ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වෙන ඉන්දීය කණ්ඩායම ඊයේ (27) නම් කළා. ඉන්දීය උපනායක රෝහිත් ශර්මා එම සංචාරයට නම් කර නොමැති වීම ගැන බොහෝ දෙනෙක් සිය විමතිය පළ කර තිබුණා.
සුළු ආබාධයක් නිසා රෝහිත්, Mumbai Indians කණ්ඩායමේ අවසන් තරග දෙකට ක්‍රීඩා නොකළ අතර ඔහුව ඉන්දීය සංචිතයට ඇතුළත් නොකිරීමටත් එය හේතුවක් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් ඊයේ රෝහිත් ශර්මා හොඳින් පිතිකරණ පුහුණුවීම් වල නිරත වන අයුරු සඳහන් ඡායාරූප හා වීඩියෝ දර්ශන කිහිපයක් Mumbai Indians විසින් Twitter ඔස්සේ මුදා හැර තිබුණා. ඒ කණ්ඩායම් නිවේදනය කර සුළු වෙලාවකට පසුවයි.
4️⃣5️⃣ seconds of RO 4️⃣5️⃣ in full flow!?#OneFamily #MumbaiIndians #MI #Dream11IPL @ImRo45 pic.twitter.com/65ajVQcEKc
— Mumbai Indians (@mipaltan) October 26, 2020
සුනිල් ගවස්කාර් මේ පිළිබඳව සිය විමතිය පල කර තිබුණු අතර ඔහු Kings XI Punjab හා Kolkata Knight Riders තරගයෙන් පසුව පවසා සිටියේ ඕස්ට්‍රේලියානු තරගාවලියට තවත් බොහෝ කල් ඇති බවයි.
“අපි මේ කතා කරන්නේ ටෙස්ට් තරග ගැන. තවත් මාස එකහමාරක් විතර තියනවා ඒ තරගාවලියට” ගවස්කාර් පවසා සිටියා.
තවත් ක්‍රිකට් පුවත්:
- ප්‍රබල මුහුණක් ඉන්දීය සංචිතයෙන් ඉවතට
- LPL එකට පිටරටින් එන්න හිටි තවත් දෙදෙනෙකු හැලෙයි
- පාන්ඩ්‍යාගෙන් අමුතු ආකාරයේ ජය සැමරුමක්
“ඔහු මුම්බායි වෙනුවෙන් පුහුණුවීම් කරනවා නම් මම දන්නේ නැහැ මොකද්ද ඒ ආබාධය කියලා. මේ තීරණය පිළිබඳ විනිවිදභාවයකින් කටයුතු කරනවා නම් හොඳයි.”
ගවස්කාර් පවසා සිටියේ අවසන් තරග දෙකම ක්‍රීඩා නොකළ මායන්ක් අග්‍රවාල් සංචිතය තුනටම නම් කර තිබීමත්, රෝහිත් ශර්මා නම් කර නොතිබීමත් ගැන තමන් පුදුම වන බවයි.
“ඉන්දියානු ක්‍රිකට් රසිකයින්ට අයිතියක් තිබෙනවා මේ ගැන දැනගන්න. IPL කණ්ඩායම් ඔවුන්ට අවස්ථාව නොදීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ කතා කරන්නේ ඉන්දියානු කණ්ඩායම ගැන. රසිකයින් දැනගන්න ඕනේ ඔවුන්ගේ වැදගත්ම ක්‍රීඩකයින්ට මොකද වුනේ කියලා.”
2019 වසරේ දී රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියට නැවත අවතීර්ණ වුණේ දකුණු අප්‍රිකාවට හා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඉන්දීය ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින්. ආබාධයක් නිසා ඔහුට නවසීලන්ත සංචාරය මඟහැරුණා. ඉන්දීය කණ්ඩායම නවසීලන්ත තරගාවලිය 2-0ක් ලෙස පරාජය වුනා.
Hindustan Times ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<