කුමාර් සංගක්කාර ගේ මල් වෙඩි සංදර්ශනයක් බඳු ඉනිමක, සුපෝෂිත වූ ශතකයක් ද සමඟින් International Masters League ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (10 වැනිදා) සමත් වෙනවා.
ඉන්දියාවේ Raipur හී Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී Eoin Morgan ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට එරෙහි ව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ඔවුන් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු අසුන ද හිමි කර ගත්තා.
මෙම තරගයයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා Masters කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත Masters කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා Masters කණ්ඩායම තරගය නිමා වීමට තවත් පන්දු 43ක් ඉතිරිව තිබිය දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා Masters කණ්ඩායම
කුමාර් සංගක්කාර (නායක සහ කඩුලු රකින්නා), උපුල් තරංග, ලහිරු තිරිමාන්න, අසේල ගුණරත්න, රොමේෂ් කළුවිතාරණ, ජීවන් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්.
එංගලන්ත Masters කණ්ඩායම
Eoin Morgan (නායක), Phil Mustard (කඩුලු රකින්නා), Tim Ambrose, Darren Maddy, Dimitri Mascarenhas, Tim Bresnan, Chris Schofield, Chris Tremlett, Monty Panesar, Ryan Sidebottom, Boyd Rankin.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කරන්නේ Phil Mustard සහ නායක Eoin Morgan විසිනුයි. ඔවුන් දෙදෙනා අතුරින් Phil Mustard පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
ඔහු 2 වැනි කඩුල්ල වෙනුවෙන් Tim Ambrose සමඟ එක් වෙමින් පන්දු 34ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී Tim Ambrose පන්දු 18කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබා ගත්තා.
එම ලකුණු සබඳතාව හඹා යන ඕස්ට්‍රේලියා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූ අතර ඊට අමතර ව පළමු වැනි කඩුල්ලට Phil Mustard සහ නායක Eoin Morgan (10) එක් ව පන්දු 34ක දී ද ලකුණු 37ක් එක් කරනවා.
ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වන විට Tim Bresnan සහ Chris Tremlett නොදැවී පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා විසින් 6 වැනි කඩුල්ලට පන්දු 19ක දී නොදැවුණ ලකුණු 28ක් එක් කිරීමට සමත් වුනා.
එහි දී Tim Bresnan පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද සහ Chris Tremlett පන්දු 11ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ඉසුරු උදාන, අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරා කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට
- Major පිටිය කැළඹූ වීරයෝ
- ක්‍රීඩකයෝ 112ක් NSL ආක්‍රමණයට සැරසෙයි
- ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා තුන් කොන් තරගාවලියට දින නියම වෙයි
- වැරදුණ ඉලක්කයේ සාර්ථක දඩයම්කරුවෝ
ශ්‍රී ලංකා Masters හඹා යන ඉනිම ආරම්භ කරන්නේ කුමාර් සංගක්කාර සහ රොමේෂ් කළුවිතාරණ විසිනුයි. රොමේෂ් කළුවිතාරණ මෙම තරගාවලියේ සහභාගී පළමු තරගය මෙයයි.
මේ ප්‍රහාරාත්මක පිතිකරු පසෙකින් තබා ගත් කුමාර් සංගක්කාර පළමු Power Play අවස්ථාවේ දී ම තම අර්ධ ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්. පන්දු 22කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 11ක් ඇතුලත් වුනා.
Power Play පන්දුවාර 6 ඇතුලත ලකුණු 76ක් ලබා ගන්නා ඔවුන් දෙදෙනා 47 වැනි පන්දුවේ දී ඉනිමේ 100 වැනි ලකුණ වාර්තා කරනවා. එතැන් සිට යැවුණ 8 වැනි පන්දුවේ දී රොමේෂ් කළුවිතාරණ ගේ ඉනිම අවසන් වන අතර ඒ වෙද්දී ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව පන්දු 55කට 108ක්.
අනතුරු ව පිටියට එක් වෙන්නේ අසේල ගුණරත්න. ඔහුත් සමඟ එක් වූ කුමාර් සංගක්කාර 2 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 42ක් වූ අතර, ඒ සඳහා වැය කරන්නේ පන්දු 22ක් පමණයි.
46 වැනි පන්දුවේ දී තම ශතකය වාර්තා කරන කුමාර් සංක්කාර ඊට පසු පන්දුවේ දී තම ඉනිමේ පළමු හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කරනවා. ඒ වෙද්දී ඔහු නොදැවී ලකුණු 106ක් ලබා සිටි අතර ඊට හතරේ පහර 19ක් ද එක් කර තිබුණා.
අසේල ගුණරත්න පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22ක්.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Dimitri Mascarenhas සතු වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
එංගලන්ත Masters – කඩුලු 5ක් දැවී 146 (20.0) Phil Mustard 50, Tim Bresnan නොදැවී 18, ඉසුරු උදාන 1/21
ශ්‍රී ලංකා Masters – කඩුල්ලක් දැවී 150 (12.5) කුමාර් සංගක්කාර නොදැවී 106, අසේල ගුණරත්න නොදැවී 22, Dimitri Mascarenhas 1/24
ශ්‍රී ලංකා Masters කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- තරගයේ වීරයා – කුමාර් සංගක්කා (ශ්‍රී ලංකාව)
මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය පිවිසීමට සමත් වුනා. ඔවුන් පළමු වටයේ තරග 5 අවසන් කරන්නේ ජයග්‍රහණ 4ක්, පරාජිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 8ක් සහ ලකුණු ලබා ගැනිමේ දළ වේගය 1.400ක් ලෙසින් තබා ගනිමිනුයි.
මේ වන විට එහි 2 වැනි ස්ථානය ඉන්දියාව ද, 3 වැනි ස්ථානය ඕස්ට්‍රේලියාව ද සහ 4 වැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන් ද වෙන්කර ගෙන තිබෙනවා.
තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 13 සහ 14 දෙදින පැවැත්වීමට නියමිතයි.
International Masters League ක්‍රිකට් තරගාවලියේ සජීවී දසුන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව Thepapare හරහා දැල බලා ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි වනවා. ThePapare 1 (නාලික අංක 62) & ThePapare 1 HD (නාලිකා අංක 126) ඔස්සේ තරගය සජීවී ව නරඹන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<