Home Sinhala ශ්‍රී ලංකාව බන්දේසියක තබා ඉන්දියාවට ජයග්‍රහණය පූජා කරයි!

ශ්‍රී ලංකාව බන්දේසියක තබා ඉන්දියාවට ජයග්‍රහණය පූජා කරයි!

India Tour of Sri Lanka 2024

9
India tour of Sri Lanka 2024 3rd t20

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ඉන්දියාව ඊයේ (30) සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ඉන්දියාවට පළමුව පන්දුවට පහර දීමට සිදු වුනා. 

අද දිනයේ දී ශ්‍රී ලංකාව එක් වෙනස්කමක් සමඟ තරගයට පිවිසුණු අතර, ඒ අනුව හිටපු නායක දසුන් ශානක වෙනුවට නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් ලබා ගත්තා. 

එමෙන්ම තරගයේ පන්දු යැවීම ආරම්භ කිරීමේ වගකීම ද චමිඳු හට බාර කෙරුණු අතර, ඔහු විසින් නව පන්දුවෙන් ඉතා හොඳ දෝලනයක් ලබා ගනිමින් ඉන්දීය මුල් පෙළ පිතිකරුවන්ව අසරණ කිරීමට සමත් වුනා. 

චමිඳු විසින් සිය පන්දුවාර හතර නොකඩවා යොමු කළ අතර, එහි දී ඔහු ලකුණු 17ක් පමණක් ලබා දෙමින් Sanju Samsonගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම චමිඳු විසින් ඉන්දීය පිතිකරුවන් වෙත එල්ල කළ පීඩනය නිසා අනෙක් පන්දු යවන්නන් ද කඩුලු අතරට පිවිසීමට සමත් වූ අතර, මේ අනුව ඉන්දීය ඉනිමේ කඩුලු 5ක් ම ලකුණු 48ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හැකියාව ලැබුණා. 

කෙසේ වෙතත් Shubman Gill (ලකුණු 39) සහ Riyan Parag (ලකුණු 26) විසින් ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් පිහිටුවීමට සමත් වීම නිසා ඉන්දියාවට ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයක් කරා යාමට හැකියාව ලැබුණා. එමෙන්ම ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී Washington Sundar ද වටිනා ලකුණු 25කින් ඉනිමට දායක වුනා. 

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. මීට අමතරව වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්තා. 

ඉන්දියාවෙන් ලද ඉලක්කය හඹා යාම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා විසින් සුපුරුදු පරිදි ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී පැතුම් පන්දු 27කින් ලකුණු 26ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසුණා. 

කුසල් යුගලය විසින් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී කුසල් මෙන්ඩිස් පන්දු 41කින් ලකුණු 43ක් ලබා ගැනීමෙන් පසු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 110ක් ලෙස සටහන් වී තිබියදීයි. 

කෙසේ වෙතත් ඉන් මොහොතකට පසුව කුසල් පෙරේරා ද පන්දු 34කින් ලකුණු 46ක් ලබා පිටියෙන් ඉවත් වී ගියා. ඉන් පසුව පිටියට පිවිසි එකඳු ශ්‍රී ලංකා පිතිකරුවකු හෝ ලකුණු අතරට පිවිසීමට සමත් නොවුනු අතර, ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක් ම Rinku Singh සහ Suryakumar Yadav විසින් යොමු කළ අවසන් පන්දුවාර දෙකේ දී දැවී යාම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ විසින් ඉනිමේ අවසන් පන්දු දෙකේ දී ලබා ගත් ලකුණු හතරත් සමඟ තරගයේ ලකුණු සම මට්ටමට පැමිණියා. මෙහි දී ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Washington Sundar, Ravi Bishnoi, Suryakumar Yadav සහ Rinku Singh කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර, ඉන්දියාව වෙනුවෙන් Washington Sundar මෙහෙය වූ මෙම පන්දුවාරය තුළ ශ්‍රී ලංකාව විසින් ලකුණු ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 2ක් පමණයි. (එම පන්දුවාරයේ පන්දු තුනක් තුළ කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක දෙදෙනා ම උඩ පන්දු ලබාදෙමින් දැවී ගියා.) 

ඉන්දියාව විසින් අදාළ ලකුණු 3ක ඉලක්කය සුපිරි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ම සම්පූර්ණ කර ගැනීමට සමත් වුනා. 

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
137/8 (20)

India
137/9 (20)

Batsmen R B 4s 6s SR
Yashasvi Jaiswal lbw b Mahesh Theekshana 10 9 2 0 111.11
Shubman Gill st Kusal Perera b Wanindu Hasaranga 39 37 3 0 105.41
Sanju Samson c Wanindu Hasaranga b Chamindu Wickramasinghe 0 4 0 0 0.00
Rinku Singh c Matheesha Pathirana b Mahesh Theekshana 1 2 0 0 50.00
Suryakumar Yadav c Wanindu Hasaranga b Asitha Fernando 8 9 1 0 88.89
Shivam Dube st Kusal Mendis b Ramesh Mendis 13 14 0 0 92.86
Riyan Parag c Ramesh Mendis b Wanindu Hasaranga 26 18 1 0 144.44
Washington Sundar b Maheesh Theekshana 25 18 2 0 138.89
Ravi Bishnoi not out 8 8 1 0 100.00
Mohammed Siraj run out (Kusal Mendis) 0 1 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 137/9 (20 Overs, RR: 6.85)
Bowling O M R W Econ
Chamindu Wickramasinghe 4 0 17 1 4.25
Mahesh Theekshana 4 0 28 3 7.00
Asitha Fernando 2 0 11 1 5.50
Ramesh Mendis 3 0 26 1 8.67
Wanindu Hasaranga 4 0 29 2 7.25
Kamindu Mendis 3 0 24 0 8.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Riyan Parag b Ravi Bishnoi 26 27 5 0 96.30
Kusal Mendis lbw b Ravi Bishnoi 43 41 3 0 104.88
Kusal Perera c & b Rinku Singh 46 34 5 0 135.29
Wanindu Hasaranga c Ravi Bishnoi b Washington Sundar 3 3 0 0 100.00
Charith Asalanka c Sanju Samson b Washington Sundar 0 0 0 0 0.00
Ramesh Mendis c Shubman Gill b Rinku Singh 3 6 0 0 50.00
Kamindu Mendis c Rinku Singh b Suryakumar Yadav 1 1 0 0 100.00
Chamindu Wickramasinghe not out 4 2 0 0 200.00
Maheesh Theekshana c Sanju Samson b Suryakumar Yadav 0 1 0 0 0.00
Asitha Fernando  not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 2 , nb 0, w 8, pen 0)
Total 137/8 (20 Overs, RR: 6.85)
Bowling O M R W Econ
Khaleel Ahamed 3 0 28 0 9.33
Mohammed Siraj 3 0 11 0 3.67
Washington Sundar 4 0 21 2 5.25
Ravi Bishnoi 4 0 38 2 9.50
Riyan Parag 4 0 27 0 6.75
Rinku Singh 1 0 3 2 3.00
Suryakumar Yadav 1 0 5 2 5.00