ඉන්දියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අතරතුර චාමික කරුණාරත්න සහ ඩිල්ශාන් මදුශංක යන ක්‍රීඩකයින් දෙදෙනා ආබාධවලට ලක් වුනා.
ඊයේ තරගය අතරතුර පන්දු රකිමින් සිටිය දී ඩිල්ශාන් මදුශංකගේ දකුණු උරහිස ආබාධයකට ලක් වූ අතර ඔහුගේ ආබාධය පිළිබඳ තක්සේරු කිරීම සඳහා අද දිනයේ ඔහුව MRI පරීක්ෂණයක් සහ X-Ray පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා.
එම පරීක්ෂණවල වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මදුශංක සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ඇති බවයි වාර්තා වෙන්නේ.
- Mickey Arthur ආයෙත් පාකිස්තානයට එන්න බැහැ කියයි!
- Kohli සිය ශතකයේ අයිතිය දවසේ වාසනාවට පිරිනමයි!
- ශතකයේ දසුන් හිත සනසද්දී, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක්!
- “මන්කාද් කරලා දසුන්ව දවා ගන්න අපි සැලසුම් කළේ නැහැ” – Rohit Sharma
- ටෙස්ට් ලෝක ශූරයින් වෙන්න ශ්‍රී ලංකාව කළ යුතු දේ!
එමෙන්ම පළමු එක්දින තරගයේ කාසියෙ වාසිය උරගා බැලීමට මොහොතකට පෙර පන්දුවක් වැදීමෙන් චාමික කරුණාරත්නගේ උඩු තොල තුවාල වී ඇති අතර, කණ්ඩායම් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිර්දේශ අනුව ඔහු තුවාලයට මැහුම් තුනක් දමා තරගයට සහභාගි වී තිබෙනවා.
කෙසේ වෙතත් හෙට (12) ඉන්දියාවේ කොල්කටා හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගයට ඔහු (චාමික) සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටින බව කණ්ඩායම් කළමනාකාර්‍රීත්වය තහවුරු කර තිබුණා.
ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<