaibhav Suryavanshi Rajasthan Royals කණ්ඩායම විසින් මිලට ගැනීම හඳුන්වා දිය හැකි. තවමත් වයස අවුරුදු 13 දින 244ක් පමණක් වන Vaibhav වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් විසින් තරග වැදුණා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ඔහුට කෝටි 1.10ක වටිනාකමක් හිමි වුනා.
Vaibhav Suryavanshi විසින් මෑතකාලීන ව කැපී පෙනෙන පිතිකරණ දක්ෂතා දැක්වීමට සමත් වී ඇති අතර, ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 58කින් ලකුණු 104ක් ලබා ගැනීමට අමතරව, ඔහු මේ වන විටත් ත්‍රිත්ව ශතකයක ද හිමිකරුවෙකු වනවා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ක්‍රීඩක වෙන්දේසිය අවසානයේ IPL සංචිත :
Cr – ඉන්දීය රුපියල් කෝටි
L – ඉන්දීය රුපියල් ලක්ෂ
Sunrisers Hyderabad
රඳවා ගත් ක්‍රීඩකයින් (5): Heinrich Klaasen (23 Cr), Pat Cummins (18 Cr), Travis Head (14 Cr), Abhishek Sharma (14 Cr), Nitish Reddy (6 Cr)
නව මිලදී ගැනීම් (15): Ishan Kishan (11.25 Cr), Mohammed Shami (10 Cr), Harshal Patel (8 Cr), Abhinav Manohar (3.2 Cr), Rahul Chahar (3.2 Cr), Adam Zampa (2.4 Cr), Simarjeet Singh (1.5 Cr), Eshan Malinga (1.2 Cr), Jaydev Unadkat (1 Cr), Brydon Carse (1 Cr), Kamindu Mendis (75L), Zeeshan Ansari (40L), Atharva Taide (30L), Sachin Baby (30L), Aniket Verma (30L)
Lucknow Super Giants
රඳවා ගත් ක්‍රීඩකයින් (5): Nicholas Pooran (21 Cr), Ravi Bishnoi (11 Cr), Mayank Yadav (11 Cr), Mohsin Khan (4 Cr), Ayush Badoni (4 Cr)
නව මිලදී ගැනීම් (19): Rishabh Pant (27 Cr), David Miller (7.5 Cr), Aiden Markram (2 Cr), Mitchell Marsh (3.4 Cr), Avesh Khan (9.75 Cr), Abdul Samad (4.2 Cr), Aryan Juyal (30L), Akash Deep (8 Cr), Himmat Singh (30L), M Siddharth (75L), Digvesh Singh (30L), Shahbaz Ahmed (1.9 Cr), Akash Singh (30L), Shamar Joseph (75L), Prince Yadav (30L), Yuvraj Chaudhary (30L), Rajvardhan Hangargekar (30L), Arshin Kulkarni (30L), Matthew Breetzke (75L)
Mumbai Indians
රඳවා ගත් ක්‍රීඩකයින් (5):Jasprit Bumrah (18 Cr), Suryakumar Yadav (16.35 Cr), Hardik Pandya (16.35 Cr), Rohit Sharma (16.3 Cr), Tilak Varma (8 Cr)
රඳවා ගත් ක්‍රීඩකයින් (15): Trent Boult (12.5 Cr), Naman Dhir (5.25 Cr), Robin Minz (65 L), Karn Sharma (50 L), Bevon Jacobs (30L), Ryan Rickelton (1 Cr), Krishnan Shrijith (30L), Raj Bawa (30L), Will Jacks (5.25 Cr), Mitchell Santner (2 Cr), Allah Ghazanfar (4.8 Cr), Deepak Chahar (9.25 Cr), Reece Topley (75L), Ashwani Kumar (30L), Satyanarayana Raju (30L), Arjun Tendulkar (30L), Lizaad Williams (75L), Vignesh Puthur (30L)
Gujarat Titans
රඳවා ගත් ක්‍රීඩකයින් (5): Rashid Khan (18 Cr), Shubman Gill (16.5 Cr), Sai Sudharsan (8.5 Cr), Rahul Tewatia (4Cr), Shahrukh Khan (4 Cr)
නව මිලදී ගැනීම් (15): Jos Buttler (15.75 Cr), Mohammad Siraj (12.25 Cr), Kagiso Rabada (10.75 Cr), Prasidh Krishna (9.5 Cr), Mahipal Lomror (1.7 Cr), Nishant Sindhu (30 L), Kumar Khushagra (65L), Anuj Rawat (30L), Manav Suthar (30L), Glenn Phillips (2 Cr), R Sai Kishore (2 Cr RTM), Gerald Coetzee (2.4 Cr), Jayant Yadav (75L), Arshad Khan (1.3 Cr), Sherfane Rutherford (2.6 Cr), Washington Sundar (3.2 Cr), Gurnoor Brar (1.3 Cr), Ishant Sharma (75 L), Karim Janat (75L), Kulwant Khejroliya (30L)
Rajasthan Royals
රඳවා ගත් ක්‍රීඩකයින් (6): Yashasvi Jaiswal (18 Cr), Sanju Samson (18 Cr), Dhruv Jurel (14 Cr), Riyan Parag (14 Cr), Shimron Hetmyer (11 Cr) Sandeep Sharma (4 Cr)
