අන්තර්ජාතික මුයිතායි යොවුන් ශූරතාවයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මැයි මස නාවලපිටියේ දී පැවති ප්‍රථම ජාතික මුයිතායි තරගාවලියෙන් අනතුරුව ජූලි මාසයේ දී තායිලන්තය බලා පිටත් විය. ජාතික යොවුන් සංචිතය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත අතර තිදෙනෙකුගෙන් යුත් නිලධාරීන් මඩුල්ලක් ද තරගාවලියට සහභාගී විය.

තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මුයිතායි සටන් කලාව “තායි බොක්සිං” යන නමින්ද හඳුන්වයි. මෙහි දී ශරීරයේ අස්ථි 8ක් යොදා ගනිමින් සටන් වදින අතර ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වූ ONG BAK චිත්‍රපටියේ ද පදනම් වී ඇත්තේ මුයිතායි සටන් කලාවයි.
විශිෂ්ට ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශන කරමින් ගුණරත්න පළමු තරග කිහිපය ඉතා පහසුවෙන් ජයග්‍රහණ කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව ලෙස බොහෝ විස්තර විචාරකයින් අදහස් පල කළේය.

හඟුරන්කෙත පල්ලෙබෝවල ප්‍රදේශයෙන් බිහි වූ මොහු, ජමිත ගයාන් නම් පුහුණුකරු යටතේ පුහුණුව ලැබීය. “බට්ටා” නම් සුරතල් නාමයෙන් හැඳින්වෙන ගුණරත්න ඉදිරියේ දී තවත් ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි ThePapare.com අපගේ විශ්වාසයයි.

“අපිට මේ පාර මෙම තරගාවලියට සහභාගී වෙන්න වෙන්න ගොඩාක් අය උදවු උපකාර කළා. මීට පෙරත් අවස්ථා කිහිපයක දී අපි ජාත්‍යන්තර තරග සදහා සහභාගි වුනේ පාරේ ස්ටිකර් විකුණලා. මෙහි සම්පූර්ණ ගෞරවය යන්න ඕනී අපිට මේ තරගාවලියට යන්න මුදල් ලබා දුන් අපේම කට්ටියට.”
ThePapare.com සමඟ තම අදහස් දක්වමින් ජාතික මුයිතායි කණ්ඩායමේ පුහුණුකරු ජමිත බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“ලංකාවෙන් පළමු වතාවට තමයි මුයිතායි කණ්ඩායමක් ජාත්‍යන්තරය හමුවේ තරග කරන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ටිකට් එක දෙනවා. තරගාවලියේ අනෙක් වියදම් ටිකක් දරන්න අමාරුයි දුප්පත් දරුවෝ නිසා. ගොඩක් කට්ටියගේ උදවු උපකාර අවශ්‍ය වෙනවා තරගාවලියට. ජාතික මුයිතායි සංගමයේ සභාපතිතුමා අශෝක ජයරත්න සහ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන මිරාන් නිලංගන යන මහත්වරු උපරිම ලෙස උදවු උපකාර කරන බවත් මතක් කරන්න ඕන. ජාතික මුයිතායි සංගමය හැම වෙලේම මෙම දරුවන්ගේ පුහුණු කටයුතුවලට උදවු කරනවා.”
අගනුවර පාසල් හා දිවයිනේ ප්‍රධාන පාසල් සියල්ල අභිබවමින්, දුක් කම්කටොළු රාශියක් මධ්‍යයේ ජාත්‍යන්තර තලයට සිංහ කොඩිය රැගෙන යන මේ පොඩිත්තන්ට හා ඔවුන් වෙනුවෙන් කැපවී වෙහෙසෙන පුහුණුකරු ජමිත් ගයාන් මහතාට ThePapare.com අප අපගේ ප්‍රණාමය පල කරන අතර තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒමට ඔවුන්ට හැකි වේවා යැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<




















