Home Sinhala දුනිත් වීරයා වෙමින් තරගය සම වී අවසන් වෙයි

දුනිත් වීරයා වෙමින් තරගය සම වී අවසන් වෙයි

India Tour of Sri Lanka 2024

52

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද (02) පැවැත්වුණු පළමු එක්දින තරගය ලකුණු සම වී අවසන් වුනා. 

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමෙ ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඩ් ශිරාස් එක්දින වරම් ලබා ගැනීමත් විශේෂත්වයක්. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණු නමුත් අවිශ්කගේ ඉනිම එක් ලකුණකට සීමා වුනා. එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 101ක් තුළ දැවී ගිය අතර, ඉනිමේ හත් වැනි කඩුල්ල ද ලකුණු 171ක් වන විට බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. 

මෙහි දී පැතුම් නිස්සංක විසින් වටිනා ඉනිමක් දියත් කරමින් පන්දු 75කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර, වනිඳු හසරංග පන්දු 35කින් ලකුණු 24ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා. වනිඳුගේ දැවී යාමෙන් අනතුරුව දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 46ක් එක් කිරීමට සමත් වූ අතර මෙහි දී අකිල ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාව විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 65ක් පමණක් වැය කරමින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුනා. දුනිත් ගේ ඉනිම ට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වීම විශේෂත්වයක්. 

ඉන්දියාව වෙනුවෙන් Arshdeep Singh සහ Axar Patel කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකා පිතිකරුවන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරමක් අපහසුවෙන් පන්දුවට පහර දුන් බවක් පෙනෙන්නට තිබුනත් ඉන්දියාව ඊට හාත්පසින් ම වෙනස් ආරම්භයක් ලබා ගනිමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී නායක Rohit Sharma විසින් වේගවත් ලකුණු 58ක් ඉනිමට එක් කළ අතර ඔහුගේ ඉනිම දුනිත් වෙල්ලාලගේ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරද නිසා නිමා වුනා. මින් පසුව ඉන්දීය ඉනිමේ බිඳ වැටීම ආරම්භ වූ අතර, ඔවුන්ගේ කඩුලු 5ක්ම ලකුණු 132ක් තුළ බිඳ වැටුණා. කෙසේ වෙතත් මේ මොහොතේ KL Rahul සහ Axar Patel අතර 57ක සබඳතාවක් ගොඩ නැගීම නිසා නැවතත් තරගයේ වාසිය ඉන්දියාව වෙත හැරුණා. කෙසේ වෙතත් අවශ්‍ය ම මොහොතේ ක්‍රියාත්මක වූ වනිඳු හසරංග KL Rahulගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වීම නිසා නැවතත් තරගය දෙපිළට ම විවෘත එකක් බවට වුනා. 

ඉන්දීය ඉනිමේ 47 වැනි පන්දුවාරය ආරම්භ වන විට ඉන්දියාවට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 15ක් අවශ්‍ය වූ අතර, ඔවුන් සතුව ඉතිරි වී තිබුණේ කඩුලු 2ක් පමණයි. මේ මොහොතේ වනිඳු හසරංග ක්‍රියාත්මක කළ 47 වැනි පන්දුවාරයේ දී Shivam Dube සහ Mohommed Siraj විසින් ලකුණු 10ක් ලබා ගනිමින් තරගයේ වාසිය තමන් වෙත හරවා ගත්තා. 

ඉන් පසු පන්දුවාරය යොමු කිරීමේ වගකීම චරිත් අසලංක විසින් බාරගත් අතර, ඔහුගේ තෙවන පන්දුවට Dube විසින් ලකුණු 4ක් ලබා ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් අසලංක තම මීළඟ පන්දුවෙන් Dube දවා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස Arshdeep Singh ඊළඟ පන්දුවෙන් දවා ගැනීමට ද ඔහු සමත් වුනා. 

මේ අනුව ඉන්දීය ඉනිම ද පන්දුවාර 47 පන්දු 5ක් තුළ ලකුණු 230කින් නතර කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වූ අතර මෙහි දී චරිත් අසලංක සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් බිඳ හෙළනා අතරේ, තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත මීළඟ එක්දින තරගය ඉරිදා (04) පැවැත්වීමට නියමිතයි. 

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
230/8 (50)

India
230/10 (47.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Washington Sundar 56 75 9 0 74.67
Avishka Fernando c Arshdeep Singh b Mohammed Siraj 1 7 0 0 14.29
Kusal Mendis lbw b Shivam Dube 14 31 1 0 45.16
Sadeera Samarawickrama c Shubman Gill b Axar Patel 8 18 0 0 44.44
Charith Asalanka c Rohit Sharma b Kuldeep Yadav 14 21 2 0 66.67
Janith Liyanage  c Rohit Sharma b Axar Patel 20 26 1 1 76.92
Dunith Wellalage not out 67 65 7 2 103.08
Wanindu Hasaranga c Axar Patel b Arshdeep Singh 24 35 1 2 68.57
Akila Dananjaya c Washington Sundar b Arshdeep Singh 17 21 2 0 80.95
Mohamed Shiraz not out 1 1 0 0 100.00


Extras 8 (b 0 , lb 2 , nb 0, w 6, pen 0)
Total 230/8 (50 Overs, RR: 4.6)
Bowling O M R W Econ
Mohammed Siraj 8 2 36 1 4.50
Arshdeep Singh 8 0 47 2 5.88
Axar Patel 10 0 33 2 3.30
Shivam Dube 4 0 19 1 4.75
Kuldeep Yadav 10 0 33 1 3.30
Washington Sundar 9 1 46 1 5.11
Shubman Gill 1 0 14 0 14.00


Batsmen R B 4s 6s SR
Rohit Sharma lbw b Dunith Wellalage 58 47 7 3 123.40
Shubman Gill c Kusal Mendis b Dunith Wellalage 16 35 2 0 45.71
Virat Kohli lbw b Wanindu Hasaranga 24 32 2 0 75.00
Washington Sundar lbw b Akila Dananjaya 5 4 1 0 125.00
Shreyas Iyer b Asitha Fernando 23 23 4 0 100.00
KL Rahul c Dunith Wellalage b Wanindu Hasaranga 31 43 2 0 72.09
Axar Patel c Kusal Mendis b Charith Asalanka 33 57 2 1 57.89
Shivam Dube lbw b Charith Asalanka 25 24 1 2 104.17
Kuldeep Yadav b Wanindu Hasaranga 2 10 0 0 20.00
Mohammed Siraj not out 5 11 0 0 45.45
Arshdeep Singh lbw b Charith Asalanka 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0)
Total 230/10 (47.5 Overs, RR: 4.81)
Bowling O M R W Econ
Asitha Fernando 6 1 34 1 5.67
Mohamed Shiraz 4 0 25 0 6.25
Dunith Wellalage 9 1 39 2 4.33
Akila Dananjaya 10 0 40 1 4.00
Wanindu Hasaranga 10 0 58 3 5.80
Charith Asalanka 8.5 0 30 3 3.53