19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සාම්ප්‍රදායික තරග කිහිපයක් ඊයේ (13) අවසන් වුනා. වෙස්ලි විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයේ වැඩි ගෞරවය වෙස්ලි කණ්ඩායම දිනා ගත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
සාහිල් ඩයස් ලකුණු 142ක් රැස් කරමින් හා තේනුක පෙරේරා ලකුණු 44ට කඩුලු 4 ක් දවා ගනිමින් වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූවා.
සාන්ත අන්තෝනි විද්‍යාලය මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමඟින් තරග වැදුණු අතර ඔවුන් තරගය ඉනිමකින් ජය ගන්නට සමත් වුනා. සාන්ත අන්තෝනි විද්‍යාලයේ ගිහාන් ඊබට් තරගය පුරා ලකුණු 25කට කඩුලු 7ක් දවා ගන්නට සමත් වුනා.
සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති තරගයේ වැඩි ගෞරව දිනා ගත්තේ සාන්ත පීතර විද්‍යාලයයි. සාන්ත පීතර කණ්ඩායමේ වනුජ කුමාර මේ තරගයේ දී ලකුණු 80කට කඩුලු 8ක් දවා ගත්තා.
කෙටි ලකුණු සටහන:
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය
- ස්ථානය – සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණය – ගල්කිස්ස
- කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
වෙස්ලි විද්‍යාලය 317 (89.5) – සාහිල් ඩයස් 142, සෙමිල ලියනගේ 77, තේනුක පෙරේරා 31, අනුක් පලිහවඩන 5/32, තිෂේන් ඇහැළියගොඩ 2/26, මනිත් පෙරේරා 2/92
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම 129 (43.4) – රයන් ප්‍රනාන්දු 31, G කැනිස්ටන් 29, ශලින් ඩි මෙල් 20, තේනුක පෙරේරා 4/44, සෙමිල ලියනගේ 2/21
සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම 130/3 (50) – අනුක් පලිහවඩන 54*, තේනුක ලියනගේ 30*, විනේෂ් බණ්ඩාරනායක 20
ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
තවත් ක්‍රිකට් පුවත් කියවන්න
- අවසන් පන්දුවේ උණුසුම් සටනින් IMPERIAL ශූරතාවය දිනා ගනියි
- CCC සහ IMPERIAL සුපිරි අවසන් මහා තරගයට
- Red Bull Campus Cricket තරගාවලියේ අවසන් තරග ඕමානයේ දී
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
- ස්ථානය – සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණය මහනුවර
- කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 320 (88.1) – තරිඳු ලමාහේවාගේ 55, මොහොමඩ් කමිල් 49, අසිත වන්නිනායක 44, ලහිරු අබේසිංහ 35, අන්ජල බණ්ඩාර 33, චන්දිමාල් හේරත් 27, නිමංක ජයතිලක 26*, චමිඳු වික්‍රමසිංහ 21, අශේන් ප්‍රනාන්දු 4/69, ප්‍රියශාන් සිල්වා 3/125, හසංජ හිරුණ 2/28
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම 120 (43.1) – කවීන් ප්‍රනාන්දු 21, ගිහාන් ඊබට් 2/09, Divyesh Ramaiya 2/15, අසිත වන්නිනායක 2/21, නිමංක ජයතිලක 2/33
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම 133 (53.3) – සහන් දුලාර 47, කවීන් ප්‍රනාන්දු 38, ගිහාන් ඊබට් 5/16, නිමංක ජයතිලක 3/47, අසිත වන්නිනායක 2/19
ප්‍රතිඵලය – සාන්ත අන්තෝනි විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 67කින් ජය ගන්නා ලදි.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය
- ස්ථානය – සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණය
- කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – 160/9d (72.5) – යෂාන් අවිශ්ක 66, සුඛිත මනෝජ් 28, සංදේශ් ප්‍රනාන්දු 20*, වනුජ කුමාර 5/40
සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉනිම – 100 (43.5) – යෂාන් අවිශ්ක 27, වනුජ කුමාර 3/40, දනාල් හේමානන්ද 2/11, නිමාන් උමේෂ් 2/21
සාන්ත පීතර විද්‍යාලය 185/9d (61) – විනුද ලියනගේ 47, නිපුනක ෆොන්සේකා 37, සනුක ගල්ගොඩ 35, නිමාන් උමේෂ් 24, කලන පෙරේරා 4/36, ක්‍රිෂාන් පෙරේරා 2/43
සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 60/4 (9) – සනුක ගල්ගොඩ 23
ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරයි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<