එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකක් සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.
මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වන අතර තරග සංචාරය විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතයි.
- ඕස්ට්‍රේලියාවට එකට එක කරන්නට ශ්‍රී ලංකාව සූදානම්
- ICC මැයි මාසයේ සම්මානය මැතිව්ස්ට
- ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය කාන්තා සංචිත නම් කරයි
- “ස්තුතියි මගේ ඉන්ස්ටග්‍රෑම් පවුලට” – විරාත් කෝලි
- චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්
සංචාරයේ එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවයට අයත් තරගාවලියක් වන අතර සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම එළඹෙන 18 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිතයි.
තරගාවලිය ජුනි 23 වැනිදා සිට ජූලි 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ විස්සයි විස්ස තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත්, එක්දින තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය එක්දින හා විස්සයි විස්ස සංචිත
- එක්දින සංචිතය: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.
- විස්සයි විස්ස සංචිතය: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.
තරග කාලසටහන
DATE | MATCH | VENUE |
ජුනි 23 | පළමු විස්සයි විස්ස තරගය | රංගිරි දඹුලු |
ජුනි 25 | දෙවැනි විස්සයි විස්ස තරගය | රංගිරි දඹුලු |
ජුනි 27 | තෙවැනි විස්සයි විස්ස තරගය | රංගිරි දඹුලු |
ජූලි 01 | පළමු එක්දින තරගය | පල්ලෙකැලේ |
ජූලි 04 | දෙවැනි එක්දින තරගය | පල්ලෙකැලේ |
ජූලි 07 | තෙවැනි එක්දින තරගය | පල්ලෙකැලේ |
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<