රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැති International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට Sachin Tendulkar ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය Masters කණ්ඩායම සමත් වුනා.
ඉන්දියාවේ Raipur හී Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී (16) නිමා වූ මෙම තරගාවලියේ අනුශූරයන් බවට පත් වෙන්නේ Brian Lara ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායමයි.
කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය Masters කණ්ඩායම තරගය අවසන් වීමට තවත් පන්දු 17ක් සහ කඩුලු 6ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.
ඉන්දීය Masters කණ්ඩායම
Sachin Tendulkar (නායක), Ambati Rayudu (කඩුලු රකින්නා), Pawan Negi, Yuvraj Singh, Stuart Binny, Yusuf Pathan, Irfan Pathan, Gurkeerat Singh Mann, Vinay Kumar, Shahbaz Nadeem, Dhawal Kulkarni
බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම
Brian Lara (නායක), Dwayne Smith, William Perkins, Lendl Simmons, Chadwick Walton, Denesh Ramdin (කඩුලු රකින්නා), Ashley Nurse, Tino Best, Jerome Taylor, Sulieman Benn, Ravi Rampaul
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායමේ ආරම්භක පිතිකරු Dwayne Smith ප්‍රවේගවත් ආරම්භයක් ලබා ගන්නවා. ඔහු Brian Lara (6) සමඟ පළමු කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 34ක් ද සහ William Perkins (6) සමග 2 වැනි කඩුල්ලට පන්දු 15ක දී ලකුණු 19ක් ද ලබා ගන්නවා.
අනතුරු ව ඔහු 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Lendl Simmons. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
ඔහුගේ එම ඉනිම තුළ Denesh Ramdin සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 61ක සබඳතාවක් ද ගොඩ නගනවා. Denesh Ramdin ඉනිම අවසන් වන විට පන්දු 17කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Vinay Kumar ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Shahbaz Nadeem කඩුලු 2ක් ද, Stuart Binny සහ Pawan Negi කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා Masters කොදෙව්වන් හමුවේ පසු බසී
- සංගක්කාරගෙන් මල් වෙඩි සංදර්ශනයක්
- ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට
- ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා තුන් කොන් තරගාවලියට දින නියම වෙයි
- Steven Smith එක්දින පිටියට සමු දෙයි!
පිළිතුරු ඉන්දීය Masters ඉනිම ආරම්භ කළ Ambati Rayudu සහ Sachin Tendulkar එක් ව පළමු කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 67ක සබඳතාවක් ගොඩ නගනවා. Sachin Tendulkar පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
Ambati Rayudu ඉන්දීය Masters ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා.
ඉන්දීය ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Stuart Binny පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද සහ Yuvraj Singh පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Ashley Nurse ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Sulieman Benn සහ Tino Best කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් Masters – කඩුලු 7ක් දැවී 148 (20.0) Dwayne Smith 45, Lendl Simmons 57, Vinay Kumar 3/26, Shahbaz Nadeem 2/12
ඉන්දීය Masters – කඩුලු 4ක් දැවී 149 (17.1) Ambati Rayudu 74, Sachin Tendulkar 25, Stuart Binny නොදැවී 16, Ashley Nurse 2/22
ඉන්දීය Masters කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- තරගයේ වීරයා – Ambati Rayudu (ඉන්දියාව)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<