නව මිලදී ගැනීම් (5): Jofra Archer (12.5 Cr), Tushar Deshpande (6.50 Cr), Wanindu Hasaranga (5.25 Cr), Maheesh Theekshana (4.40 Cr), Nitish Rana (4.20 Crore), Fazalhaq Farooqi (2 Cr) Kwena Maphaka (1.50 Cr), Akash Madhwal (1.20 Cr), Vaibhav Suryavanshi (1.1 Cr), Shubham Dubey (80L), Yudhvir Singh Charak (35L), Kumar Kartikeya (30L), Kunal Singh Rathore (30L), Ashok Sharma (30L)
Chennai Super Kings
රඳවා ගත් ක්‍රීඩකයින් (5): Ruturaj Gaikwad (18 Cr), Ravindra Jadeja (18 Cr), Matheesha Pathirana (13 Cr), Shivam Dube (12 Cr), MS Dhoni (4 Cr)
නව මිලදී ගැනීම් (20): Noor Ahmad (10 Cr), Ravichandran Ashwin (9.75 Cr), Devon Conway (6.25 Cr), Khaleel Ahmed (4.80 Cr), Rachin Ravindra (4 Cr), Rahul Tripathi (3.40 Cr),Anshul Kamboj (3.40 Cr), Vijay Shankar (1.20 Cr), Sam Curran (2.40 Cr), Gurjapneet Singh (2.20 Cr), Nathan Ellis (2 Cr), Deepak Hooda (1.70 Cr), Jamie Overton (1.50 Cr), Vansh Bedi (55L), Mukesh Choudhary (30L), Shreyas Gopal (30L), Ramakrishna Ghosh (30L), Kamlesh Nagarkoti (30L), Andre Siddharth (30L), Shaik Rasheed (30L)
Royal Challengers Bengaluru
රඳවා ගත් ක්‍රීඩකයින් (3): Virat Kohli (21 cr), Rajat Patidar (11 cr), Yash Dayal (5 cr)
නව මිලදී ගැනීම් (19): Josh Hazlewood (12.50 cr), Phil Salt (11.50 cr), Jitesh Sharma (11 cr), Bhuvneshwar Kumar (10.75 cr), Liam Livingstone (8.75 cr), Rasikh Salam (6 cr), Krunal Pandya (5.75 cr), Tim David (3 cr), Jacob Bethell (2.6 cr), Suyash Sharma (2.6 cr), Devdutt Padikkal (2 cr), Nuwan Thushara (1.6 cr), Romario Shepherd (1.5 cr), Lungi Ngidi (1 cr), Swapnil Singh (50L), Manoj Bhandage (30L), Swastik Chikara (30L), Mohit Rathee (30L), Abhinandan Singh (30L)
Delhi Capitals
රඳවා ගත් ක්‍රීඩකයින් (4): Axar Patel (16.50 Cr), Kuldeep Yadav (13.25 Cr), Tristan Stubbs (10 Cr), Abishek Porel (4 Cr)
නව මිලදී ගැනීම් (19): Mitchell Starc (11.75 Cr), KL Rahul (14 Cr), Harry Brook (6.25 Cr), Jake Fraser-McGurk (9 Cr, RTM), T Natarajan (10.75 Cr), Karun Nair (50 Lakh), Sameer Rizvi (95 Lakh), Ashutosh Sharma (3.80 Cr), Mohit Sharma (2.20 Cr), Faf du Plessis (2 Cr), Mukesh Kumar (8 Cr, RTM), Darshan Nalkande (30 Lakh), Vipraj Nigam (50 Lakh), Dushmantha Chameera (75 Lakh), Donovan Ferreira (75 Lakh), Ajay Mandal (30 Lakh), Manvanth Kumar (30 Lakh), Tripurana Vijay (30 Lakh), Madhav Tiwari (40 Lakh)
Kolakata Knight Riders
රඳවා ගත් ක්‍රීඩකයින් (6):Rinku Singh (13 Cr), Andre Russell (12 Cr), Sunil Narine (12 Cr), Varun Chakaravarthy (12 Cr), Harshit Rana (4 Cr), Ramandeep Singh (4 Cr)
නව මිලදී ගැනීම් (15): Angkrish Raghuvanshi (3 Cr), Quinton de Kock (3.60 Cr), Rahmanullah Gurbaz (2 Cr), Venkatesh Iyer (23.75 Cr), Mayank Markande (30 L), Anrich Nortje (6.50 Cr), Vaibhav Arora (1.80 Cr), Ajinkya Rahane (1.5 Cr), Manish Pandey (75L), Luvnith Sisodia (30L), Anukul Roy (40L), Rovman Powell (1.5 Cr), Moeen Ali (2 Cr), Umran Malik (75L), Spencer Johnson (2.80 Cr)
Punjab Kings
රඳවා ගත් ක්‍රීඩකයින් (2):Shashank Singh (4 Cr), Prabhsimran Singh (4 Cr)
නව මිලදී ගැනීම් (23): Shreyas Iyer (26.75 Cr), Nehal Wadhera (4.20 Cr), Vishnu Vinod (95L), Marcus Stoinis (11 Cr), Glenn Maxwell (4.20 Cr), Yuzvendra Chahal (18 Cr), Harpreet Brar (1.50 Cr), Arshdeep Singh (18 Cr), Vijaykumar Vyshak (1.80 Cr), Yash Thakur (1.60 Cr), Harnoor Singh (30L), Musheer Khan (30L), Pyla Avinash (30L), Josh Inglis (2.60 Cr), Suryansh Shedge (30L), Marco Jansen (7 Cr), Aaron Hardie (1.25 Cr), Azmatullah Omarzai (2.40 Cr), Priyansh Arya (3.80 Cr), Praveen Dubey (30L), Kuldeep Sen (80L), Xavier Bartlett (80L), Lockie Ferguson (2 Cr)
2025 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<