මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරස තත්වය නිසාවෙන් මෙම මස අවසානයේ දී පැවත්වීමට නියමිතව තිබූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වීමට නොහැකි බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දැනුම් දී ඇත.
පන්දුව ඔපදැමීමේ නීති ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ අප්‍රසාදය
ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇරඹීමේ ක්‍රියාවලිය තරග නරඹන්නන්ගෙන්
තරගාවලිය නරඹන්නගෙන් හුදෙකලා කර, ආරක්ෂිත විධි විධානයන් අනුගමනය කරමින් පැවත්වීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් හට යෝජනා කර තිබුනි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය බලධාරීන් සඳහන් කර සිටියේ ලොව පුරා පැතිර යන මෙම වෛරස තත්වය නිසාවෙන් මෙම තරගාවලිය පැවත්විය නොහැකි බවයි.
“අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් අර ඇති ඉදිරි තරග කාලසටහන අනුව තරග පැවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කැපවී සිටියත්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙර ඉන්දීය පාලක මණ්ඩලයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සිදුව ඇත” යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව තිබුනි.
COVID නිසා දැම්ම අලුත් යෝජනාවලට ICC අනුමැතිය
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) COVID-19 වසංගත තත්වයෙන් පසුව
මෙම තරගාවලිය කල් දැමීමත් සමඟ මාර්තු මස සිට මේ දක්වා මෙම වෛරස තත්වය නිසාවෙන් කල් දැමීමට සිදු වූ තෙවන තරගාවලිය මෙය වන අතර මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයන් ද මෙම තත්වය මත දින නියමකින් තොරව කල් දමන ලදි.
ඒ අනුව එක්දින තරග තුනකින් සහ පන්දුවාර 20 තරග තුනකින් යුත් මෙම තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි පැවත්වීමට නොහැකි වන අතර ආරංචි මාර්ගයන්ට අනුව පවතින තත්වය යහපත් වුවහොත් එළඹෙන අගෝස්තු මසදී මෙම තරගාවලිය පැවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තම කැමැත්ත ප්‍රකාශ කර ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<