අන්තර්ජාතික තරග තහනමකින් පසුව නැවතත් පාපන්දු පිටියට පිවිසුණු ආර්ජෙන්ටිනා සුපිරි ක්‍රීඩක Lionel Messiගේ සුපිරි ගෝලයෙන් බ්‍රසීලය සමඟ පැවති සුහද තරගය ජය ගැනීමට ආර්ජෙන්ටිනාව සමත් වුනා.
Maurizio Sarriට රිදෙන්න රොනාල්ඩෝගෙන් ගෝල ත්‍රිත්වයක්
සති කිහිපයක ක්‍රීඩා සමාජ තරග උණුසුමෙන් පසුව පසුගිය දා ජාත්‍යන්තර තරග විවේකය ආරම්භ වුනා. 2020 යූරෝ……
දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනයට දූෂිත යැයි පැවසීම නිසා තරග තහනම් වූ Messi 14 වැනි මිනිත්තුවේ දී තරගයේ එකම ගෝලය වාර්තා කළා. ජූලි මාසයේ කෝපා ඇමරිකා තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව බ්‍රසීලයට තරග පහක් යන තුරු තරගයක් ජය ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්.
තරගය ආරම්භයෙන් මිනිත්තු පහකට පසුව ආර්ජෙන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුණු අතර බ්‍රසීල ගෝල රකින ක්‍රීඩක Alisson, Messi ලබා ගත් දඬුවම් පහර ව්‍යර්ථ කරන්නට සමත් වුනා.
අවසන් ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 01 – 00 බ්‍රසීලය
- ආර්ජෙන්ටිනාව – Lionel Messi (13′)
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ගෙන් ගෝල සැණකෙළියක්
යූරෝ 2020 තරගාවලියේ අසුනක් තමන්ගේ නමට ලියා ගන්නට ස්පාඤ්ඤය ඊයේ (15) සමත් වුනා. ඒ මෝල්ටා කණ්ඩායම ගෝල 7-0ක් ලෙස පරාජය කරමින්. Santi Cazorla වසර හතරකට පසුව සිය පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වීම විශේෂත්වයක්.
Cazorla 41 වැනි මිනිත්තුවේ දී විශිෂ්ට ගෝලයක් ආරක්ෂා කර ගනිද්දී, Alvaro Morata තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඉන් පසුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වුණු ස්පාඤ්ඤ නවක ක්‍රීඩකයෝ තවත් ගෝල පහක් වාර්තා කරන්නට සමත් වුනා.
අලංකාර ප්‍රහාරයකින් ගෝලයක් රැස් කළ අතර Gerard Moreno පහසුවෙන් සිව්වැනි ගෝලය වාර්තා කළා. Navas, Daniel Olmo ද ස්පාඤ්ඤ ලකුණු පුවරුව තවත් ඉහළ දමන්නට සමත් වුනා.
අවසන් ලකුණු තත්වය: ස්පාඤ්ඤය 07 – 00 මෝල්ටා
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ
- ස්පාඤ්ඤය – Morata (23) Santi Cazorla (41) Pau Torres (62) Pablo Sarabia (63) Daniel Olmo (69) Gerard Moreno (71) Navas (85)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<