සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් අද (04) සමත් වුනා.
තරගාවලි පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වූ අතර කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක් දින වරම් දිනා ගත් 75 වැනි ක්‍රීඩිකාව බවට පත්වෙමින් 16 හැවිරිදි ක්‍රීඩිකා විශ්මි ගුණරත්න අද (04) සංචිතයට කැඳවා තිබුණා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්:
- ඉන්දීය කාන්තා කණ්ඩායම: Shafali Verma, Smriti Mandhana, Yastika Bhatia (wk), Harmanpreet Kaur (c), Harleen Deol, Deepti Sharma, Richa Ghosh, Pooja Vastrakar, Renuka Singh, Rajeshwari Gayakwad, Meghna Singh
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: හසිනි පෙරේරා, චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා මාධවී, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, අමා කාංචනා, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය.
ඉන්දීය නායිකාවගේ තීරණයට සාධාරණය ඉටු කරමින් ශ්‍රී ලංකා මුල් කඩුලු ද්විත්වයම ලකුණු 7ක් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර ඒ අනුව හසිනි පෙරේරා ලකුණු නොලබාම සහ විශ්මි ගුණරත්න ලකුණු 3කට දැවී ගියා.
ඉන්පසු පිටියට පිවිසි හර්ෂිතා මාධවී හට ද සාර්ථක වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් Renuka Singh ඇයව ද ලකුණු නොලබාම දවා ගත්තේ සිය තෙවැනි කඩුල්ල ලෙසයි.
තරමක ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු ලකුණු 27කට පිටියෙන් ඉවත් වූ අතර ලකුණු 25ක් ලබා සිටි අනුෂ්කා සංජීවනී දුවද්දී දැවී යාමකට හසුවීමෙන් දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පිටිය මැද අසරණ කරමිනුයි.
වැටී තිබූ ඉනිමට යම් ජීවයක් ගෙන දෙමින් හයවැනි කඩුල්ල සඳහා අමා කාංචනා සමඟ එක්ව ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව නිලක්ෂි ද සිල්වා ලකුණු 32කට දැවී ගියේ Meghna Singhගේ පන්දුවක් හමුවේයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අමා කාංචනා පන්දු 83ක් තුළ හතරේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 47ක් රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 173ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඉන්දීය ක්‍රීඩිකාවන් වෙනුවෙන් අගනා සේවයක් කළ Renuka Singh ලකුණු 28කට කඩුලු 4ක් දවා ගද්දී Deepti Sharma සහ Meghna Singh අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
- LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- තියුණු සටනකින් පසු ඉන්දියාව තරගාවලියේ පෙරමුණට
- වනිඳු යාපනයෙන් මහනුවරට
- වාර්තා පොත් අලුත් කළ Nathan Lyon
- වෙල්ලාලගේ සහ අකිල සුවිශේෂී කඩුලු දඩයමක
ලකුණු 174ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 25.4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන්නට සමත් වුනා.
ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් වූ Shafali Verma සහ Smriti Mandhana කැපී පෙනෙන පිතිකරණයක් පෙන්නුම් කළ අතර ඔවුන් එම පිහිට වූ සම්බන්ධතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක දී පළමු කඩුල්ල සඳහා පිහිටවූ හොඳම සම්බන්ධතාවය වීම විශේෂත්වයක්.
අගනා ඉනිමක් දියත් කළ Smriti Mandhana පන්දු 83ක් තුළ නොදැවී ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වූ අතර ඇයට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ Shafali Verma පන්දු 71ක් තුළ ලකුණු 71ක් ලබා ගත්තා.
ඒ සමඟින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hasini Perera | b Renuka Singh | 0 | 4 | 0 | 0 | 0.00 |
Chamari Athapaththu | c Shafali Verma b Meghna Singh | 27 | 45 | 3 | 0 | 60.00 |
Vishmi Gunaratne | b Renuka Singh | 3 | 14 | 0 | 0 | 21.43 |
Harshitha Samarawickrama | lbw b Renuka Singh | 0 | 3 | 0 | 0 | 0.00 |
Anushka Sanjeewani | run out (Yastika Bhatia) | 25 | 44 | 2 | 0 | 56.82 |
Nilakshi de Silva | c Deepti Sharma b Meghna Singh | 32 | 62 | 3 | 0 | 51.61 |
Kavisha Dilhari | run out (Yastika Bhatia) | 5 | 7 | 1 | 0 | 71.43 |
Ama Kanchana | not out | 47 | 83 | 2 | 0 | 56.63 |
Oshadi Ranasinghe | c Deepti Sharma b Renuka Singh | 10 | 19 | 0 | 0 | 52.63 |
Inoka Ranaweera | st Yastika Bhatia b Deepti Sharma | 6 | 18 | 0 | 0 | 33.33 |
Achini Kulasuriya | c Harleen Deol b Deepti Sharma | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 18 (b 2 , lb 6 , nb 0, w 10, pen 0) |
Total | 173/10 (50 Overs, RR: 3.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Renuka Singh | 10 | 1 | 28 | 4 | 2.80 | |
Meghna Singh | 10 | 0 | 43 | 2 | 4.30 | |
Pooja Vastrakar | 4 | 0 | 15 | 0 | 3.75 | |
Rajeshwari Gayakwad | 10 | 2 | 24 | 0 | 2.40 | |
Deepti Sharma | 10 | 0 | 30 | 2 | 3.00 | |
Harleen Deol | 3 | 0 | 13 | 0 | 4.33 | |
Harmanpreet Kaur | 3 | 0 | 12 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shafali Verma | not out | 71 | 71 | 4 | 1 | 100.00 |
Smriti Mandhana | not out | 94 | 83 | 11 | 1 | 113.25 |
Extras | 9 (b 0 , lb 0 , nb 0, w 9, pen 0) |
Total | 174/0 (26 Overs, RR: 6.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Achini Kulasuriya | 5 | 0 | 24 | 0 | 4.80 | |
Oshadi Ranasinghe | 5 | 0 | 36 | 0 | 7.20 | |
Ama Kanchana | 4 | 0 | 33 | 0 | 8.25 | |
Inoka Ranaweera | 6 | 0 | 42 | 0 | 7.00 | |
Kavisha Dilhari | 3 | 0 | 18 | 0 | 6.00 | |
Chamari Athapaththu | 3 | 11 | 21 | 0 | 7.00 |
තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය බ්‍රහස්පතින්දා (06) පැවැත්වීමට නියමිත අතර එම තරගය ද සජිවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<