පසුගියදා ඩුබායි හිදී නිමාවට පත්වූ ආසියා ශාන්තිකර පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 6ක් දිනා දීමට අමාරා ඉන්දුමතී ප්‍රමුඛ ක්‍රීඩකයන් හත් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මොවුන් දැක්වූ මෙම දස්කම් නිසා බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට මොවුන් සුදුසුකම් සපුරා ඇත.
මෙම තරගාවලියේදී අමාරා ඉන්දුමතී හා අනිල් ප්‍රසන්න ජයලත් රන් පදක්කම් 2 බැඟින් දිනා ශ්‍රී ලංකා මාතාවට විශාල කීර්තියක් අත්කරදීමට සමත් විය. මෙහිදී අනිල් විසින් තමන් විසින්ම පිහිටුවා තිබු T 42 කාණ්ඩයේ 200m ඉසව්වේ වාර්තාව තත්පර 25.11 නිමා කරමින් අලුත් කිරීමට සමත් විය. ( පැරණි වාර්තාව 25.87). 30 හැවිරිදි අනිල් 2014 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළලේදී මෙම ඉසව්වේ රන් පදක්කම් ද දිනා ගත් සුපිරි දස්කම් ඇති ක්‍රීඩකයෙකි.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු කියා සිටියේ 2016 පැරා ඔලිම්පික් සඳහා පෙර සුදානමක් ලෙස මෙම තරගාවලිය යොදාගත් බවත් ඉදිරි තරගවලදී කාලය තත්පර 24.5 දක්වා දියුණු කර ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට උත්සහ කරන බවත්ය. 200m ට අමතරව ඔහු T 42 100m තත්පර 12.62 නිමා කර දෙවන රන් පදක්කමත් ලක්මවට දිනා දීමට සමත්විය. ඔහු දුර පැනීම ඉසව්ව 5.37m දස්කමක් දක්වමින් රිදී පදක්කම ද දිනා ගත්තේය.
T 47 කාණ්ඩයට අයත්වන අමාරා ඉන්දුමතී 200m තත්පර 27.89 කින් හා 400m තත්පර 63.07 නිමාකරමින් ලක්මව රනින් බබලවන්නට සමත්වුණු අතරම දුර පැනීම ඉසව්ව 4.70m දස්කමක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට හැකිවිය.
අනෙක් රන් පදක්කම් 2 අජිත් හෙට්ටිආරච්චි T 44 100m තරගය තත්පර 12.30 නිමා කරමින් ද අනිල් ප්‍රමුක T 42/47 4*100m සහය දිවීමේ කණ්ඩායම් ඉසව්ව තත්පර 45.42 නිමා කරමින් දිනා ගැනීමට සමත් විය.
2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් දිනා දෙමින් ශ්‍රී ලංකාවට අතිවිශාල කීර්තියක් අත්කරදුන් ප්‍රදීප් සංජය මෙවර මදක් පසුබසිමින් ආසියානු තරගයේ ලෝකඩ පදක්කමකින් සිමා වන්නට සිදුවිය.
ශ්‍රී ලංකාව රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් සමස්ත රන් පදක්කම් සටහනේ 6 වන ස්ථානයට පත්විය.
සාමාජිකයන් 8කට පමණක් සීමාවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහොමයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයන් වේ. ක්‍රීඩා පිටියේ දස්කම් දක්වන ඔවුන් මීට වසර කිහිපයකට පෙර යුධ පිටියේ ද සුරු විරුකම් පෙන්වූ අයවලුන්ම වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ප්‍රතිඵල
රන් පදක්කම්ලාභීන්
අනිල් ප්‍රසන්න ජයලත් T 42 100m ,200m
අමරා ඉන්දුමතී T 44/47 200m T20/43-47 400m
අජිත් හෙට්ටිආරච්චි T 44 100m පිරිමි 4*100 T 42/47
රිදී පදක්කම්ලාභීන්
ගාමිණි කැටවල F 46 හෙල්ල විසිකිරීම
අමාරා ඉන්දුමතී F 20/47 දුර පැනිම
අජිත් හෙට්ටිආරච්චි T 44 400m
අනිල් ප්‍රසන්න ජයලත් F 42/44 දුර පැනීම
ලෝකඩ පදක්කම්ලාභීන්
ප්‍රදීප් සංජය T 47 400m
අජිත් හෙට්ටිආරච්චි T 44 200m
බුද්ධික ඉන්ද්‍රපාල T 42 100m , 200m F 42/44 දුර පැනීම